මැදමුලනට එකතුවූ අති විශාල ආධාරකරුවෝ පිරිසක් ඔල්වරසන් දෙමින් ප්‍රීති ඝෝෂා පවත්වමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන්නැයි ඉල්ලමින් මේ මොහොතේ එහි රැඳී සිටිති.
හිටපු ජනපති හා කථානායකද එහි රැඳි සිටිති.
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව පතා වේදිකාවට නොනගින්නයි දිනේෂ් ගුණවර්ධන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.
මාධ්‍යයට හා කැමරා ශිල්පීන්ට වේදිකාවේ සිදුවන කිසිවක් නොපෙනෙන බැවින් ඔවුනට ඉඩදී අසුන් ගන්නා ලෙස හිටපු ජනපති හා විමල් වීරවංශ මහතා කිහිපවරක් ඇයැද සිටී.
කැමරා ශිල්පීන්ට පින්තූර ගැනීමට අවස්ථාව නොලැබීමෙන් මෙම අවස්ථාව රටටත් ජනතාවටත් දැනගැනීමට අවකාශ නොලැබී යන බව ඔවුහු කියා සිටියහ.
තම වැඩපිළිවෙළට සහාය දෙමින් තම ගමට ආ සියලු දෙනාම සාදරයෙන් හා සෙනෙහසින් පිළිගන්නා බව කියමින් හිටපු ජනපතිවරයා සිය කථාව ආරම්භ කළේය. ඇසල පොහොයේ වැදගත්කමද ඔහු කියා දුන්නේය. බුදුන් වහන්සේ නෑයන් බැලීමට කිඹුල්වත්පුරයට එදා පැමිණි දිනය බවද ඔහු කීවේය.
පසුගිය ජනවාරි 9 වැනිදා බහුතර ජනතාවගේ හිස නැමූ බවද ඔහු සිහිපත් කළේය. 1970 සිට ජනපති ධූරය දක්වා පැමිණි ගමන්මග විස්තර කළ ඔහු ඒ හැම අවස්ථාවකදීම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කළ බවත් තමා ආඥාදායකයෙක් බවට මොන බොරු චෝදනා කළත් මා ක්‍රියාකළ ආකාරය ගැන එතෙර මෙතෙර බොහෝ දෙනා පුදුම වුණා.
‘ජනපතිවරණ ප්‍රතිඵල නිකුත්වල නිකුත් වීමෙන් පසු අපේ ආධාරකරුවන්ට හිරිහැර කළා. ගෙවල් ගිනි තිබ්බා. පක්ෂය රැක ගැනීමේ වැඩපිළිවෙළ සකස් කළා. කථානායක නිවසේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී පක්ෂයේ නායකත්වය බාරදුන්නා.නමුත් මට පක්ෂයේ නායකත්වය හිමිවූයේ බාරදුන්නේ නෑ සම්මේලනයක් කැඳවලා ගන්න වුණා. කිසිදාක රටටත් පක්ෂයටත් ද්‍රෝහි වුණේ නෑ.‘
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හැසිරෙන ආකාරය දකින විට තමාට සිහිපත්වනුයේ ඔහු ත්‍රස්තවාදී නායකයන් සමග මුල්ම ගිවිසුම ගැසූ කාලයේ ක්‍රියා කළ ආකාරයට යැයි හිටපු ජනපති කීවේය.
ඔහුගේ කථාවේ වැඩි කොටසක් වෙන් කළේ එජාපයට පහර ගැසීමටයි. එජාපය රට කෑලිවලට කැඩූ බවත් රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට බෙදා දුන් බවත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවර එජාපය කොහොමත් පරදිනවා (නි)
යහපාලන කට්ටිය බයවෙලා.මහින්ද මහත්තයා නියෝජනය කරන්නේ එතුමාට ඡන්දෙ දීපු ලක්ෂ 58. එතුමා ගැන ඒ ඡන්දෙ දීපු අපි බලාගන්නම්.ඔයාලා නිකරුනේ පෙට්‍රල් පුච්චන්නේ නැතුව ඔය 62 පරිස්සම් කරගන්න ක්‍රමවේදයක් හොයාගන්න. (නි)
ඔබතුමාට තෙරුවන් සරණයි! (නි)
මහින්ද මහතා සමඟ අපි කවදත් ඉන්නවා (නි)
අපි ජනතාව කවදත් ඔබතුමාත් එක්ක. ඔබට සදා ජය! ඔබගේ ජය ජනතාවගේ ජයයි. ඔබතුමාට තෙරුවන් සරණයි! (නි)
මේ කියපු ටිකෙන්ම තේරෙනවා කොයිතරම් බොරු කියන්න පුලුවන්ද කියලා. (නි)
විශ්‍රාම අරන් පවු නොදී ගෙදරට වෙලා ඉන්න (නදී)
රටේ මිනිස්සුන්ගේ ආකල්ප වල ගුණාත්මක බව වර්ධනය උනේ මහින්ද පාලන සමයේ. ඒක කාටවත් නෑ කියන්න බැහැ. විසිරිලා හිටපු ජනතාව රට වෙනුවෙන් පොදු අරමුණකට ගත්තේ මහින්ද මැතිතුමා. කවුරු අතිනුත් අඩුපාඩුකම් වෙනවා. ජනවතාව ඒකට දඬුවම් දුන්නා. හරි ඒක එහෙමයි. එ්ත් පක්ෂ භේදකින් තොරව විවෘර්ත මනසකින් බැලුවොත් හොඳට පේනවා අද රට අස්ථාවර වේගෙන එන බව. ජනතාව නැවත පොදු අරමුණින් කැඩිලා පෞද්ගලිකත්වය ඉස්මතු වෙනවා. එහෙම රටකට කවදාවත් ක්‍රමවත් සංවර්ධනයකට යන්න බැහැ. 88/89 ලෝකයේ අමානුෂිකම විදියට හැසිරුණු, රාජ්‍ය සම්පත් විකුණලා මිනිස්සුන්ට කන්න දීල ඡන්ද පදනම ශක්තිමත් කරගන්න හදපු ආත්මාර්ථකාමී ම්ලේච්ඡ යුගයක් අපි පසු කළා. ඒවා ගැන කාටවත් සිහි නොවීම කනගාටුවට කරුණකි (නදී)
ඔබ මේ රටට සේවයක් කල නායකයෙකු බව පිළිගන්නා මුත් එසේ කල එකම නායකයා ඔබ පමණක්ම නොවේ. නිදහසින් පසු බිහි වූ සියලලුම නායකයන් රටට වැඩ කර ඇති බව ඉතිහාසය අද්‍යනය කල විට පෙනේ. එසේම මේ රට පාලනය කල හැකි එකම නායකයා ඔබ විතරක් නොවේ. තවත් නායකයෝ බිහි වේවි. ඒ අයට ඒ කටයුත්ත කිරීමට ඔබ ඉඩ හැරිය යතුය (නදී)
හක්කේ බුදු රැස්, බොක්කේ දඩ මස්. ලංකාවේ ඉන්නේ අඳ,ගොළු බිහිරි,අය පමණක්ද? මැරිලා ඉපදුනා වගේ මෙයාගේ කතාව. ජනාධිපතිවරණ ප්‍රතිඵල වලට වඩා විශාල පරාජයක් අනිවාර්යෙන්ම මේතුමාට ලැබෙන්නේ වට කරගෙන ඉන්න සියල්ලටත් එක්කමයි. එ්ක වැලක් වන්න මොන සංදර්ශන දැම්මත් හරියන්නේ නැහැ.(නදී)
යහපාලන අය බය වෙලා. මහින්ද මහත්තය නියෝජනය කරන්නේ එතුමාට ඡන්දෙ දීපු ලක්ෂ 58. එතුමා ගැන ඒ ඡන්දෙ දීපු අපි බලා ගන්නම්..ඔයාල නිකරුනේ පෙට්‍රල් පුච්චන්නේ නැතුව ඔය 62 පරිස්සම් කරගන්න ක්‍රම වේදයක් හොයා ගන්න..මේ ඡන්දෙන් අපි තීරණය කරන්නම් ජනවාරි අට වෙනිදා වුනේ ඇත්තටම වෙනසක්ද නැත්නම් කෘතිමව මවාපාපු බොරුවෙන් වංචාවෙන් කළ වෙනසක්ද කියල..(බ)
මහින්ද මහතාට ජයවේවා! (නි)
ජනාධිපතිවරණයේදී ඔයිට වඩා සෙනග ආවා කෝ දිනුවද? ඕවා සල්ලිවලට (බ)
මැදමූලන ජනතාව කවදත් බුද්ධිමත් (නි)
1994 දි කළ එකම වරද 1977 දි ප්‍රචන්ඩ ක්‍රියා කළ සහන් ලගෙ තාත්තලට දැඩි දඩුවම් නොදීම. කොල්ල කෑ දේපළ පුද්ගලික මුදලින් අයකරල සිර දඩුවම් මරණ දඩුවම් දුන්නනම් සහන්ලගෙ සද්දෙ ඊට වඩා අඩුවෙනව(නදී)
තමන්ගේ කැමැත්ත අනුව මෙහි කොමෙන්ට් දාන්න පුළුවන්. එහෙත් රටේ තත්වය ස්වාධීනව අධ්‍යයනය කරන විට නම් පෙනෙන්නේ මුළු රටම මහින්ද ඉල්ලන බවයි. මෙය ජනාධිපතිවරණය නොවන නිසා උතුරු නැගෙනහිර අවාසිය මහා මැතිවරණයේදී එතුමාට නැහැ. ඒ නිසා සන්ධානය මහින්දගේ නායකත්වයෙන් නැවත දිනන බවයි කිව හැක්කේ.(නදී)
මැදමූලන ජනතාවට ජයවේවා! (නි)
ලාංකිකයිනි, ඉතිහාසයේ මහා දරුණුම ඛේදවාචකයට ඉඩ නොතබන්න. හොරු එලියට එන්න හදන හැදිල්ලක්. (නදී)
ලංකාව ගැන කනගාටුයි. මේ තරම් පවුලේ අය දුෂණ කරපු නායකයෙකුට ආයෙත් ජනතාව කැමැති වේවිද කෙසේ නමුත් කොළඹ දිස්තුික්කය මහින්ද පරදින බව අනිවාර්යයි රටට වෙනසක් අවශ්‍ය බව ජනතාව තේරුම් ගනිවි. මම අද කියනවා මහින්ද දින්නත් රජයක් පිහිටුවිමට නොහැකි බව (බ)
ජනතාව මහින්ද සමගයි.(හේ)
ත්‍රස්‌තවාදය පරාජය කර රට රැක ගැනීම පිළිබඳ මහින්ද රාජපක්‍ෂ මහත්තයාට අපේ කෘතඥතාවය හිමි විය යුතුයි. එතුමාට පමණක් නොව රට එක්‌සත් කළ රජවරුන්ටත් එම කෘතඥතාවය පිදිය යුතුයි.
ජයවේවා.(හේ)
අනේ මන්දා මොනවද මේ සිද්ධවෙන්නේ කියලා (නි)
සම්පූර්ණ වැරැද්ද මෛත්‍රිය කිරීම. 77 වගේ නිදහස දුන්නා නම් අද මෙහෙම කතන්දර කියව කියව ඉන්නේ නැහැ එහෙනම් නැට්ට අස්සේ ගහගෙන ඔක්කොම හැංගිලා ඉන්නේ (නදී)
මැදි මුලන වහල්ලුන්ට මේ රටේ බුද්ධිමතුන් උපරිමයෙන් උත්තර දෙනවා. මුළු වහල් මැදමුලනම මේ පාර අපි පරාජය කරනවා. සාරි කෑල්ලට ඔරොලෝසුවට 50000 බයික් එකට දන්සලට අපේකමට ජන්දය දෙන තොපි තාමත් ඇමරිකාවේ සිටි ශ්‍රේෂ්ඨම ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ජන්දය ඉල්ලු වෙලාවේ හිටිය වහල්ලු වගේම තමයි. (බ)
ඔබ තුමා දැන් අවුරුදු 10 ක් ම රට පාලනය කලානේ. එහෙව් එකේ තව කෙනෙකුට අවස්තාව දී ඔබ තුමාගේ ගෞරවය ආරක්ෂා කරගෙන මේ කුහක දේශපාලනයෙන් ඈත් වෙන්න බලන්න. (නදී)
අනේ අපි නොදන්නා "ජනවාරි 9 වැනිදා බහුතර ජනතාවගේ හිස නැමූ බව". හිස නමන්න අමාරු හින්දා වෙන්න ඕන ප්‍රතිපල නිකුත් කරන තැන සී.අයි.ඩී එකෙන් හිටිය අයව කොමසාරිස්ට අයින් කරන්න උනේ. ඡන්ද ප්‍රතිපල පමා උනේ. (නදී)
මේ සියල්ල ඇත්ත රටේ ජනතාවට එය දන්නව ඒ නිසයි මෙතරම් ජන ගංගාවක් මේ රැලි සදහා සහභාගී වෙන්නෙ.(නදී)
"ප්‍රජාතස්ත්‍රවාදය" තමයි ඉතින්.... කවුද නෑ කිව්වේ? (නදී)
හොරු 40 හම්බු කරපු (හොරා කාපු මහජන මුදල්) තියනවා නෙව අතපය දිගහැර වියදම් කරන්න. (නදී)
ප්‍රජාතන්ත්‍රවාදී ජන නායකයාණෙනි එක්නලිගොඩට, ලසන්ත වික්‍රමතුංග ට මොකද උනේ ? (නදී)
අපි නොදන්නා එයාගේ ප්‍රජාතන්ත්‍රවාදය.(නදී)
බුදු දහමට නිගරු කරන්න එපා ලොක්කා. තමන් කරපු නීති විරෝදී වැඩ සේරම දැන් දැන් එලියට එනවා. ඒ හින්දා බලය අරගෙන ඒ සේරම වහන්න හදනවා කියල අපි දන්නවා. ඒත් අගෝස්තු 17 අපි ඔබ තුමාට හොඳ පාඩමක් උගන්වනවා. අායෙත් ඔය වගේ තණ්හාවෙන් වැඩ නොකරන්න.(නදී)
කවුරු මොනව කිව්වත් ඔබතුමා තමයි මේ රටට සුදුසුම නායකයා. ඔබතුමාට ජයවේවා! (බ)
රාජපක්ෂ ඡන්දෙට ආවත් නාවත් එජාපය දිනනවා..(නදී)
විශ්‍රාම අරන් පවුනොදී ගෙදරට වෙලා ඉන්න තිබුනු චාන්ස් එක අහක දැම්මේ හොරාකාපු අයගෙන් තව හොරාකන්න කරදරේ නිසා වෙන්නැති. ජන. 17 තමයි ලොක්කා පාඩම ඉගෙන ගන්නේ. (නදී)
බත් පැකට් ජනතාව තමයි එකතු වෙන්නේ (නි)
225 න් 120 ක් ගන්න පුළුවන්. ඉතිරිය පස්සේ එකතුකර ගත්ත හැකියි. (ර)