‘රාජපක්ෂලාට බණ්ඩාරනායකවරුන් පෙන්නන්න බැරි නිසා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තියෙද්දි හම්බන්තොට රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවක් හැදුවා. රටේ ජනතාව උකස් කර හැදූ ඒ සම්මන්ත්‍රණ ශාලාවට අද මන්ත්‍රීවරයකුගේ ශාඛා සමිති කැඳවනවා. ‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා නිට්ටඹුවේ ජන හමුවක දී පැවසීය.
‘පම්පෝරි ගහන්න ගත්තා මගේ ආණ්ඩුව සැලුන් දොරක් කියා. එන්නත් පුළුවන් යන්නත් පුළුවන් කිව්වා. ඒ වුණාට සැලොන් දොරෙන් එළියට එනකොට ආරක්ෂාව නැහැ. එළියට එනකොට ෆයිල් අතට එනවා. මඩ ප්‍රහාර එනවා. ඒත් සැලුන් දොරෙන් ඇතුළට යනකොට කොමිස් එනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ කැතම දේශපාලනයකට අද අපේ රට ඇදගෙන ගිහින් තිබෙනවා. උදේ නැගිට බලන්නේ කවුරුන් පැනලද කියලයි. මුදලට ගිජු නොවන ජනතාව වෙනුවෙන් වැඩ කරන දේශපාලනයක් කළ යුතු නැද්ද? එවන් දේශපාලනයක් ගොඩනැගීමට පුල් පියවර තියන්න ඕනෑ. ඒ මුල් පියවර ජනවාරි අට වැනි දා මේ පාලනය පලවා හැරීමෙන් ආරම්භ කරන්න ඕනෑ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වගේ උගත් නැණවත් අය තම අද රටට අවශ්‍ය. ඒ වගේම ඔබ වගේ පිරිසකට තමයි අද රට තුල විශ්වසනීය වෙනසක් දෙන්න පුළුවන්.මොකද අද අප රටේ දේශපාලනයේ 75% ඉන්නේ මුදලට ගිජු අවස්ථාවාදී පිරිසක්. ඔබ හොඳ නායකයෙක් මම හැමදාමත් ඔබතුමාගේ ප්‍රතිපත්ති සහ අදහස් වලට ගරුකරමි.ඔබට ජයෙන් ජය. (හේ)
ඔබතුමාගේ ප්‍රතිපත්ති සහ අදහස් වලට ගරුකරමි. (නි)
මුදලට ගිජු නැති දේශපාලකයන් ලංකාවේ ඉන්නවාද ? ඉන්නවා නම් කරුනාකර මට කියන්නකෝ (නදී)
ඕකෙ අනිත් පැත්තනේ උනේ. මට මතක විදිහට දිව්රුම් දෙනකොටවත් චන්ද්‍රිකා මැතිණිය ගියේ නැහැ. ඡන්දෙට උදව් කලෙත් නැහැ. ඒක මට මතකයි. මගෙ මතකය බොරුවක්ද? වැරදි තියනවා ඒවා ගැන කියන්න බොරු කියන්න එපා. ඒක මහත්මා ගතියක් නොවෙයි. (දී)
බඩ නැති බෙල්ල නැති මිනිසුන් මවලා - ඔලුව නැති අයට ඡන්දෙ දෙන අපි වගේ මෝඩයින් ගස් බඳින්නයි තියෙන්නේ. (නි)
ඔබතුමා හරි. (නි)
ජනතා විමුක්ති පෙරමුණ යනු දුෂණයෙන් වංචාවෙන් තොර රටට හිතැති, ආදරය කරන, දෑත් පිරිසිදු පක්ෂයක් කියලා මුළු රටම දන්නවා. (ර)
ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයින් පිරිසක්ම සිටිනවා ඇත. වමේ කියන අපේක්ෂකයින් සමහරක්ද ඉදිරිපත්ව ඇත. ජනවාරි 8 වැනිදා මේ පාලනය පලවා හැරීමට හැකි වන්නේ කවර අපේක්ෂකයෙක් පත්කර ගැනීමෙන්ද?ජේ. වී.පි.එකේ අපේක්ෂාව එම පාක්ෂිකයින් හදුනාගත යුතුව ඇත. බොහෝ දෙනාට දිසානායක මහතා කියන දෙය තේරුම් ගත හැකි වුනත් එය සෑම කෙනෙක්ම තේරුම් ගෙන ඇතිද යන්න සැකසහිතය. (ස)
තිරුපති දෙවියෝ තව දෙන්නෙක් විපක්ෂයට යවලා. (ස)
මුදලට ගිජු නොවන දේශපාලකයා කව්ද කියන්න බලන්න (නදී)
එදත් අදත් හෙටත් රටේ නායකයා අපේ ජනාදිපති රාජපක්ෂ මහතාමයි. සිංහල කම බෞද්ධ කම රැක ගන්නට ඔහුට ආශිර්වාදය දෙන්න (නදී)
අනුර කුමාර, මහත්තයාගේ කතා බලන්න පුළුවන් ඉන්ටෙර්නෙට් එකෙන් විතරයි. මාධ්‍ය ලොකු ප්‍රචාරයක් දෙන්නේ නැ. ගමේ මිනිස්සු මේ කතා ටික හරියට ඇහුවනම් වෙන මොනවත් ඕන නැහැ. (ර)
ඔබ තුමාට තියෙන්නේ විපක්ෂ වේදිකාවට නැගලා මෛත්‍රී මහත්තයව ශක්තිමත් කරන එකයි. එහෙම කලොත් මේ රටේ වෙනසක් බලාපොරොත්තුව ඉන්න ජනතාව ඔබතුමාව වීරයෙක් කියලා පිළිගනීවි. (නදී)
ඔබතුමාලා ප්‍රශ්නයක් නිසා ඉවත්කළ සමහරුත් ඡන්දය ඉල්ලනවද කොහෙද? (නි)
ඔබතුමා 100 % හරි (දී)
අනුර මහත්තයෝ උගුරට හොර බෙහෙත් කන්න එපා. (දී)
ජනතා විමුක්ති පෙරමුණ හැමදාම හොඳ දේ හොද විදිහටත් නරක දේ නරක විදිහටත් දැක්කා (දී)
මවන්න තමයි වෙන්නේ (දී)
අනුර 100% හරි. මේ රටේ දේශපාලනය ජරා කුණු වලක් කරේ මේ අය. මිනිස්සුන්ට දේශපාලනය එපා කරා. (නදී)
මම අහපු හොඳම කථිකත්වයක් සහ දේශපාලන දර්ශනයක් තියෙන කෙනෙක් තමයි අනුර කුමාර මහතා. ඔබට ජයෙන් ජය. (ර)
ජනතා විමුක්ති පෙරමුණ හැමදාම හොඳ දේ හොද විදිහටත් නරක දේ නරක විදිහටත් දැක්කා.(හේ)
පුදුම කතා. ආණ්ඩුවට බනින කලින් විපක්ෂය ආණ්ඩුවෙන් ගන්න හදන්නේ මොකද කියල ඇහුව නම් වටිනවා. (ර)
මේ රටේ වැඩියෙන්ම සිටින්නේ අත කැපුවත් පක්ෂයට ඡන්දය දෙන වහල් ඡන්දදායකයන් පිරිසක් බැවින් ,මේ රටේ යහපත් පාලනයක් ඇතිකිරීමට නම්,රටට ආදරේ ඇති මහා සඟරුවන,අන්‍ය පුජකවරුන්,නියම මහත්මා ගති ඇති උගතුන් එක්ව බලයට පැමිණෙන දේශපාලන බල පෙරේතයන් මෙල්ල කළහැකි ජාතික පෙරමුණක් ගොඩනැගිය යුතුයි.එසේ නොවන්නේ නම් යුද හමුදාව තුළින් බිහිවෙන රටට ජාතියට ආදරය ඇති වීරෝධාර සෙනෙවියෙක් මේ රටේ රාජ්‍ය බලය අල්ලාගත යුතුයි (නි)
ඔබතුම කතා වීරයා නේ. ඔචරම හොද නැත්තන් ඔබතුමා ඉල්ලුව නම් ඉවරනේ. (ර)
පාළුව යන්න කතා කර කර ඉන්න නම් හොදයි. (ර)
එතකොට කිව්වේ මේ ජනාදිපතිවරණය නීති විරෝදී කියල.? දැන් ඇයි 8 වෙනිදට මේ පාලනය වෙනස් කරන්න කතාකරනේ.? (ර)
කෝ මහත්තයෝ අර ඔයාලගෙන් පැනලා ගිය අහවලා? එයා නැවත ගන්නවද? (නි)
කුමාර්ගේ කතාව සම්පූර්ණ ඇත්ත. ජවිපෙ කරන්න ඕන මේ කතා දේශපාලන රැලි අරඹන වෙලාවට කලින් පුළුල් තිර මත ජනතාවට පෙන්වීමයි. (ර)
ඔබ හොඳ නායකයෙක්. යුක්තිය සාදාරණය තේරුම් අරන් මහජනතාවට සේවය කරන්න (නදී) රටට දෙන් අව
ඔබ හොඳ නායකයෙක්. යුක්තිය සාධාරණය තේරුම්ගෙන මහජනතාවට ප්‍රජතන්ත්‍රවාදී අයිතිය ලබාදෙන්න (නි)
ඔයාට බැරිද ඡන්දෙ ඉල්ලලා ආණ්ඩුව පරදන්න.අනුන් පරදනතුරු ඇයි බලාගෙන ඉන්නේ.කතාවෙන් බැහැ ඕවා කරන්න.පුළුවන් නම් අඩුම ගානේ ඡන්ද ලක්ෂ පහක් අරගෙන පෙන්වන්න. එතකොට මගේ ඡන්දෙත් ඔයාලට (නි)
දේශපාලන කුහක කම කියන්නේ මේවට තමයි (නදී)
අනිවාර්යයෙන්ම මේ පාලනය වෙනස් කරන්න ඕනෑ (නි)
අශෝක , බලන්නකෝ 8 වෙනිදට මොකද වෙන්නේ කියලා (නි)
ඇත්ත නිවැරදිව දකින කියන ඔබේ පාලනයකට අපි කැමැතියි (නි)
අනුර මහත්තයාට මුළු ලංකාවම අද ගරුකරනවා. ඒ ඔබ කවදත් ඇත්ත කතා කරන නිසා. ඔබ නියම ජනතා නියෝජිතයෙක්. නියම වීරයෙක්. ඔබගේ ආරක්ෂාවයි අපට වැදගත්. (නි)
ජාතික පෙරමුණ ගැන අපි නම් අහලා නැහැ (නි)
ඔබ තුමාලා වැවක් කියා අපේ ගමේ බෝක්කුවක් හැදුවා. (නදී)
කැළණිය විශ්වවිද්‍යාලයෙන් බිහිවුන විශිෂ්ඨ දේශපාලකයෙක්. ඔබ වැනි පිරිස් මේ රටට අවශ්‍යයි. (ස)
උගුරට හොරා බෙහෙත් කන්න බැහැ අනුර මහත්තයෝ (නි)
කතාව ඇත්ත තමයි. (ර)
ඔබතුමා හරියට හරි. ජනවාරි අට වැනිදායින් පස්සේ මේ ගේම අතාරින්න හොද නැහැ. (ර)
අනුර කුමාර ඔබගේ කතාව හරි. එත් ක්‍රියාවෙන් නැහැනේ.දැන් අවශ්‍ය කතාව නොව වැඩ කළහැකි අවංක නායකත්වයක්.(හේ)
කැතම දේශපාලනේ දැක්කේ ඒ කලේ මහත්තයෝ. පිරිමි දරුවන්ව ගෙවල් අස්සේ හංගගෙන අපේ අම්මල හිටිය අපිට හොඳ හැටි මතකයි.ගෙදරින් එලියට බැස්සම ගෙදර එයිද කියල දන්නේ නැති කාලයක් තිබ්බ. මේ කියන මහත්තයත් ඔව්වට සම්බන්ද ඇති. දැන් තොත්ත බබ්බු වෙන්න හදනවා. (බ)
කතාව හරියට හරි අනුර කුමාර මහත්තයෝ. (බ)
මුදලට ගිජු නැති දේශපාලනයක් මේ රටේ ඇති කිරීමට ඔබට ශක්තිය වාසනාව ලැබේවා. (බ)
ජනතා විමුක්ති පෙරමුණ මේ රට අවුරුදු දහයක් පාලනය කළා නම්,රට හැදිලා. (බ)
තිරුපති වැඳල ගොඩබැස්ස විතරයි ඔන්න තව දෙන්නෙක් යන්න ගිහින් (බ)
ලඟ හිටියා නම් අනුර කුමාර මහත්තයාගේ කටට ටොපි අහුරක් දානවා කියපු කතාවට. (ර)