IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මීද්දරමුල්ලේ වෙඩිතැබීම: පොලිස් සුනඛයා කරන්දෙණිය යුද හමුදා කඳවුරට රිංගයි

(ඩී.ජී.සුගතපාල) 

අහුන්ගල්ල මීද්දරමුල්ල ප්‍රෙද්ශයේදී ඉකුත් (14) සවස පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් පරික්ෂණ සඳහා යොදවන ලද නිල සුනඛයා  කරන්දෙණියේ පිහිටි යුධ හමුදා සන්නද්ධ බුද්ධි බළකා රෙජමේන්තු කඳවුරට ඇතුලුවිම නිසා එම කඳවුරේ එදින රාජකාරියේ නිරතව සිටි හමුදා සෙබලුන්ට නිකුත්කර තිබු ටී.56 ගිනි අවි 36 ක් අද(18) දින පොලිස් බාරයට ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.

අහුන්ගල්ල මිද්දරමුල්ල අමරමෝලි මාවත පදිංචිව සිටි එනාදු තරිඳු ධනුෂ්ක සිල්වා නමැති  පුද්ගලයා එදින සවස තම සොහොයුරිගේ  කුඩා දරුවන් දෙදෙනකුද නංවාගෙන යතුරු පැදියෙන් යමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් වෙඩි තබා පලාගොස් තිබිණි. පසුව ඔහු බලපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති අතර වෙඩි ප්‍රහාරය එල්ලවිමත් සමග යතුරුපැදියේ සිට බිමට වැටි ඇති අවුරුදු පහක සහ අවුරුදු එකහ මාරක කුඩා දරුවෝ දෙදෙනා ද තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කරනු ලැබූහ.

මේ අතර ඝාතනය සඳහා සැකකරුවන් පැමිණ ඇති බවට සැක කරන යතුරු පැදිය කරන්දෙණිය පොලිස් වසමේ  ඇරැව්වල  යුද හමුදා බුද්ධි ඒකකය අසල කුරුඳු ඉඩමක දමාගොස් තිබියදි 15 වන දින සවස පොලිසිය විසින් සොයාගන්නා ලදි.

පසුව වැඩිදුරටත් නිල සුනඛයින් යොදවා පරික්ෂණ කිරිමේදි නිල සුනඛයා හමුදා කඳවුර තුලට ඇතුලුවිම නිසා එදින රාජකාරියේ සිටි සෙබලුන්ට නිකුත්කර තිබු ටි.56 ගිනි අවි 36ක් මෙසේ පොලිස් බාරයට ගෙන ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසුවේ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් එම ගිනි අවි රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කරන බවයි.

අහුන්ගල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලැබේ.

 



අදහස් (3)

මීද්දරමුල්ලේ වෙඩිතැබීම: පොලිස් සුනඛයා කරන්දෙණිය යුද හමුදා කඳවුරට රිංගයි

ලුම්බිණි Wednesday, 19 April 2023 05:31 AM

සන්නද්ධ බුද්ධි බළකාය හරියටම රාජකාරි කරන බවක් පේනවා.

:       1       5

උඩුගම්පොල Wednesday, 19 April 2023 01:10 PM

බුද්ධි බලකාය වුණාට බුද්ධිමත්ව වැඩේ කරලා නෑ. පුහුණුව මදි.

:       1       4

පිටිගල මිලානෝ Wednesday, 19 April 2023 01:25 PM

පාතාලේ අමරසිංහලාත් මේ වැඩේ කළා. කෑම්ප් අස්සේ ඉන්න සෙබලුන්ට කොන්ත්‍රාත් එක බාරදෙනවා. රෑට හොරෙන් ඇවිල්ලා ගහලා යනවා.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site