(හර්ෂණ තුෂාර සිල්වා)
කිසිම ආකාරයකින් ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට ඉඩ නොදෙන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
මුදල් අමාත්‍යවරයා හෝ මුදල් අමාත්‍යාංශය යෝජනා දුන් පමණින් ඒවා ඉටු නොකරන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් තමා රටට හිතකර තීරණ පමණක් ගන්නා බවත් ඒ මහතා කියයි.
රටේ ප්‍රධාන ව්‍යාපාරික ආයතනවල කාර්ය සාධනය මැන බැලීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ එකඟතාවකට පිවිසුණු බවත් එය මුදල් අමාත්‍යාංශයේ යෝජනා ඉටු කරන ගිවිසුමක් නොවන බවත් අමාත්‍යවරයා පවසයි.
“අමාත්‍යාංශ හා ආයතන පිළිබඳ සොයාබලන්න මුදල් අමාත්‍යාංශයට හැකියාවක් තිබෙනවා. එහෙත් යෝජනා ඉටු කිරීමේ ගිවිසුමකට අපි අත්සන් තැබුවේ නැහැ. මමයි මේකේ ඇමැතිවරයා. මේ අමාත්‍යාංශයේ තීරණ ගන්නේ මමයි.ඛනිජ තෙල් මිල තීරණය කරන්නේ මමවත් මුදල් ඇමැතිවරයාවත් නෙමෙයි. අපි දෙන්නෙක් ගහ ගත්තා කියලා ඛනිජ තෙල් මිල තීරණය කරන්න බැහැ. එවැනි තීරණ ගන්නේ රට වශයෙන් ආණ්ඩුව. මුදල් ඇමැතිවරයා කරන්නේ ඔහුගේ කාර්යභාරය. මම කරන්නේ මගේ කාර්යභාරය” යැයි ද ඒ මහතා ප්‍රකාශ කරයි.
කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී බ්‍රහස්පතින්දා (23)පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා මේ බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහොම මොනවා හරි කියල දාන්න. ඔය කාගේත් දෙඩවිලි ගැනත් කෙරුවාව ගැනත් රටම දන්නවා. කොයි අමාත්‍යාංශයත් තමන්ගේ මල්ල ගැන හිතන ලොක්කන්ගෙන් විතරයි පිරිලා තියෙන්නේ.
රවී ඡන්දෙ දිනලා ඇමති වුනා චන්දිම ඡන්දෙ පැරදිලා ඇමති වුනා. අපි අපිට ඕන නැති අයව ගෙදර එළවලා ඉන් පස්සේ ඒ අය ඇමතිකම් කරන හැටි බලලා ඔලුව කසනවා.
කිසි වැඩක් කරන්නේ නැති එකේ ඉන්න ටිකේ ඔන්න ඔහේ මොනවහරි කියවන්න එපැයි. එයත් පත්තරෙන් දැනගනියි තෙල් මිල වැඩිවෙලා කියල.
එතොකොට ඒ අයටත් කුට්ටිය දෙන්න වෙනවනේ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියන්නේ ලංකාවේ දේශපාලුවො රැකියා බැංකුවක් කර ගත්ත අවුරුදු පතා අධිකව අලාභ ලබමින් රටේ ආර්ථිකයට බරක් වෙන ආයතනයක්. ඕකේ ආරක්ෂකයෝ ඉන්නවා මන්ත්‍රීලට වඩා පඩි ගන්න. ඕක පුද්ගලීකරණය කරනවට එරෙහි වෙන්නේ මේකෙන් හොද්ද බොර කර ගන්න කට්ටිය. ජනතාවට සහන මිලට ඉන්ධන ටික දෙන්න පුළුවන් නම් හිමිකාරීත්වය කවුද ප්‍රශ්නයක් නෑ. හොඳම උදාහරණය විදුලි සංදේශ සේවා. ඉස්සර දුරකථනයක් ගන්න අවුරුදු ගාණක් පෝලිමේ. ඒත් දැන්.