මාදුරුඔය හික්කාගල රක්ෂිතයේ අද (27) ඇති වූ හදිසි ගින්නක් ගුවන් හමුදාවේ ද සහායෙන් පාලනය කළ බව වන නිලධරයෝ කියති.
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ නිලධාරීහු බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මේ සඳහා යොදා ගත්හ.
පිඹුරත්තෑව වැවෙන් බම්බි බකට්ටුවක් මගින් නොකඩවා අවස්ථා පහකදී ජලය ගෙන ගින්නට හෙළා ගින්න මැඩපැවැත්වීය.
මේ සඳහා යුද හමුදාවේ සහාය ද ලැබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි නියමයි....ගින්නක් නම් ගුවන් හමුදාව තමයි. (නි)
දායක වූ හැමට ස්තුතියි (අ)
හෙලිකොප්ටර් බලන්න අසාවට ගිනි තියෙනවද? නැත්තන් වෙන මගඩි වැඩ වලට කැලේට යන්න පර හදාගන්න ගිනි තියෙනවද? (අ)
නියම වැඩක්. (නි)
දැන යුද්දේ නැති නිසා හමුධ නිලධාරීන් සහ උපකරණ මේ වගේ දෙයකට යොදාගැනීම සුදුසුයි. රටේ තුල ඇති යුධ,නාවික,ගුවන් කඳවුරු වල සිටින සොල්දාදුවන්ට ගිනි නිවීම සහ ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා පුහුණුවක් ලබාදී , එයට අවශ්‍ය ගිනි නිවන රථ වැනි උපකරණ ලබාදීම මගින් ඔවුන්ගෙන් රටට වැඩක් ලබාගත හැකි වන අතර , අනාගතයේදී යුධමය අවස්ථාවක් ඇතිවුනොත් ඔවුන්ගේ පුහුණුව වැදගත් වේවි. ලෝකයේ දියුණු රටවල යුද්ධයක් නැති අවස්ථාවලදී මෙම ක්‍රමය අනුගමනය කෙරේ (නි)