විවිධ වද හිංසා වලට ලක් වු කාන්තාවෝ 68 දෙනෙක් කුවේට් සිට ශ්‍රී ලංකාවට අද (28) උදෑසන පැමිණියාහ.
ඔවුහු මාතර, ගාල්ල, කුරුණෑගල, අනුරාධපුර,ගලෙන්බිදුනවැව ප්‍රදේශ වල පදිංචිකරුවෝය.
කුට එජන්සිකරුවන් හට රැවටී නොවිඳින දුක් විඳ ආ බව ඔවුන් කියති.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කටුනායක සහන පියසෙන් ලැබුණු මඟ වියදමින් ඔවුන් ගම රට බලා ගියේය.
![20160328_081404[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160328_0814041.jpg)
![20160328_082459[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160328_0824591.jpg)
![20160328_082517[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160328_0825171.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරද කොතනද? ලියන්න වචන නැත? (ර)
ඇයි මේ විදේශ සේවා එකට වන්දියක් දෙන්න බැරි මේ අයට.රක්ෂණය මොකටද මේ වෙලාවේ නැත්තම් (බ)
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කටුනායක සහන පියසෙන් ලැබුණු මඟ වියදමින් ඔවුන් ගම රට බලා ගියේය. යන කියමන සම්පුර්ණයෙන්ම වැරදියි . ඔය හැම කාන්තාවක්ම රටින් පිටවන විට කාර්යාංශයට හෝ ගුවන්තොටුපලට රුපියල් 15,000 පමණ ආවරණයක් ලෙස ගෙවිය යුතයි. නැවත ගෙවන්නේ එයින් කොටසක් මිසක් පිනට නෙමෙයි . (ර)
අපේ කාන්තාවන්ට ඇතිවෙන ඉරණම මේකද මේ රට වල ඔවූන් හරිම අසරණයි අපේ රජය මන්ද ගාමී ගමනක් යන්නේ. (ර)
නිතර මෙවැනි සිදුවීම් අසන්නට ලැබුනත්, මීට වගකිවයුතු කුට එජන්සිකරුවන්ට ලැබන දඬුවමක් ගැන අසන්නට නොලැබෙන්නේ ඇයි. (ර)
ආයේ මේ රටවලට අපේ කාන්තාවන් යවන්න එපා.(හේ)
මේ ලජ්ජා සහගත රස්සාවට මේ රටේ කාන්තාවෝ තවමත් යවන එක ගැන අපේ රටේ පාලකයෝ ලජ්ජා වෙන්න ඕනේ.පිට රටකට යවන්න ඕනේ උගත් හා පුහුණු ශ්‍රමිකයන්.එතකොට තමයි ඒක රටට වගේම ලෝකයටත් ප්‍රයෝජනවත් වෙන්නේ.ලෝකයේ ඉහලම සාක්ෂරතාවයක් තියෙනවා කියල පාලකයෝම කෑගහන රටෙන් වැඩිපුරම යවන්නේ නුපුහුණු ශ්‍රමිකයෝ.එහෙම කරලා අපි ශ්‍රේෂ්ට ජාතියක් කියලත් බෙරිහන් දෙනවා.(හේ)
අපේ රටේ ප්‍රධාන අදායම් මාර්ගයක් විදිහට සහ රටේ සංවර්දනය වෙනුවෙන් දායකත්වයක් ලබාදෙන පිරිසක් විදිහට මැදපෙරදිග රටවලට සේවය කරන්න යන කාන්තාවන් හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ඔවුන්ගේ ආරක්ෂාව සහ රැකවරණය ලැබෙන රටකට යවන්න පිළිගත් ආයතන ඇති කළ යුතුයි.(හේ)
ලංකාවේ බේබදු සැමියන් මෙයට 80% වග කියන්න ඕනේ. ඇත්තටම අපි ගෑනු රට යවලා කන්න තරම් දුප්පත්ත්ද? අද ලංකාවේ කුලී වැඩක් කරත් 1500 ක් ගන්න පුළුවන්. ගැහැණු රට පැටවීම රජය ඉක්මනින් නතර කරන්න ඕනේ. අවාසනාවකට රජය එය නොකර තවත් වැඩි කරම්න් සිටිති. (ර)
අනේ මන්ද මේ මිනිස්සු කවද හැදෙයිද මන්ද? මේතරම් හොඳ බටහිර රටවල් තියෙද්දී කිසි ප්‍රජාතන්ත්‍රවාදයක් නැති මැද පෙරදිග රටවලට යන්නේ. සොච්චම් පඩියට. (ස)
මේ අහින්සකඉන්ට කිසිම ගරුසරුවක් නැතිව කතාකරන හැටි. (ර)
අත පය බේරාගෙන, පණ බේරාගෙන ගෙවල් වලට ආපු එක ගැන සතුටුයි. හැම අවුරුද්දකම මිනීපෙට්ටි වලිනුත් කොච්චර එනවද? මේ කාන්තාවෝ රට යාම නවත්වල පිරිමින්ට ඩ්‍රයිවින් වලට යන්නවත් බැරිද මන්දා.ලංකාවේ ගෙවල් වල වැඩට යන්න ලජ්ජා කට්ටිය, මද පෙරදිග ගිහින් වැසිකිලිත් හෝදනවා. සමහරු ළමයිනුත් වඩාගෙන එනවා. කවදද මේ මැදපෙරදිග යාම නවතින්නේ? (අ)
අපේ කාන්තාවන් පිටරටවල ගෙවල්වල මෙහෙකාරකමට යැවීම නවත්තන්නේ කවදද? (බ)
ලංකාවෙන් පිටත්ව එන කොට සාරි පොටෙන් ඇදගෙන ගිහින් විදේශ සේවා එකෙන් බලහත්කාරයෙන් ලබා ගන්න රක්ෂණ කෝ දැන් ගෙවාපියව් අසරණයන්ගේ වන්දි (බ)
මේ කවුරුවත් ආන්ඩුව ටිකට් එකක් දීලා බලෙන් පටවලා නෑහැනේ තම්න්ගේ උවමනාවට ගියානම් ආන්ඩුවට දොස් කියන්නේ මොකටද? මොන ආන්ඩුවට හරි මම කියන්නේ (බ)
ඔය කුවේට් සෞදි ගිහින් ගෘහ සේවක සේවිකාවන් රියදුරන් වන අයට මේ ලංකාවෙත් එම වෙටුපම දැන් ගන්න පුළුවන් , එහෙත් ඔවුන් එම රැකියා ලංකාවේ කිරීමට ලැජ්ජාවක් හෝ මැලි කමක් නිසා , මෙවැනි විපත් කර ගන්නවා. (ර)
අපේ මන්ත්‍රීවරුන්ගේ පඩිය තව ලක්ෂයක් විතර වැඩිකරලා දීපල්ලා. අපිට ජීවත්වෙන්න බැහැ ලැබෙන ලක්ෂ එකාහමාරෙන් සහ අනෙකුත් කෝටි ගණන් දීමනාවලින් (බ)