(ඩබ්. ඒ. පියතිලක)
මාදුරුඔය ජාතික උද්‍යානයෙන් අක්කර 54,250 ක භූමි ප්‍රමාණයක් චිනයට දිමට කටයුතු කරමින් සිටින බව ප්රදේශවාසිහු කියති. දේශිය කාර්මාන්ත සංවර්ධන ව්‍යාපෘති ඇති කිරිම සදහා මෙම ඉඩම් චිනයට ලබා දිමට කටයුතු කර ඇති බවත් අක්කර 43,250 ක් උක් වගාව සඳහාත් ඉතිරිය ගව පාලනය සඳහාත් වෙන් කර ඇතැයි කියති.
ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ගවයින් තණකොළ කැවිමටවත් මාදුරුඔය ජාතික උද්‍යානයට ඇතුළු කිරිමට අවසර නොදෙන වනජිවි දෙපාර්තමේන්තුව උද්‍යානයෙන් විශාල ප්‍රමාණයක් චිනයට ලබා දිමට එරෙහිව මුණිවත රකින්නේ රජය සෘජුවම මැදිවත්ව සිටින නිසා බවද ප්රදේශවාසිහු පෙන්වා දෙති.
තොරතුරු දැනගැනිමේ පනත අනුව මෙම ව්‍යාපෘතිය පිළිබද කරුණු 172ක් ඇතුළත් කර ඒ සඳහා තොරතුරු ලබා දෙන ලෙස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියත් ඔහුන් විසින් කරුණු 15 ක් සඳහා පමණක් පිළිතුරු ලබා දුන් බව ප්‍රදේශවාසීහු කියති.
මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් එක්ව අභියාචනාධිකරණයේ නඩුවක් ගොනුකර ඇති අතර එය මේ මස 27 වැනිදා කොළඹ අධිකරණයේ දී විභාගයට ගැනිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ වගේ පාලකයින්ගෙන් රටට වෙන සෙතේ මොකක්ද? කියල තේරෙන්නේ නැහැ. රටේ පරිසරයට ද්‍රෝහී තීන්දු තීරණ ගන්න කෙනා ඒ රටේ ජනතාව ගැන හිතනවයි කියන එක තරම් විහිළුවක් තවත් ඇත්ද?
"කෑමෙන් හොඳ කෑම විකුණගෙන කෑම" මෙයාලගේ පුරුද්ද විකුණගෙන කන එකනේ. මට මතකයි ලං.ග.ම විකුණගෙන කාපු හැටි. එකල මමත් ලං.ග.ම සේවකයෙක්. ජේ.එස්.එස්. කාරයෝ ටික අපේ සල්ලි අරගෙන තමයි ඒ තුප්පහි වැඩේ කලේ. එකල අපිට විරුද්ධ වෙන්න බැරි තරමට ඒ අය බලවත්. යම් හෙයකින් අපි විරුද්ධ වුණා නම් අපගේ දෙමවුපියෝ තමයි ඒවට වන්දි ගෙවන්න වෙන්නේ. 1977 න් පස්සේ කරපු එකම දෙය නම් විකුණගෙන කාපු එක විතරයි.
පරිසර ඇමති මේ ගැන දන්නවද? කියන එකත් ප්‍රශ්නයක්. මොකද? උන්නැහේ රටේ දේවල් ගැන දැනගන්නේ පත්තරවලින් කියලනේ කියන්නේ. ඉතින් මේවායේ සත්‍ය තොරතුරු පත්තරවල පල වෙන්නේ නැහැනේ. බලාගෙන යනකොට දැන් චීනෙට නොදෙන දෙයක් නැහැනේ. කෑලි කෑලි දෙනවට වැඩිය හොඳ නැද්ද ඔක්කොම එකතුවෙලා මේ රටම චීනෙට භාර දෙන එක. ඕන නම් ජනමත විචාරණයක් තියල ජනතාවගෙන් කැමැත්ත ලබා ගන්නත් පුළුවන් නේ...
ප්‍රදේශවාසින් කොහොමද ඒවා දැනගන්නේ ? රජයෙන් මේ ගැන නිල වශයෙන් කියනකන් ඕව විශ්වාස කරන්න බැහැ ...
රටේ ජාතික සම්පත් විකුණගෙන කන මෙවැනි පාලකයන් සහ මේ රජය පත්කළ ජනතාව හැටියට මේවට වග කියන්න ඕනේ අපිම තමා, මිට පසුව වත් වැඩක් කරන රට නොවිකුණන අපේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් අයව පත්කරමු.
"සිංහරාජේ පවරා ලී මෝලකට සමනලකන්ද බදු දෙමු හෝටලයකට ...."
අර ලැබී ඇති පිළිතුරු මොනවාද? මේ ගැන පිළිගන්න පුළුවන් සාක්ෂි මොනවාද? ඒ වගේම ඔය ගැමියෝ විරුද්ධ වෙන්නේ තමන්ගේ හරක් පට්ටි බිස්නස් එකට පාර වදිනවාට නෙවෙයි නම් ඒක මෙතනට පටලවන්නේ ඇයි?
ප්‍රදේශ වාසින් කියපු පලියටම පත්තරේ දාන එකද හොඳ? ඒ ගැන වගකිව යුතු අංශ වලින් හොයා බලල ගවේෂණාත්මකව වාර්තා කරන එකද හොඳ?
මේ කතා බොහොමයක් කට කතා විය හැකියි. කෙසේ වෙතත්, දේශිය වශයෙන් කාර්මාන්ත සංවර්ධන ව්‍යාපෘති ඇති කිරිමට රටේ මුදල් නැතිනම්, සංවර්ධනය සදහා මෙම ඉඩම් චීනයට බදු දීමේ වරදක් නැත.
සමස්ත ජීවිතවලටම මළගම ස්ථිර කරන යම පාලනය...
පක්ෂවලට බෙදිලා, පෝස්ටර වලට රැවටිලා , ආණ්ඩුවේ රස්සාවකට , බෝක්කුවක් හැදුවම, ඡන්දෙ දෙන ජාතියකට මෙහෙම වෙලා මදි. ප්රජාතන්ත්රවාදය හරියට ක්‍රියාත්මක වෙන්න නං ජනතාව බුද්ධිමත් වෙන්න ඕනෑ වගේම රටට ආදරය කරන්න ඕනේ. දේශපාලකයන් රටම විකිණුවත් වැරැද්ද ඡන්දෙ දෙන අපේ මිසක් එයාලගේ නෙමෙයි. ප්‍රාදේශීය සභාවේ ඉදන්ම හොරු ඉන්න කොට කොහොමද? රටේ නායකයා හොරෙක් නොවී ඉන්නේ.
මේ හැමටම කලින් පාර්ලිමේන්තුව විකුනුවා නම් හරි ඒකට යන රැලත් සමගම...
ඇත්තටම මේ ඔස්තාරලා කියන දේශපාලකන්ට මොකද වෙලා තියෙන්නේ... මේවද? මිනිස්සු බලාපොරොත්තු උන වෙනස. සිංහලයන්ව චීන්නුන්ගේ වහල්ලු කරන්නද හදන්නේ.. සමහර දුප්පත් කළු අප්ප්රිකානු රටවල් චීන්නුන්ගේ ග්‍රහණයට නතුවෙලා ඒ රටවල කළු මිනිස්සු දහදුක් විඳිනවා. චීන කියන එකා එන්නේ උන්ට හැදෙන්නේ මිසක් අපිව හදන්න නොවන බව මේ අයට තේරෙන්නේ නැද්ද..
උඹල මේවට නම් පෙළපාලි යන්නේ නැහැනේද ? වැඩක් නැති ඒවාට පරට බස්සනවා. පිනට කකා කටින් විතරක් නැතුව මේවගේ මිනිසුන්ගේ මුලික ප්‍රශ්නවලට ප්‍රයෝගික නැතිව කටින් බතල හිටෝනවා. ඒ මදිවට ලෝකෙවටේ ගිහින් පම්පෝරි ගහනවා? උඹල කුණු පුච්චන්නත් කොම්පැනි වලට දෙන්න එපා කියල පාරට බහිනවද ? නිකම්ම පිනට කකා 2020 දී කියකියා තරුණ කොල්ලෝ ටික අනාථ කරකර ඉඳපල්ලා !
පරිසර ඇමති වහා ඉල්ලා අස්විය යුතුයි. ලංකාවේ සුන්දරත්වය ආරක්ෂා කිරීමට ඔබට නොහැකි බව අපගේ හැඟීමයි...
චීන්නු කියන්නේ හිතක් පපුවක් නැති ජරා ජාතියක්. චීන මිනිසුන්ට කිසිම නිදහසක් නැහැ. ගම වැසියනි මෙයට ඉඩ දෙන්න එපා.
ඡනාධිපති පත්තරෙන් මේ ප්රවෟත්තියත් දකී රටේ හැම දෙයක්ම විකුණයි කටුනායකත් ඉඩම් දෙකක් දිල ඉවරයි රටට ගිය කලක්
මේ රජයට පිස්සුද මන්ද?රටේ ලාභ ලබන පුද්ගලික ආයතන කීයක් තියනවද, ඒ සේරම රජයට පවර ගත්ත නම් රජයට ආදායම් ලැබෙනවනේ.එතකොට පිට රටවල් වලින් නය ගන්න එක අඩු කරන්න පුළුවන්නේ.අක්කල නංගිලා ටික අරාබියට විකුණලා අයියල මල්ලිලා ටික කොරියාවට විකිණුවා නම් ඉතුරු නය ටිකත් ගෙවල සතුටින් ඉන්න පුලුවන්.එතකොට සේරම රජයේ ආයතන නිසා දේශපාලකයන්ගේ දීමනා වැඩි කරන්න ඕනෙත් නැ.මොකද සේරම රජයේ ආයතනනේ.ඊට පස්සේ රටේ සංවර්ධනය කරන්න පුළුවන් මේ වගේ ඉඩම්වල අපේම කියල ව්‍යාපාර ඇති කරලා අපේ රට ආසියාවේ ආශ්චර්ය කරන එක මහා අමාරු දෙයක් නෙවේ.මේ විදියට අපේ රට ගැන හිතල වැඩ කරන රටට ආදරය කරන,අපේ විදියට අඳින,පොළොවේ පය ගහල ජීවත් වෙන පාලකයෙක් අපේ රටේ බහුතරයකගේ අපේක්ෂාව 'වෙන්න පුළුවන්'.එහෙම නොහිතන ජනතාවට සැබෑ සුභ අනාගතයක්!
අනේ ප්‍රීතිදායක පුවතක්නෙ මේක. තව තියෙන ගහ කොල ඇල දොල ඔක්කොම විකුනන් කන්න
මොනවද මේ කට්ටිය කියවන්නේ? අපේ රටේ එක පුද්ගලයෙක් රුපියල් ලක්ෂයක් ණයයිලු කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා. මේ ඉඩම් විකුනලා ඒ මහත්තුරු කරන්න යන්නේ අපිව ඒ ණය වලින් ගලව ගන්නයි. හම්බන්තොට වරාය විකුණුව සල්ලි මදිලු ඒකට. ඉතින් ඒ වගේ සද්භාවයෙන් කරන්න යන දේකට අකුල් හෙලන්න එපා. හෙට අනිද්දට තව රාජ්‍ය ආයතන ටිකකුත් විකුණයි. කරුණාකරලා බාධාකරන්න එපා.
විකුණනවල ඔක්කොම - නැත්නම් හෙට අනිද්දට චීනෙ බලෙන් ඕව අල්ලගන්නවා - අපි ඔයාලට බලේ දුන්නෙ කැමති ඕනම දෙයක් කරන්ඩ තමයි -
මේකට කලයුතු හොඳම දෙය තමයි මේ වනඋද්‍යාන ගැන ලෝකයේ හොඳ ප්‍රචාරයක් ලබාදීල සංචාරක වියාපාරය දියුණු කරන එක, එතකොට වනඋද්යානත් සොබධර්මයත් රැකිලා රටට අදයමකුත් ලැබෙනවා.... මේවා ඉතින් කලින් කරන්න තිබුන දේවල්... අපේ රටේ හැමදෙයක් ම තිරණය වෙන්නේ රටේ සුබසාදනයට නෙමෙ අදාල දෙසපලකයට ලැබෙන ප්‍රතිලබය මතයි.
ඔක්කොම පාලකයෝ කරන්නෙ විකුණගෙන කන එකයි... ඉතින් මොකද?