(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය කවුඩුලුවැව වාන් ඇල මාර්ගයේ විජයරාජපුර ප්‍රදේශයේදී ආරක්ෂිත වේල්ලක් ඉදිකිරීම සඳහා පස් කපමින් සිටියදී ඊයේ සවස 5ට පමණ පස්වලින් වැසී තිබූ අඩි 6ක් පමණ උස හිටි පිළිම වහන්සේ නමක් හමු වී ඇති බව මැදිරිගිරිය පොලිසිය කියයි.
ට්‍රැක් 09 ප්‍රදේශයේ අංක 119 විජයරාජපුර ග්‍රාමය හරහා ගලා යන කවුඩුලුවැවෙහි වාන් ඇල මාර්ගය පිටාර යාමත් සමග එම පෙදෙසේ භූමි ප්‍රමාණයක් ජලයෙන් යට වීම හේතුවෙන් විහාරමාවත බෙදුම්ඇල ගොවි සංවිධානයේ ඉල්ලීමකට අනුව පොලොන්නරුව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් මෙම ව්‍යාපෘතිය පසුගිය අගෝස්තු මස 02 වන දින ආරම්භ කොට ඇත.
එදින සිට මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු සිදු කරමින් යන අතර තුර ඊයේ සවස බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුට පස් කපමින් සිටින අතරතුර මෙම පිළිම වහන්සේ හමු වී තිබේ.
පස් කපන අවස්ථාවේදී ඔහුට බුදු පිළිම වහන්සේ නමක් පස් සට සැගව තිබී හමු වූ බව ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයාට දැනුම් දීමෙන් පසු 7 වන දින උදෑසන මැදිරිගිරිය වටදාගෙය පූජා භූමිය භාර පුරා විද්‍යා නිලධාරීන් විසින් මෙම බුදු පිළිම වහන්සේ මැදිරිගිරිය වටදාගෙය පූජා භූමිය වෙත වඩමවන ලදි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් පෝලිම් ගැහෙන්න... බස් පිටින් එන්න.. බලන්න.. අවට පරිසරය කැත කරලා යන්න.. බුද්ධාලම්බන ප්‍රීතිය දොරේ ගලා යාවි ..
සාධු සාධු !
සංජිව මහතාගේ අදහස 100% නිවැරදියි. අපේ ගොඩක් අයට තියෙන්නේ අමුලික ශ්‍රද්ධාව... පෝලිමේ ගියාට පස්සේ ඔතන වැඩ කරන කට්ටියට වෙන්නේ වේල්ල කපන වැඩේ පැත්තක තියල තව මාස ගානක් කුණු අදින්න.
සීමිත භුමි භාගයක මෙතරම් එතිහාසික වටිනාකමකින් යුත් පුරා වස්තු පැතිරී තියෙන භූගෝලීය ප්‍රදේශයක් මුළු ලොවම නැති බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වත් දන්නේ නැහැ. අප එසේ කියන්නේ පසුගිය දශක කිහිපයක් තිස්සේ නිධන් හොරුන්ට නිදැල්ලේ පෞරාණික වස්තුන් පැහැර ගෙන යන්න රාජ්‍ය අනුග්‍රහයත් ඇතුව නිලධාරීන් විසින් ඉඩ දී තිබුන නිසයි. ශ්‍රී ලංකාවේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා පැතිර තිබුන දැවැන්ත බෞද්ධ ශිෂ්ඨාචාරය නිසා මේ පොළවේ කොතැනක කැනීම් කලත් වටිනා වස්තු ලැබිය හැකි බව විශේසඥයින් කියා ගන්න පුරා විද්‍යා හිමි වරුන්ටවත් වැටහීමක් තිබුනේ නැහැ විද්‍යාත්මක ක්‍රම වේද හරහා මේ ස්ථාන හඳුනා ගෙන ඒවා ගොඩගෙන සංරක්ෂණය කරන්න. හෙටක් නැති රටකට අතීතයකට උරුම කම් කියන්න ඉඩක් ඉතුරු කරාවිද?