ජනපතිවරණය දා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාවලට යෙදවූ ආරක්ෂාව ගැනත් විවිධ අය බොහෝ දේ කියනවා. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වු ඩී.එස්. සේනානායක විද්‍යාලය, කොළඹ රාජකීය විදුහල සහ මැතිවරණ කාර්යාලයය හමුදාවෙන් වැටලුවාද කියල සමහරු මගෙන් ඇහුවා මැතිවණ ලේකම් කාර්යාලයේ එවැනි දෙයක් වුණේ නැහැ. මැතිවණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද (23) සවස රාජගිරිය මැතිවරණ මහලේකම් කර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවැසීය. ඒ මහතා මෙසේ ද කීය. පොලිස් විශේෂ කාර්ය බලකාය හා වෙනත් හමුදා කණ්ඩ යොදවා තිබුණත් ඔවුන් මධ්‍යස්ථානවලට ඇතුළු වීමේ උතසහායක් ගත්තේ නැහැ. මට කිසිම කෙනෙකුගෙන් බලපෑමක් ආවෙත් නෑ. ගෝඨාභය මහතා මැතිවරණ කාර්යාලයට ආවා කියනවා ඒ මහතා ඒ පැත්ත පළාතක ආවේ නෑ. මමත් මගේ ආරක්ෂවට හිටපු විශේෂ පොලිස් කාර්ය බලකායේ නිලධාරීයකු විතරයි හිටියේ. එතුමා රිවෝල්වරය සූදනම් කරගෙන හිටියේ. ඒ වෙලාවේ මගේ ශරීරයේ මදුරුවෙක් වැහුවත් වෙඩි තියෙන මට්ටමකයි හිටියේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා නූලෙන් බේරිලා තියෙන්නේ. (නදී)
ලබන ඡන්දෙදී මදුරු දැලක් ඇතුලේ ඉන්න. (නදී)
එතුමා මොකක්හරි අමුතු බෙහෙතක් බීලද හිටියේ? (නි)
මෙයා මේ තරම් පිස්සු කතා කියවන්නේ මොකෝ (දිල්)
මැස්සෝ එළවන්න වදුරට කඩුව දුන්නා වගේ (දිල්)
අපරාදේ මදුරුවෙක් වැහුවේ නැත්තේ ? (නදී)