රුපියල් බිලියන හාරසියක (කෝටි 40000) භාණ්ඩාගාර බිල්පත් ලබා ගැනීමට රජය ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (7)පරාජය විය.
පනතට එරෙහිව ඡන්ද 52ක් දපක්ෂව ඡන්ද 31 ක් ද ලැබිණි. ඡන්දය විමසන අවස්ථාවේ අගමැති හෝ මුදල් ඇමැති පාර්ලිමේන්තුවේ සිටියේ නැත.
රජයේ සේවක වැටුප් ගෙවීම් ඇතුළු හදිසි කටයුතු සඳහා මුදල් අවශ්‍ය බව යෝජනාවේදී රජය කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
කලින් තිබුනේ සර්ව බලධාරී ආණ්ඩුවක් වගේනේ මෙතන සමහරු කතාකරන්නේ! (නි)
සම්පූර්ණ 225ම පාර්ලිමේන්තුවේ නොසිටි වෙලාවක මෙය තැබුවේ ඇයි කියන ගැටළුව මට නම් මතුවෙනවා (නි)
ජපානයේත් මේ වගේම ආණ්ඩු පෙරළීමක් වුණා, බොරු පොරොන්දු දීලා. අවුරුදු 50 ක් විතර හිටපු ආණ්ඩු පක්ෂය පරාජයකරලා , විරුද්ධ පක්ෂය දිනුවා. දුන් පොරොන්දු ඉටුකරගන්න බැරුව, අවුරුදු 3නෙන් පාර්ලිමේන්තුවෙන් යන්න වුණා. නැවත පරණ පක්ෂය ඇවිල්ලා. මිනිසුන්ට අමාරු වුණත් දීර්ඝකාලීනව කල්පනා කරලා වැඩකරනවා (නි)
මහින්ද, ඔබ වැරිද නිවැරදි කරගෙන එන්න රට බාරගන්න. ළඟ ඉන්න හොරු නැතුව ලංකාවේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාම එකතු කරගන්න බලන්න. එතකොට තමා ගමන යන්න පුළුවන්. (නි)
රජය අස්ථාවර එකක් .(ස)
සමන් කියන විදියට මහින්ද මහත්තයා එන්නේ කොහොමද? ඔබ කියන විදියට හොරු ටික ඉවත්කරලා දැම්මා කියමුකෝ. එතකොට කවුද ඉන්නේ. එයාගේ වැරදි නිවැරදි කරගත්තොත් අන්තිමට ඉතුරු වෙන්නේ එයා විතරයි නේද? (නි)
පර්සි, 225 ම කවදාවත් ඔතන නැහැ. (නි)
අනේ අජිත්, පාර්ලිමේන්තුවේ අය නැතුවට තව උගතුන් රටේ ඉන්නවා (නි)
භාණ්ඩාගාරේ බංකොලොත් නම් මේ සල්ලි ගන්න හදන්නේ කොහෙන්ද දන් නෑ. (ස)
ලොකු නෝනා කිව්වනේ රට බංකොලොත් කියල.. (ස)
කිසිම සැලැස්මක් නැති ආණ්ඩුවක් . ඕනෑම පොඩි එකෙකුට තේරෙනවා අදායම කපාගෙන වියදම වැඩි කරන කොට මෙහෙම දේ වෙන බව. බොරුවට හොරු කියා කියා ඉන්නවා. හැබැයි හොරකම ඔප්පු කරගන්න බැහැ. මේවා ඡන්ද කතා කියල හැමෝම තේරුම් අරන් ඉවරයි. ඊලග මැතිවරණයකදී යුඇන්පී ය හේදිලා යනවා ෂුවර්. (ස)
ඕනෑම පොඩි එකෙකුට තේරෙනවා අදායම කපාගෙන වියදම වැඩි කරන කොට මෙහෙම දේ වෙන බව. බොරුවට හොරු කියා කියා ඉන්නවා. හැබැයි හොරකම ඔප්පු කරගන්න බැහැ. (දී)
බැරි දේ නොකරන් අබරෝ (දී)
ඔලු දෙකක් -අමුතු ජාතික රජයක්-නැත හෙටක්. (ස)
කියන දෙයක් කරන්නත් බෑ කරන දෙයක් කියන්නත් බෑ ( දී)
භාණ්ඩාගාරයේ සල්ලි නැද්ද ( දී)
රනිල් හිතන විදියට නටන්න බැහැ කියන එක දැන් ඔහුට වැටහුනොත් හොඳයි , පිනට අගමැති උන එකම ඇති. (ස)
යහපාලනය කියල ජනතාව රවටල ජන්ද අරන් දැන් එක තීරණාත්මක තීන්දුවක් ගන්න බැරිව ඇඹරෙනවා. බැරි දේවල්වලට අත දැම්මම ඔහොම වෙනවා. මීලග ජන්දෙදි එ.ජා.ප යට දෙයියන්ගෙම පිහිටයි! (දී)
මම නම් මේවා දැනගෙන හිටියා (දී)
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමටලු (ස)
මුදල් ඇතිවෙන්න රජයට ලැබෙනවා කියලා කීවා නේද ? (ර)
පරදින එක අහන්නත් දෙයක්ද. (ර)
බොරුව පවතින්නේ නෑ කියන එක ඇත්ත උනා. (ස)
විෂය භාර ඇමති හා අගමැති නැතිවද පනත ගැන විවාද පැවැත්තුවේ. පුදුම පාර්ලිමේන්තුවක්නේ මේක. හැබැයි පනත සම්මතකරගෙනත් ඉවරයි. මෙතුමන්ලා එහෙනම් අනිවාර්යෙන්ම වරද පිළිගත යුතුයි නේද? (නදී)
පක්ෂ දෙකෙන්ම කට්ටිය ඉඳලත් දිනන්න බැරි නම් ඒ කියන්නේ ආණ්ඩුව දුර්වලයි කියන එක නේද? ඉදිරියට ඉතා අමාරු වෙයි වගේ. (නි)
රටේ ආර්ථිකය පිරිහිලා නම් මාස තුනකට පෙර සිටි ආණ්ඩුව වගකිවයුතුයි.දැන් තිබෙන ආණ්ඩුවට තවම දින 100 වත් නැහැ. (නි)
මෙතන අදහස් දාල තියන බොහෝ අය මුදලේ පනතේ හා රේගුලාසියේ වෙනස දන්නේ නැහැ. මුලින් එ්කේ වෙනස ඉගෙනගෙන අදහස් දාන්න. (ස)
මේ මොනවද සිද්ධවෙන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)
ඡන්දය විමසන අවස්ථාවේ සමහරු මඟහැරියේ ඇයි? (නි)