(නිමල කොඩිතුවක්කු)
මද්රසා පාසැල්වල පරිපාලන කටයුතු වෙනත් පාර්ශවයක් වෙත පැවරීමේ උත්සාහයක් පවතින බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.
වෙනත් පාර්හව වෙත පවරනවා වෙනුවට එම පාසැල් වල වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත් කිරිමට රජය වහාම කටයුතු කළ යුතුව ඇතැයිද උන්වහන්සේ සදහන් කළහ.
මද්රසා පාසැල් සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඕමල්පේ සෝභිත හිමියෝ එහිදී වැඩිදුරටත් මෙසේද කීහ.
‘‘මද්රසා පාසැල් පිළිබද වෙනම කමිටු පත් කරලා තර්ක විතර්ක කරලා පරීක්ෂණ සිදුකරන්න කිසිදු අවශ්‍යතාවයක් නැහැ. කළ යුතු එකම දෙය තමයි ව්‍යවස්තානුකූලව මේ රටේ පුරවැසියන්ගේ අධ්‍යාපනය පිළිබද වගකීම දරණ අධ්‍යාපන අමාත්‍යාංශය යටතට මේ මද්රසා පාසල් පත් කළ යුතුයි.
අපේ රටේ අනිකුත් අධ්‍යාපන ආයතන පවත්වාගෙන යන ලෙසටම අධ්‍යාපන අමාත්‍යාංශයේ නීති, රීති, රෙගුලාසි මත මද්රසා පාසැල් ක්‍රියාත්ම විය යුතුයි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන්ගේ අධීකෂණයට, සහ නියාමනයට මේ පාසැල් පත්කිරීමට රජය වහාම පියවර ගත යුතුයි.
මේ වෙලාවේ කමිටු පත්කිරීම අනවශ්‍ය වැඩක්. මේ වෙලාවේ කමිටු පත්කර එහි භාරකාරිත්වය වෙනත් පිරිසකට පැවරීම හොරාගේ අම්මට හොරාගේ බඩු ටික දෙනවා වගේ වැඩක්. ඒ නිසා විධිමත් වැඩපිළිවෙළක් යටතේ මෙම පැසැල් ක්‍රියාත්මක විය යුතුයි’’ යැයිද උන්වහන්සේ එහිදී පැවැසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේව ඉක්මනටම රජයට ගන්න්න ඕන
කතාව ඇත්ත හාමුදුරුවනේ.ලක්ෂ 20 වගේ සුළුතර ඡන්ද රැකගන්න බහුතර රටේ ජනතාවගේ ආරක්ෂාව බල්ලට දාන්න තරමට පාලකයෝ පහත් වෙලා. අනික හැම අධ්‍යාපන ආයතනයක්ම අධ්‍යාපන අමාත්‍යංශය යටතේ තියෙන්නේ ඕන.
අධ්‍යාපනය අයිති අමාත්‍යාංශයට මේ වගකීම් දෙන්න ඕන කියන එක සාමාන්‍ය මිනිසුන්ට තේරුණාට මේ හරකුන් ඇතුළු තීරණ ගන්න බුද්ධිමතුන්ට තේරෙන්නේ නෑ. මෙයා කියයි ඔව් මේ පාසැල්වල ජාතිවාදී ව්ශය නිර්දේශ තියනව කියල. මේ ආණ්ඩුව කාවද මේ රවටන්නේ.
අපේ රටට අවශ්‍ය "" පිරිමි පාසැල් "" සහ "" ගැහැණු පාසැල් "" පමණයි ... ජාතීන් හෝ ආගම් සෑම පාසැලකටම පොදු විය යුතුයි . . අන්න එතකොට තමයි .. "" විවිධත්වයයි සමාදානයයි "" අපේ සමාජයේ රජ කරන්නේ ...
කරුණාකර අපේ රට ජාතිය බේරගන්න ඔබවහන්සේලා පෙරට එන්න , පාසල් යන දරුවාගේ ජිවිතේ වටිනාකම ලක්ෂයකට ගොනුකළ අධම ඇමතිලා ඉන්න රටක් මේක
දැන් හැමදේටම කමිටු පත්කරන්න පුරුදුවෙලා ප්‍රධාන හේතුව ලග එන ජනධිපති වරණය කට්ටියගේ මොලේ වැඩකරන්නේ එය. පමණයි මොනදේ කරන්න ගියත් අන්ත වාදීන්ගේ ඡන්ද මතක් වෙනවා රටේ නීති ක්‍රියාත්මක කරන්නේ නීති රෙගුලාසි අනුව නොවේ තම තමන්ගේ හිත මිත්‍ර කම් අනුව ,
මේවා අතගගා හිටියොත් තව විනාස වෙන්න පුළුවන් මේවා තහනම් කල යුතුයි. ත්රස්තවාදීන් හෝ උදව් දෙන්නන් නීතිය ඉදිරියට ගෙනා විට මේ අය නිදහස් කරගන්න අපේ මහත්තුරු උස්සහ කරන්න එපා. ඔබගේත් අපෙත් අනාගත පරපුරට රටක් නේද එවිට නැතිවෙන්නේ