රවී කරුණානායක මුදල් අමාත්‍යවරයාත් මුදල් අමාත්‍යාංශයත් දුම්කොළ සමාගම් වෙනුවෙන් පෙනී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා අද (29) ප්‍රකාශ කළේය.
ජනාධිපති අරමුදලට මුදල් දෙන්නැයි හිරිකිතයකින් තොරව මුදල් අමාත්‍යවරයා දුම්කොළ සමාගම්වලින් අයවැය යෝජනාවක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටින බව ද වෛද්‍ය සොයිසා මහතා කීවේය.
“ සෞඛ්‍යයට වියදම් කරන්න මුදල් නැතැයි මේ ආණ්ඩුව කියනවා. ජනාධිපති අරමුදලට දෙන්න සල්ලි නැහැයි මුදල් ඇමතිවරයා කියනවා. දුම්කොළ සමාගම්වලින් සල්ලි අරගෙන දුම්කොළ නැවැත්වීමේ වැඩපිළිවෙළ කරගෙන යන බව මුදල් ඇමතිවරයා කියනවා. දුම්කොළ සමාගම් රුපියල් මිලියන පන්සියයක් දෙන්න කැමති බව කියනවා.
දුම්කොළ සමාගම්වලට බද්දක් පැනවීමට ගිය අවස්ථාවේ මුදල් අමාත්‍යාංශය ඊට විරුද්ධ වුණා. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැහැදිලිව ඒ බව කියා සිටියා. මුදල් අමාත්‍යාංශය ලැජ්ජාවකින් තොරව බද්ද පැනවීමට විරුද්ධව පෙනී සිටියා.
රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යධුරය දරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ. එවැනි තත්ත්වයක ජනාධිපතිවරයාට මුදල් අමාත්‍යවරයා මුදල් වෙන් කරන්නේ එහෙමයි.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුසිල්, ප්‍රදීප්, පෞද්ගලික අංශයේ පමණක් සේවය කරන වෛද්‍යවරයෙක් හෝ ඉහළ නිලධාරියෙක් රුපියල් ලක්ෂ 2 ක් සඳහා ගෙවන බද්ද රුපියල් 6,000/- යි. එ්ත් රජයේ වෛද්‍ය වරයෙක්, ඉහළ නිලධාරියෙක් හෝ ගුරුවරයෙක් රජයේ ආදායම හා පුද්ගලික සේවයේ ආදායම යන දෙකෙන්ම ලක්ෂ 2ක් ලැබුවොත් බද්ද රුපියල් 20,000/-. ඉතින් ඒක සාධාරණද? (බ)
නිරුවත් වානරයන්ට සභ්‍යත්වය කතා කළ හැකිද ? (බ)
ඔබතුමා වෛද්‍ය රැකියාවෙන් අස්වෙලා දේශපාලනය කරනවානම් හොඳයි මොකද ඔබ කතාකළ යුත්තේ ඔබගේ සේවා ගැටළු ගැන මිස රජයේ අය වැය පිළිබඳව නොවේ. (බ)
කොහොමටත් දැන් මහජනතාවටත් ගානක් නැති බව දන්නේ නැද්ද. (නි)
සෞඛ්‍යය අමාත්‍යංශයට සල්ලි වෙන්කරලා කොහොමද. මන්ත්‍රීවරුන්ගේ පඩි වැඩි කරන්න. ලංකාවම කියන්නේ දියවන්නාවේ කට්ටිය විතරයි කියලයි මේ අය හිතාගෙන ඉන්නේ. (නි)
දොස්තරලට බැනලා ප්‍රශ්න විසඳන්න බැහැ. සෞඛ්‍ය ඇමතිට මහජන මුදලින් කාර් ගන්න පුළුවන්, නෞකාවන් ගන්න පුළුවන්, නමුත් ඒවාට බනින කෙනෙක් නැහැ. මෙතන මීහරක් රැල වගේ මෝඩ අදහස් දාගෙන එකිනෙකාට බැණ ගන්නවා. නියම ප්‍රශ්නය, එනම් දූෂිත දේශපාලුවෝ, අමතක කරගන්නවා. (බ)
මේ පාර ආණ්ඩුවට වැරදුනොත් වරදින්නේ ඔන්න ඔය කියන මුදල් ඇමතිතුමා නිසා තමයි..... (නි)
සමහරු නිතරම බලන්නේ තනතුරෙන් බැබළෙන්නටය. අද සිදුවන්නේ එවැනි බැබළීමකි. ජනතාව රූපවාහිනී ප්‍රවෘත්ති පවා බලන්නේ අරඹා ටික වෙලාවක් ගිය පසුවය. (නි)
මේ අය හරිම දක්ෂයි. මේගොල්ලො කැමති නැහැ චැනල් ආදායමට බදු අය කරනවට. ඒ අය කියන්නෙ චැනල් කරන්නෙ ලැබෙන පඩිය මදි නිසාලු. ඒ නිසා මේ දෙන්නෙකුටම දෙන්න මුදල් ඇමතිකමයි, නියොජ්‍ය ඇමතිකමයි. (නි)
රවි ඇමතිතුමාලට හිරිකිතක් තියනවා නම් දුප්පත් ජනයාට මෙතරම් විශාල බදු පටවනවද. මෙහෙම බදු පටවමින් ආදායම් හොයනවා නම්, රජයක් හෝ ඇමැති කෙනෙක් හෝ අවශ්‍ය නැහැ. සාමාන්‍ය මිනිහාටත් පුළුවන්. (නි)
ඒ ගොල්ලෝ හැමෝගෙම ඔය ලැජ්ජා සහ හිරිකිත නහර කපලා තියෙන්නේ පොඩි කාලෙම. ඉතින් එහෙම අයගෙන් අපි කොහොමද මීටවැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්නේ? (නි)
දේශපාලකයන්ට පිස්සුද? නැත්නම් අපිට පිස්සුද? (නි)
බලයේ ඉන්න රජයේ ප්‍රධාන කණ්ඩායම් දෙක වූ ශ්‍රී ල නි ප ය සහ එ.ජා.ප ය අතර පොදු අරමුණක් වෙනුවෙන් "යුග දිවියකට" එළඹුනත් එය ආදරය, සෙනෙහස හා ප්‍රේමය මුල්කොටගෙන සිදුවුණ විවාහයකට වඩා හුදු කායික පහස සඳහා එක්වූ අශුද්ධ සන්ධානයක් බව දෙපැත්තට අදිමින් යන මේ ගමනින් හොඳට පැහැදිලි වෙනවා. සමහර පවුල් වල පුරුෂයා ගැහැණිය වී ගැහැණිය පුරුෂයා වූ විට සිදුවන කොලොප්පම මේ දිනවල කරළියටත් ඇවිදින් (නි)
හිරිකිතක් තියනවා නම් තමන්ගේම පඩි සහ දීමනා වැඩි කරගන්න මේගොල්ලෝ මෙච්චර කෑදර වෙනවද? මීටපස්සේ මම නම් කවදාවත් මේ අයට ඡන්දෙ දෙන්නේ නැහැ (නි)
මුලින්ම ඔබලා පුද්ගලික චැනලින් වලින් ලබන අධික අාදායමෙන් අවංකව බදු ගෙවන්න. එතකොට ආණ්ඩුවට සල්ලි ලැබෙයි (නි)
හිරිකිතය කියන දෙය හැමෝටම දැනෙන දෙයක් නොවේ. ලැජ්ජා භය කියන දෙයත් ඒ වගේමයි. ඊටත් වඩා විශේෂයෙන් දේශපාලකයන් අතර මෙකී ලක්ෂණ දකින්නට නොලැබීම සමස්ත ඛේදවාචකය තීව්‍ර කිරීමට හේතු වී තිබෙනවා. දුම්කොළය නොව උඳුපියලි කොළයට වුණත් මුවාවෙලා අතයටින් වැඩ කරගන්න මේ කවුරු කවුරුත් හොඳට දන්නවා. (නි)
මුදල් අමාත්‍යංශයට හිරිකිතක් නැහැ වගේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අයටත් කිසිම ලැජ්ජාවක් නැහැ, ඒගොල්ලගෙ වැඩ ගැන බැලුවහම. (නි)
මෙතුමා තව ලස්සන උදාහරණ දුන්න මාධ්‍ය සාකච්ඡාවෙදි..ඒක දාල නැනේ..කමක් නැහැ කොහොම වුනත් මේ ආණ්ඩුවටම කිසිම හිරිකිතයක් නැ..කරන සෑම වැඩක්ම අනාගන්නව..විපක්ෂයට කන් දෙන්නේ නැහැ..අගමැති උත්තර දෙන්න දන්නේ නැහැ ..හැම එකක්ම විහිලුවට ලක්කරනවා..ඉතින් කොහෙද හිරිකිතයක්..(බ)