අද පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමන් ඇතුළු පිරිසකට අපහාස වන අන්දමින් කථා කළ බවත් මුදල් පනතක් ස්ථාවර නියෝගවලට පටහැනිව ඉදිරිපත් කිරීමත් යන කරුණු මුල් කරගනිමින් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව ඉදිරිපිට පිවිසුම් මාර්ගය අසල නිහඬ විරෝධතාවයක නිරතවූහ.
දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිළ, ප්‍රසන්න රණතුංග, වාසුදේව නානායක්කාර, නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් එම උද්ඝෝෂණයට එක්ව සිටියහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටියගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. (නි)
ගින්දර නැහැ, දුම විතරයිනේ. (නි)
මට නම් පෙනෙන්නේ කලින් සූදානම්වෙලා ඇවිල්ලා තියෙනවා වගේ (නි)
එදා කළ කී දේ අද පල දීම (ම)
රනිල්ගේ පරණ පුරුදු මතුවෙලා (ම)
මේ අය අලියාගේ බඩයටින් රිංගෙව්වොත් හරියන්න පුළුවන් (බ)
රනිල් නැවතත් මෝඩකම පෙන්නුවා. එයාට දැන් සත්තුන්ගේ නම් කට පාඩම් වගේ .(බ)
මේ හවුල් කැඳ හැලිය හරියන මගුලක් නොවෙයි, ඔය විදිහටම රණ්ඩු කරගෙන විසිර යාවි. (අ)
කචල් සෙට් එක අදත් එලියට බැහැල නේද ? (අ)
හිතා ගන්න බැරි කට්ටියක්.
මෙතන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාද වුණ අයත් ඉන්නවා. (අ)
අති ගරු ජනාධිපති තුමාත් , ගරු අගමැති තුමාගේ දේවල් වලට විරෝධය පාන්නේ නැතිනම් මොකටද මෙයාලා විරෝධය පාන්නේ ? කවුද මෙයාල ගේ විරෝධය ගණන් ගන්නේ , මෙහෙම තම පක්ෂ නායකයාට විරුද්දව ක්‍රියා කළහොත් ආසන සංවිධායක කම නැතිවේවි, විනය පරීක්ෂණ එවි , අනෙක් පැත්තෙන් මුල්‍ය පොලිස් අපරාද අංශයට යන්න වේවි , ඇත්තටම මෙයා ලට පිස්සුද ? නැතිනම් මෙයා ලව තෝරපු අපිට් පිස්සුද ? දැන් වෙනස් කල යුත්තේ ඡන්දෙ ඉල්ලන උදවියද , එහෙම නැතිනම් ඡන්දෙ දාන උදවියවද ? (අ)
කෝ නීතිය අපේ රටේ නීතියක් නැද්ද? ඇයි මේ අයව අත්අඩංගුවට ගන්නේ නැත්තේ? රථ වාහන අංගනය හරස් කරගෙන, පාර හරස් කරගෙන මේවගේ දේවල් කරන එක කොච්චර වැරදිද? (ම)
මේ අර මරගේ හොර නඩය නේද? (අ)
ඡන්දය අරගෙන පාර්ලිමෙන්තුවට රගපාන්න යන උදවිය. මේ සියලු දෙනා දගලන්නේ බලය සහ ධනය වෙනුවෙන්. (බ)
තව ඇමති කටු ටිකක් දුන්නනම් ඉවරයි (බ)
මුදල් පනතක් සම්බන්ධව වාද කිරීමට මේ අයට දැනුමක් නැහැ.(ම)
අග්‍රාමාත්‍යවරයා තමන්ගේ තනතුරේ ගෞරවය ආරක්ෂා කර ගත යුතුයි. (බ)
අපේ රටේ සමහර අය දුෂකයන්ට ඡන්දෙ දුන්නනේ. කමක් නැහැ (අ)
හිටපු ලොක්කව අමාරුවේ දාපු කට්ටිය එලියට බැහැල ඉන්නේ කවුද කපු ටකරන්ද නේද. (අ)
මරු සෙට් එකනේ. (අ)
ප්‍රසන්න කියන්නේ 10 පන්තියට විතරක් ඉගෙන්ගත්ත අයත් මෙතෙන ඉන්නවා (අ)
කෝ විමල් සහ මහින්ද (බ)
මෙම කට්ටිය බලන්නේ කොහොම හරි කඩාකප්පල් වැඩ කරලා මුණු දාගන්න මොකක් හරි හේතුවක් හොයනවා (බ)
ශ්‍රී ලංකා ඉතිහාසේ පවතී සදාචාරි විරෝධී පාර්ලිමේන්තුව ලෙස මෙය ඉතිහාස ගතවනු ඇත . දිනපු කණ්ඩායමට ආණ්ඩුවක් නැත , පැරදුනු කණ්ඩායමට විපක්ෂයක් නැත , සියලුම ප්‍රතිවිරුද්ධ දරන මන්ත්‍රී වරුන්ගේ කටවල් වලට නිල බලයෙන් තම පක්ෂ නායකයා ඉබි දමා ලොක් කර ඇති අතර , පාර්ලිමේන්තුවේ කතා කරන්න බැරිවෙන විදිහට අගමැති තුමා නීති දමා හා තර්ජනය කර ඇත . මේ වාගේ විලම්බීත පාර්ලිමේන්තු සංස්කෘතියක් මම නම් අර ජේ ආර් මහතා ගේ කාලේවත් අසා නැත . අපේ ප්‍රබුද්ධ පාඨකයෝ පාට කන්නාඩි දමා ගෙන සුපුරුදු ලෙස හුරේ දාන්නේ ප්‍රජාතන්ත්‍ර වාදය වැලලෙන බව නොදැන වෙන්න බැහැ නේද ? දැන් පැමිණ ඇත්තේ ඡන්ද අපේක්ෂකයි නොවේ ඡන්ද දායකයෝ වෙනස් කළ යුතු යුගයයි (බ)
එ්යි ලොකුගේ මහත්තයෝ අර අලුතෙන් පාසිකුඩාවල හදා ගත්තු හෝටල් බලා ගෙන හිටිය නම් මොකද? තවත් හම්බ කළා මදිද ඔයාලට? අනේ පව් ඔයාල අපි වෙනුවෙන් ඇයි ඔච්චර දුක් වෙන්නේ? (බ)
අද කාලේ මිනිස්සු බොහොම බුද්ධිමත් මහත්තයෝ (නි)
කෝ මේ ලෙමන් පෆ් මන්ත්‍රීතුමා ??? (බ)
මුදල් පනතක් පිළිබඳ විවාද කරන්න කාගෙන්හරි අහලා උපදෙස් අරගෙන එන්න ඕනෑ. ඡන්දෙ දීපු අපි අපිම බූවල්ලකින් තලාගන්නවා හැර වෙන කරන්න දෙයක් නැහැ (නි)
ලිච්චවි රාජ්‍ය පාලනය ආරම්භ කළා පමණයි.( සමගියෙන් රැස්වී, සමගියෙන් සාකච්ඡ කර සමගියෙන් විසිර යාම). (බ)
ආ! මේ ඉන්නේ අපේ කට්ටිය (නි)
හැබැයි කවුරු වුණත් වැරදි වචන කිවුවා නම් ඒකත් වැරදියි. (නි)
ලබන ගමන කතිර සෙල්ලමෙන් ගෙදරට වෙලා නවගුණ වැල ගණන් කරන්න ලකුණු එකතු කරන ධන ඝෘණ කට්ටියක් වගේ. (අ)
මට පෙනෙන්නේ ගිය පාරෙන් පාඩමක් ඉගෙනගෙන වගේ. (නි)
අපි නම් මේ එක පැත්තකටවත් නැහැ (නි)