(යොහාන් භාසුර)
මුදල් අමාත්‍යාංශය මෙරට මුදා නොගත් කලාපයක් බවට පත්ව ඇති බවත් ජනාධිපතිවරයා වාහාම ඉවත්වී එය පූර්ණ කාලිනීයකුට භාරදිය යුතු බවත් නිදහස සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (6) පැවසීය.
රට තුළ සාමකාමීව විරෝධයක් පළ කරන්න තහනම් වීම නිසා ජනතාව සියලු දේ ඉවසා සිට ඉවසීමේ සීමාව ඉක්මාගොස් පාරට බසින දිනයක් ඇති බවත් එදාට රටේ මූලික නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බූරවා කුට්ටමේ කොළයක් ගානට වැටීම වැලැක්විය නොහැකි බවත් ඒ මහතා කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නිදහස ජනතා සභාවේ මාධ්‍ය හමුවේදී අද (6) එසේ පැවසීය.
ශ්‍රී ලාංකිකයින්ගේ එම සීමා ඉර දැන් පැන තිබීම නිසා ජනතාව තව දුරටත් පාලකයන්ගේ සැහැසිකම් ඉවසන්නේ නැති බවත් රටේ වඩාත් ක්‍රියාශීලි අමාත්‍යාංශය වියයුතු මුදල් අමාත්‍යංශය බෙලහීන වී ඇති බවත් ඒ මතා කීය.
මුදල් අමාත්‍යංශය බෙලහීන වී ඇතැයි හොඳ උදාහරණ දෙකක් ඇති බව කී ඒ මහතා මහ බැංකුවේ වැටුප් සියයට 70 කින් වැඩි කිරීම පිළිබඳව ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට පවසා තිබුණේ මුදල් අමාත්‍යවරයා ලෙස සහ ජනාධිපතිවරයා ලෙස ඔහු ඒ පිළිබඳව නොදන්නා බව පැවසීය පළමු වැන්න බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු රටම හොර ගුහාවක් කරලා, බංකොලොත් වෙනකල් උදව් කරපු අය, දැන් ස්වාධීන වෙලා බබාලා... පව්...!
රනිල් ඕවා ඔක්කොම කළින් දන්නවා, ඕවා කරන්නේ රනිල්ගෙන් අහලා තමයි. දැන් කරන්නේ නොදන්නවා සේ ඉන්න එකයි. රනිල් දැන් ගොඩක් පහසුකම් දෙන්නේ... මහ බැංකුව, පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවට... මොකද ඒ අයට ආණ්ඩුව කරගෙන යන්න ඕනෑනේ..!