IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මුදල් පනත විවාදයට ගත්තාට නිහඬ විරෝධයක්

අද පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමන් ඇතුළු පිරිසකට අපහාස වන අන්දමින් කථා කළ බවත් මුදල් පනතක් ස්ථාවර නියෝගවලට පටහැනිව ඉදිරිපත් කිරීමත් යන කරුණු මුල් කරගනිමින් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව ඉදිරිපිට පිවිසුම් මාර්ගය අසල නිහඬ විරෝධතාවයක නිරතවූහ.

දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිළ, ප්‍රසන්න රණතුංග, වාසුදේව නානායක්කාර, නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් එම උද්ඝෝෂණයට එක්ව සිටියහ.

parlimnt_20159230012bd5f122e48a parlimnt_20159230012bd5f122e48a3 parlimnt_20159230012bd5f122e48a43 parlimnt_20159230012bd5f122e48a483 parlimnt_20159230012bd5f122e48a4834 parlimnt_20159230012bd5f122e482a parlimnt_20159230012bd5f122e483a



අදහස් (0)

මුදල් පනත විවාදයට ගත්තාට නිහඬ විරෝධයක්

අජිත් කරුණාරත්න Thursday, 24 September 2015 01:06 AM

මේ කට්ටියගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 24 September 2015 01:08 AM

ගින්දර නැහැ, දුම විතරයිනේ. (නි)

:       0       0

චන්ද්‍රරත්න Thursday, 24 September 2015 01:09 AM

මට නම් පෙනෙන්නේ කලින් සූදානම්වෙලා ඇවිල්ලා තියෙනවා වගේ (නි)

:       0       0

දුමින්ද Wednesday, 23 September 2015 11:19 AM

එදා කළ කී දේ අද පල දීම (ම)

:       0       0

නිෂා Wednesday, 23 September 2015 11:30 AM

රනිල්ගේ පරණ පුරුදු මතුවෙලා (ම)

:       0       0

සෝමා රාජපක්ෂ යටියන Thursday, 24 September 2015 02:24 AM

මේ අය අලියාගේ බඩයටින් රිංගෙව්වොත් හරියන්න පුළුවන් (බ)

:       0       0

සිරි Thursday, 24 September 2015 02:34 AM

රනිල් නැවතත් මෝඩකම පෙන්නුවා. එයාට දැන් සත්තුන්ගේ නම් කට පාඩම් වගේ .(බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 23 September 2015 11:57 AM

මේ හවුල් කැඳ හැලිය හරියන මගුලක් නොවෙයි, ඔය විදිහටම රණ්ඩු කරගෙන විසිර යාවි. (අ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 23 September 2015 11:59 AM

කචල් සෙට් එක අදත් එලියට බැහැල නේද ? (අ)

:       0       0

ජයවීර Wednesday, 23 September 2015 12:00 PM

හිතා ගන්න බැරි කට්ටියක්.

:       0       0

නිහාල් Wednesday, 23 September 2015 11:59 AM

මෙතන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාද වුණ අයත් ඉන්නවා. (අ)

:       0       0

මහානාම - කඳාන Wednesday, 23 September 2015 12:01 PM

අති ගරු ජනාධිපති තුමාත් , ගරු අගමැති තුමාගේ දේවල් වලට විරෝධය පාන්නේ නැතිනම් මොකටද මෙයාලා විරෝධය පාන්නේ ? කවුද මෙයාල ගේ විරෝධය ගණන් ගන්නේ , මෙහෙම තම පක්ෂ නායකයාට විරුද්දව ක්‍රියා කළහොත් ආසන සංවිධායක කම නැතිවේවි, විනය පරීක්ෂණ එවි , අනෙක් පැත්තෙන් මුල්‍ය පොලිස් අපරාද අංශයට යන්න වේවි , ඇත්තටම මෙයා ලට පිස්සුද ? නැතිනම් මෙයා ලව තෝරපු අපිට් පිස්සුද ? දැන් වෙනස් කල යුත්තේ ඡන්දෙ ඉල්ලන උදවියද , එහෙම නැතිනම් ඡන්දෙ දාන උදවියවද ? (අ)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 24 September 2015 03:05 AM

කෝ නීතිය අපේ රටේ නීතියක් නැද්ද? ඇයි මේ අයව අත්අඩංගුවට ගන්නේ නැත්තේ? රථ වාහන අංගනය හරස් කරගෙන, පාර හරස් කරගෙන මේවගේ දේවල් කරන එක කොච්චර වැරදිද? (ම)

:       0       0

රෝහිත Wednesday, 23 September 2015 12:06 PM

මේ අර මරගේ හොර නඩය නේද? (අ)

:       0       0

එඩ්වඩ් වීරසිංහ Wednesday, 23 September 2015 12:06 PM

ඡන්දය අරගෙන පාර්ලිමෙන්තුවට රගපාන්න යන උදවිය. මේ සියලු දෙනා දගලන්නේ බලය සහ ධනය වෙනුවෙන්. (බ)

:       0       0

ස්මිත් Wednesday, 23 September 2015 12:10 PM

තව ඇමති කටු ටිකක් දුන්නනම් ඉවරයි (බ)

:       0       0

රොහණ Thursday, 24 September 2015 03:21 AM

මුදල් පනතක් සම්බන්ධව වාද කිරීමට මේ අය‍ට දැනුමක් නැහැ.(ම)

:       0       0

සුනිමල් Wednesday, 23 September 2015 12:17 PM

අග්‍රාමාත්‍යවරයා තමන්ගේ තනතුරේ ගෞරවය ආරක්ෂා කර ගත යුතුයි. (බ)

:       0       0

සරණපාල Wednesday, 23 September 2015 12:55 PM

අපේ රටේ සමහර අය දුෂකයන්ට ඡන්දෙ දුන්නනේ. කමක් නැහැ (අ)

:       0       0

රොහාන් Wednesday, 23 September 2015 01:04 PM

හිටපු ලොක්කව අමාරුවේ දාපු කට්ටිය එලියට බැහැල ඉන්නේ කවුද කපු ටකරන්ද නේද. (අ)

:       0       0

දර්ශන Wednesday, 23 September 2015 01:57 PM

මරු සෙට් එකනේ. (අ)

:       0       0

චන්න Wednesday, 23 September 2015 02:25 PM

ප්‍රසන්න කියන්නේ 10 පන්තියට විතරක් ඉගෙන්ගත්ත අයත් මෙතෙන ඉන්නවා (අ)

:       0       0

පියුමි Wednesday, 23 September 2015 02:45 PM

කෝ විමල් සහ මහින්ද (බ)

:       0       0

රොහාන් පෙරේරා Thursday, 24 September 2015 05:22 AM

මෙම කට්ටිය බලන්නේ කොහොම හරි කඩාකප්පල් වැඩ කරලා මුණු දාගන්න මොකක් හරි හේතුවක් හොයනවා (බ)

:       0       0

මහානාම - කඳාන Wednesday, 23 September 2015 02:51 PM

ශ්‍රී ලංකා ඉතිහාසේ පවතී සදාචාරි විරෝධී පාර්ලිමේන්තුව ලෙස මෙය ඉතිහාස ගතවනු ඇත . දිනපු කණ්ඩායමට ආණ්ඩුවක් නැත , පැරදුනු කණ්ඩායමට විපක්ෂයක් නැත , සියලුම ප්‍රතිවිරුද්ධ දරන මන්ත්‍රී වරුන්ගේ කටවල් වලට නිල බලයෙන් තම පක්ෂ නායකයා ඉබි දමා ලොක් කර ඇති අතර , පාර්ලිමේන්තුවේ කතා කරන්න බැරිවෙන විදිහට අගමැති තුමා නීති දමා හා තර්ජනය කර ඇත . මේ වාගේ විලම්බීත පාර්ලිමේන්තු සංස්කෘතියක් මම නම් අර ජේ ආර් මහතා ගේ කාලේවත් අසා නැත . අපේ ප්‍රබුද්ධ පාඨකයෝ පාට කන්නාඩි දමා ගෙන සුපුරුදු ලෙස හුරේ දාන්නේ ප්‍රජාතන්ත්‍ර වාදය වැලලෙන බව නොදැන වෙන්න බැහැ නේද ? දැන් පැමිණ ඇත්තේ ඡන්ද අපේක්ෂකයි නොවේ ඡන්ද දායකයෝ වෙනස් කළ යුතු යුගයයි (බ)

:       0       0

පුබුදු Wednesday, 23 September 2015 02:59 PM

එ්යි ලොකුගේ මහත්තයෝ අර අලුතෙන් පාසිකුඩාවල හදා ගත්තු හෝටල් බලා ගෙන හිටිය නම් මොකද? තවත් හම්බ කළා මදිද ඔයාලට? අනේ පව් ඔයාල අපි වෙනුවෙන් ඇයි ඔච්චර දුක් වෙන්නේ? (බ)

:       0       0

උදය Wednesday, 23 September 2015 04:11 PM

අද කාලේ මිනිස්සු බොහොම බුද්ධිමත් මහත්තයෝ (නි)

:       0       0

පෙරේරා Thursday, 24 September 2015 06:29 AM

කෝ මේ ලෙමන් පෆ් මන්ත්‍රීතුමා ??? (බ)

:       0       0

නිමල් Wednesday, 23 September 2015 04:45 PM

මුදල් පනතක් පිළිබඳ විවාද කරන්න කාගෙන්හරි අහලා උපදෙස් අරගෙන එන්න ඕනෑ. ඡන්දෙ දීපු අපි අපිම බූවල්ලකින් තලාගන්නවා හැර වෙන කරන්න දෙයක් නැහැ (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 24 September 2015 07:11 AM

ලිච්චවි රාජ්‍ය පාලනය ආරම්භ කළා පමණයි.( සමගියෙන් රැස්වී, සමගියෙන් සාකච්ඡ කර සමගියෙන් විසිර යාම). (බ)

:       0       0

තරංග Wednesday, 23 September 2015 06:33 PM

ආ! මේ ඉන්නේ අපේ කට්ටිය (නි)

:       0       0

නුවන් Wednesday, 23 September 2015 07:05 PM

හැබැයි කවුරු වුණත් වැරදි වචන කිවුවා නම් ඒකත් වැරදියි. (නි)

:       0       0

නිමල් Thursday, 24 September 2015 07:30 AM

ලබන ගමන කතිර සෙල්ලමෙන් ගෙදරට වෙලා නවගුණ වැල ගණන් කරන්න ලකුණු එකතු කරන ධන ඝෘණ කට්ටියක් වගේ. (අ)

:       0       0

රකිත් Wednesday, 23 September 2015 11:47 PM

මට පෙනෙන්නේ ගිය පාරෙන් පාඩමක් ඉගෙනගෙන වගේ. (නි)

:       0       0

සරත් Thursday, 24 September 2015 12:23 AM

අපි නම් මේ එක පැත්තකටවත් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site