
මද්රාසා පාසල්වල උගැන්වීමට වීසා ඉල්ලමින් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අයවලුන් පිළිබඳව දැඩිව අධීක්ෂණය කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (20) පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේදී යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
එසේ පැමිණෙන පුද්ගලයන්ගේ පසුබිම, අතීත හැසිරීම සොයා නොබලා පාසල්වල උගැන්වීමට යෙදවීම වගකීම විරහිත ක්‍රියාවක් බවත්, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ එම පුද්ගලයන්ගේ තොරතුරු සොයාබැලීමට කටයුතු කළ යුතු බවත්, එම පාසල්වල උගන්වන පාඨමාලා, සිසුන් බඳවාගන්නා ආකාරය ඇතුළු කරුණු අධ්‍යාපන අමාත්‍යංශය විසින් අධීක්ෂණය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ සමයේ සිට මද්රාසා පාසල්වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවූ බවත්, යහපාලන රජය එය අඩාල කර දැමූ බවත් අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් කිව්වේ වහලා දානවා කියලා නේද?
මේ එන්නේ බොහෝදුරට පෙරහරේ කසකාරයෙක්. තව සතියකින්, දෙකකින් පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් කියලා තව කට්ටියක් අල්ලලා හිරේ දායි. ඊටපස්සේ කොරෝනාවෙන් මැරෙන මුස්ලිම් ආගමිකයන්ගේ මළසිරුරු භූමදානය කරන්න අවසර දෙයි.
නහින දෙහින හරියට පෙනෙන්නෙත් නැති කාලේ එක එක දේවල් හොයන්නේ නැතිව ගෙදර ගිහින් පිනක් දහමක් කරගෙන ඉන්න මහාචාර්යතුමෝ...
තහනම් කරලා දාන්න කොන්ද පන නැහැ... 20 කරලා දුන්නනේ... රට බල්ලට ගියාට මොකද නේද?
සෑහෙන ලොකු නින්දකින් පස්සේ නැගිටලා වගේ. දැන් පරක්කු වැඩියි.
මැරිලා යන තැනකට ගෙනියන්න දෙයක් හොයාගත්තා නම් නරකද ?
හොයලා බලලා මදි.. ඔවුන් මේ රටින් පන්නා දමන්න. මේ රටේ ඔය ආගම උගන්වන්න බහුස්රැතයින් නැද්ද?
මද්රසා පාසල්වල විතරද විදේශිකයන් ඉගැන්නුවෙ... සියලුම පාසල්වල උගන්වන විදේශිකයන් ගැන සොයා බලන්න. අන්තවාදීන් මද්රසා පාසල්වල විතරක් නෙමෙයි ඉන්නේ. නීතිය කාටත් පොදුවිය යුතුයි.