IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මැදපෙරදිග යන කතුන්ට දින 40ක පුහුණුවක්

මැදපෙරදිග ගෘහ සේවය සඳහා පිටත්ව යන කාන්තාවන්ට ලබාදෙන  දින 21 ක් පුරා පැවැත්වුණු පුහුණුව දින 40 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

අදාළ පුහුණුවේ ගුණාත්මක භාවය පිළිබඳව කරුණු සළකා බලා මෙම තීරණය ගනු ලැබූ බව එම කාර්යාංශය කියයි.

ඒ අනුව මෙම  කාලය තුළ විශේෂ ක්‍ෂේත්‍ර කිහිපයක් කෙරෙහි නිපුණතාව හා පුහුණුව  වැඩිදියුණු කිරීමට  අවධානය යොමු කර ඇත.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන්  ගෘහ සේවය සඳහා පිටත්වන කාන්තාවන් දැනුම්වත් කිරීමට නියමිත බව  විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.



අදහස් (0)

මැදපෙරදිග යන කතුන්ට දින 40ක පුහුණුවක්

සේන Saturday, 23 January 2016 05:14 AM

දින හතළිහක් නෙවෙයි මාස හතළිහක් පුහුණු කළත්, මැද පෙරදිග මිනිස්සුන්ගේ නපුරු ගති අරින්න බැහැ, ඒක නිසා විහිළු නොකර කාන්තාවන් එවීම නැවැත්විය යුතුයි.(අ)

:       0       0

ශාන සෞදි Saturday, 23 January 2016 05:24 AM

අපේ රටේ රජය මේ මැදපෙරදිග ගෘහ සේවය සඳහා පිටත්ව යන කාන්තාවන්ට පුහුණුව ලබා දීල බාහිර ෆර්ම් එකෙන් දවස් 45 කුකුලන් හදනවා වගේ මෙහෙට පටවනවා ඒ අය මෙහෙ ආවම ඒ අයටට වනදේ ඒ අය දන්නෙත් නැ ආණ්ඩුව දන්නෙත් නැ අසරණ පවුල් අනාත වන එක විතරයි වෙන්නේ ලංකා ආණ්ඩුව ගැනු වහල් කමට විකුණන එක කවද නතර වන්නේ ඔය විදිහට වෘත්තීය පුහුණුවක් දීල ඇයි පිරිමින් ලෝකේ තියන වැඩබිම් වලට යවන්න බැරි මේ රටවල ඕනේ තරම් රැකියා තියනවා හැබැයි පිනට කන්න නෙවේ මහන්සියෙන් වැඩකරලා මුදල් උපාය ගන්න අපිට වඩා දුප්පත් රටවල මේ වහල් වෙළදාම නවතාල තියනවා නම් ඇයි අපේ රජයට මේක කරන්න බැරි රජයත් රටේ ඉන්න පිරිමිත් ගැනු වහල් කමට දීල පිනට කල ඉන්න පින් ගොන්නු රැලක් බවට පත් වෙලා තියෙන්නේ මේකේ විනාසේ තේරන අපේ රටේ ඉන්න විද්වතුන් කියන ආණ්ඩුවට උපදෙස් දෙන ගොන් රැලටවත් තේරෙන්න නැත්තේ රටේ ජාතියේ අවාසනාවට (අ)

:       0       0

ලලිත් Friday, 22 January 2016 02:41 PM

බොහොම හොඳ දෙයක්. ඒ වුණත් මෙම පුහුණුව වගේ දේවල් සාමාන්‍ය ගෘහනියන්ටත් දැනගැනීමට හැකිවන පරිදි රූපවාහිනී වැඩසටහන් මඟින් පෙන්වනවා නම් මුළු රටේම කාන්තාවන්ගේ දැනුම සහ ගුණාත්මකබව වර්ධනය වෙනවා නේද? (නි)

:       0       0

යොහාන් Friday, 22 January 2016 03:14 PM

කතුන් මැදපෙරදිග යන එක නවත්වන එකයි දැන් කළයුත්තේ (නි)

:       0       0

ඕමාන් Friday, 22 January 2016 03:40 PM

පුහුණු කරලා ලංකාවේ රැකියාවක් දෙන්න. මැදපෙරදිගට එවන්න එපා වහල් වැඩට (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Friday, 22 January 2016 05:27 PM

මැදපෙරදිග යන කතුන්ට පුහුණුවක් දීමට පෙර ඔවුන් යවන ඒජන්සිකරුවන්ට පුහුණුවක් සහ ඔවුන්ගේ වගකීම් ගැන දැනුවත් කළොත් නරකද? මෙතෙක් සිදුවී ඇති කරුණු අනුව පෙනෙන්නේ ඔවුන් මෙම කතුන් ගෘහ සේවිකාවන් ලෙස අදාල රටවලට යැවීමෙන් පසු ඔවුන්ගේ වගකීම ඉටුවී නැති බව වන අතර විදෙස් රැකියා කාර්යංශයටද ඔවුන්ගේ ආරක්ෂාව ගැන සොයාබැලීම කළ නොහැකි බවය. තමන් නොදන්නා රටක ගෙදරක හෝ වෙනත් ස්ථානයකට ගොස් සේවය කිරීමේදී ඔවුන්ගේ ආරක්ෂාව ගැනද රජය මෙන්ම ඒජන්සිකරුවන් වගකිව යුතුය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site