මැදපෙරදිග ගෘහ සේවය සඳහා පිටත්ව යන කාන්තාවන්ට ලබාදෙන දින 21 ක් පුරා පැවැත්වුණු පුහුණුව දින 40 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
අදාළ පුහුණුවේ ගුණාත්මක භාවය පිළිබඳව කරුණු සළකා බලා මෙම තීරණය ගනු ලැබූ බව එම කාර්යාංශය කියයි.
ඒ අනුව මෙම කාලය තුළ විශේෂ ක්‍ෂේත්‍ර කිහිපයක් කෙරෙහි නිපුණතාව හා පුහුණුව වැඩිදියුණු කිරීමට අවධානය යොමු කර ඇත.
ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ගෘහ සේවය සඳහා පිටත්වන කාන්තාවන් දැනුම්වත් කිරීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දින හතළිහක් නෙවෙයි මාස හතළිහක් පුහුණු කළත්, මැද පෙරදිග මිනිස්සුන්ගේ නපුරු ගති අරින්න බැහැ, ඒක නිසා විහිළු නොකර කාන්තාවන් එවීම නැවැත්විය යුතුයි.(අ)
අපේ රටේ රජය මේ මැදපෙරදිග ගෘහ සේවය සඳහා පිටත්ව යන කාන්තාවන්ට පුහුණුව ලබා දීල බාහිර ෆර්ම් එකෙන් දවස් 45 කුකුලන් හදනවා වගේ මෙහෙට පටවනවා ඒ අය මෙහෙ ආවම ඒ අයටට වනදේ ඒ අය දන්නෙත් නැ ආණ්ඩුව දන්නෙත් නැ අසරණ පවුල් අනාත වන එක විතරයි වෙන්නේ ලංකා ආණ්ඩුව ගැනු වහල් කමට විකුණන එක කවද නතර වන්නේ ඔය විදිහට වෘත්තීය පුහුණුවක් දීල ඇයි පිරිමින් ලෝකේ තියන වැඩබිම් වලට යවන්න බැරි මේ රටවල ඕනේ තරම් රැකියා තියනවා හැබැයි පිනට කන්න නෙවේ මහන්සියෙන් වැඩකරලා මුදල් උපාය ගන්න අපිට වඩා දුප්පත් රටවල මේ වහල් වෙළදාම නවතාල තියනවා නම් ඇයි අපේ රජයට මේක කරන්න බැරි රජයත් රටේ ඉන්න පිරිමිත් ගැනු වහල් කමට දීල පිනට කල ඉන්න පින් ගොන්නු රැලක් බවට පත් වෙලා තියෙන්නේ මේකේ විනාසේ තේරන අපේ රටේ ඉන්න විද්වතුන් කියන ආණ්ඩුවට උපදෙස් දෙන ගොන් රැලටවත් තේරෙන්න නැත්තේ රටේ ජාතියේ අවාසනාවට (අ)
බොහොම හොඳ දෙයක්. ඒ වුණත් මෙම පුහුණුව වගේ දේවල් සාමාන්‍ය ගෘහනියන්ටත් දැනගැනීමට හැකිවන පරිදි රූපවාහිනී වැඩසටහන් මඟින් පෙන්වනවා නම් මුළු රටේම කාන්තාවන්ගේ දැනුම සහ ගුණාත්මකබව වර්ධනය වෙනවා නේද? (නි)
කතුන් මැදපෙරදිග යන එක නවත්වන එකයි දැන් කළයුත්තේ (නි)
පුහුණු කරලා ලංකාවේ රැකියාවක් දෙන්න. මැදපෙරදිගට එවන්න එපා වහල් වැඩට (නි)
මැදපෙරදිග යන කතුන්ට පුහුණුවක් දීමට පෙර ඔවුන් යවන ඒජන්සිකරුවන්ට පුහුණුවක් සහ ඔවුන්ගේ වගකීම් ගැන දැනුවත් කළොත් නරකද? මෙතෙක් සිදුවී ඇති කරුණු අනුව පෙනෙන්නේ ඔවුන් මෙම කතුන් ගෘහ සේවිකාවන් ලෙස අදාල රටවලට යැවීමෙන් පසු ඔවුන්ගේ වගකීම ඉටුවී නැති බව වන අතර විදෙස් රැකියා කාර්යංශයටද ඔවුන්ගේ ආරක්ෂාව ගැන සොයාබැලීම කළ නොහැකි බවය. තමන් නොදන්නා රටක ගෙදරක හෝ වෙනත් ස්ථානයකට ගොස් සේවය කිරීමේදී ඔවුන්ගේ ආරක්ෂාව ගැනද රජය මෙන්ම ඒජන්සිකරුවන් වගකිව යුතුය (නි)