සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 5000ක් පමණ ඇතත් ඒවා පිරවීමට මුදල් අමාත්‍යංශය ඈලි මෑලි ගතියක් දක්වන බව සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන ඇමැති එස්.බී දිසානායක මහතා පැවසීය.
දුප්පත්කම තුරන් කිරීම සඳහා ජනාධිපතිවරයාට ඇති ඉලක්කය සපුරා ගැනීමේ වැඩි වගකීමක් ඇත්තේ තම අමාත්‍යංශයට වන බවත්, එය ඉටුකිරීමට නම් එම පුරප්පාඩු පිරවිය යුතුව බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
මුදල් අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් දක්වන ඈලි මෑලි ගතිය පිළිබඳ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුම්වත් කර තිබෙන බව ද කී දිසානායක මහතා මුදල් අමාත්‍යංශයේ ප්‍රමාදය පිළිබඳ කණගාටු වන බව ද පැවසීය.
ඔහු මේ බව පැවසුවේ 2017 වසරේ අමාත්‍යංශ ඉලක්ක පිළිබඳව නිලධාරීන් සමඟ අද (2) පැවැත්වූ සාකච්ඡාවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් හිතන්නේ මුළු කැබිනට් මණ්ඩලයම ඉන්නේ නිදිමතේ (නි)
ලොකු ලොකු අය පිටරට යනවා, එනවා. ගෝලයෝ නිදි . ඔන්න යහපාලනේ! (නි)
මෙයාට ඕනෙ මෙයාගෙ 5000ක් දාගෙන නැතිවෙච්ච ඡන්ද පදනම හදාගන්න... අනේ මහත්තයෝ ඔහොම නෙමේ ඔයා ලංකාවේ ඔක්කොටම ඔය විදිහට හොර පාරෙන් රස්සා දෙන්න හැදුවත් ඔයාට ඔයාගෙ ගෑණිගේ ඡන්දෙවත් හම්බුවෙන්නනෙ නැහැ. (බ)
සේනගේ කටේ මසුරන් දාන්න ඕනේ (බ)
දැන්ද තේරෙන්නේ ? (අ)
මුදල් නැති වෙනකොට දෙන්න . (අ)
සමුර්ධි සංවර්ධනය කෙසේවෙතත් මේ මහත්වරු තම ආර්ථිකය සීග්‍රයෙන් සංවර්ධනය කරගන්න දක්ෂ අය, මුදල් අමාත්‍යංශය දුන්න නිසා වෙන්න ඇති පස්ස ගහන්නේ (අ)
මේවට වැඩක් නැතව ඉන්න වෙනත් රජයේ ආයතනවල සේවකයෝ අනුයුක්ත කරගන්න. මෙහිදී මුදල් ඇමති හරි කියල මට නම් හිතෙන්නේ. එතුමා දැනටත් විශාල බරක් වන අකාර්යක්ෂම රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සීමා කර මුදල් ඉතිරි කරගන්න බලන කොට ඡන්දෙන් පැරදුනු එස්. බී. ඇමති තුමා දේශපාලන පත්වීම් දීල ඡන්ද වැඩි කරගන්න හදන බව තමා පෙනෙන්න තියෙන්නේ.(අ)
පරාජිතයන් ගිය උඩ! (නි)
ජනතා ඡන්දයෙන් මනාපයක් ගන්න නොලැබුණ මේ කට්ටිය නියමෙට පරිප්පු කනවා. යන්න, යන්න, යහපාලනයට කඩේ ගිහින් ලබන ඡන්දෙන් අපිව හමුවන්නකෝ! දෙන්නම් උත්තරය නියමෙට අපි. (නි)
මහජනතාව නියෝජනය කරන දේශපාලනඥයෙක් මෙවැනි දෙයක් කිව්වට වරදක් නැහැ. නමුත් මහජනතාව ප්‍රතික්ෂේප කරලා ගෙදර යවපු කෙනෙක් පස්සා දොරෙන් විත් මේවා කියනකොට නම් දුක හිතෙනවා (නි)
ඔය සමෘද්ධිය කියන්නේ නිෂ්පල වියදමක්. ඕක පටන් අරන් දැන් අවුරුදු 30ක් විතර වුණා. ලංකාවේ දුප්පත්කම නැතිවුණාද? ඕකෙන් පොහොසත් වුණේ නිලධාරීන්, කබල් දේශපාලකයෝ. ඔය වැයකරන මුදල් වලින් අර ඉස්සර වගේ දිළිඳු පවුල් වලට සලාක ක්‍රමයට බඩු දුන්නා නම් වඩා හොඳ බව මගේ වැටහීමයි (නි)
ද සිල්වා කියන දක්ෂකම අද වගේම එදත් අපි දුටුවෙමු. (නි)
ඉතින් ඇහැරවලා ගන්න එපායැ. එ්කටනේ ඔයාලා වගේ ඡන්දයකින් එන්න බැරි අය අරගෙන ඇමතිකම් එහෙමත් දුන්නේ. (නි)