මද්‍යසාර සහ බීර නිෂ්පාදනය කරන සමාගම්වලින් රුපියල් කෝටි 20ක බද්දක් අය කිරීම සඳහා නව රජය නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
අගවිනිසුරු කේ ශ්‍රීපවන්, සිසිර ද ආබෘ සහ අනිල් ගුණරත්න මහත්වරුන්ගෙන් විනිසුරු මඩුල්ල සමන්විත විය.
එම බද්ද පැනවීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවන බව කියමින් හංවැල්ල ඇක්මි ලංකා ඩිස්ටලරිස්, නිපොන් එක්ස්පෝට්ස්, ස්කොට්ලන්ඩ් ඩිස්ටලරීස්, උවෙල්කා පෞද්ගලික සමාගම් ගොනු කළ පෙත්සම් හතරක් අද (25) ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බැලිනි.
විරෝධතා ඇත්නම් ඒවා අප්‍රේල් 30 වැනි දාට පෙර ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කැරිණි.
මෙරට මධ්‍යසාර වෙළෙඳපොළ ක්‍රියාත්මක විශාල සමාගම් හතරකට මෙම බද්ද ගෙවීම ප්‍රශ්නයක් නොමැති වුවත් කුඩා පරිමාණයේ සමාගම් අටකට මෙම බද්ද ගෙවිය නොහැකිව වසා දැමීමට සදුවීමෙන් පවුල් 4000කගේ පමණ ජීවනෝපාය අහිමි වන බවත් පෙත්සම්කරුවෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොතේ නිතිය කොහොම තිබුනත් ........... ! මද්‍යසාර විකුණන පවුල් 4000 ගැනද වඩා වටින්නේ, මද්‍යසාර බි විනාශ වන පවුල් ලක්ෂ ගන්නද වඩා වටින්නේ කියා සිතා බැලිය යුතුයි. (හේ)
අැයි මෙහෙම වෙන්නේ...........? (ත)
නියමයි, අවුරුදු ළඟයි. ඒ නිසා වන යහ පාලනය (නදී)
අධිකරණ නියෝග වලට බලකරන්න ආන්ඩුවට බැහැ. හැමදේම වැරදි විදියට යහපාලනයට සම්බන්ධ කරන්න එපා (නදී)
මේ බද්ද ගැහුවේ පළිගැනීමේ චේතනාවෙන්.(බ)
වත්මන් රජයටත් මත් වතුර වල රස හොදින් දැනිල තිබෙන බව මෙයින් පැහැ දිලියි.(නදී)
රජයේ බදු ප්‍රතිපත්ති අභියෝගයට ලක් කිරීම් අනාගතයට සුබ දායි නැත. මෙහෙම වුනොත් රජයට කිසිම බද්දක් අය කර ගැනීමටත්, හොර වැඩ පාලනය කරන්නවත් බැරි වෙනවා. (ර)