
(යොහාන් භාසුර)
මගීන්ගෙන් මුදල් ලබාගෙන ප්‍රවේශපත් නිකුත් නොකළ ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ලංගම) කොන්දොස්තර මහත්වරු තිදෙනකුගේ සේවය අත්හිටුවීමට නියමිත බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ උසස් නිලධාරියකු පැවසීය.
මොනරාගල සිට මාකුඹුර සහ ගාල්ල සිට කඩවත දක්වා අධිවේගී මාර්ගයේ බස් රථ දෙකක සහ තංගල්ල සිට ඇඹිලිපිටිය දක්වා සාමාන්‍ය සේවා බස් රථයක කොන්දෝසතර මහත්වරු තිදෙනකුට මුදල් ලබාගෙන ප්‍රවේශපත් නිකුත් නොකළ බවට චෝදනා එල්ල වී ඇති බවත් ජංගම පරීක්‍ෂණ නිලධාරීන් කළ විශේෂ වැටලීමකදී එම කොන්දොස්තර මහත්වරු හදුනාගත් බවත් එම නිලධාරියා සඳහන් කළේය.
මොනරාගල සිට මාකුඹුර දක්වා බස් රථයේ රුපියල් 2,190 ක ප්‍රවේශපතක්, ගාල්ල සිට කඩවත දක්වා බස් රථයේ රුපියල් 1,190 ක් වටිනා ප්‍රවේශපත් 9 ක් සහ තංගල්ල සිට ඇඹිලිපිටිය දක්වා බස් රථයේ ප්‍රවේශපත් 5 ක් සඳහා මුදල් ලබාගෙන ප්‍රවේශපත් දී නොමැති යැයි මෙහෙයුමේදී සොයගත හැකි වූ බව කී එම නිලධාරියා අදාල බස් රථවල කොන්දොස්තර මහතුන් පිළිබඳව නීතිමය කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.
ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන ජංගම පරීක්‍ෂක වොෂින්ටන් රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මෙම මෙහෙයමු ක්‍රියාත්මක කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලු ලෝගුව මේ අය බේරාගනී..! මින්පසු ලංගම බස්වල මඟියෙක් ලෙසද ඇතුලුවීම තහනම් කරයි... ඇඟිලි සලකුණු සෑම බස්නැවතුම් පලකටම ලබාදේ..!