
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ටී කේ ජි කපිල)
පාතාල ක්‍රියාකරුවකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නදුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තාගේ මස්සිනා මිදිගම රුවන් නමැත්තා අද අලුයම මේ රටට රැගෙන එනු ලැබීය.
ඩුබායි රටේදී එරට පොලිසිය විසින් මීට මාස දෙකකට පෙරදී අත්අඩංගුවට ගැනුණු මිදිගම රුවන් නමැත්තා මේ රටට රැගෙන ඒම සඳහා කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු පොලිස් කණ්ඩායමක් එරටට ගොස් තිබිණි.
ඩුබායි රටේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුමකට සම්බන්ධය යැයි කියමින් මොහු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
කටුනායක ගුවන්තොටුපළට රැගෙන ආ මිදිගම රුවන් නමැත්තා වැඩිදුර විමර්ශන සඳහා විශේෂ රැකවල් යටතේ කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට රැගෙන ගොස් ඇත.
හරක් කටා නැමැත්තා මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවන අතර ඔහු රහස් පොලිසියේ රඳවා සිටියදී රහස් පොලිස් අත්අඩංගුවෙන් මුදවා ගැනීමට මිදිගම රුවන් නැමැත්තා එරට සිට සැලසුම් කර තිබිණි යැයිද රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඡායාරූප- ටී කේ ජි කපිල
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිදිගම රුවන් රැගෙන එයි
Bunny Preena Friday, 31 May 2024 09:32 AM
රෙද්දකින් වහලා පොරවාගෙන එන්නේ මොනවා හරි දුමාරයක් අල්ලන්නවත්ද ?
Don DonFriday, 31 May 2024 10:37 AM
නැහැ ළමයා ලොකු වෙලා, අපි දැක්කොත් ලැජ්ජා හිතෙයි කියලා වෙන්න ඕනෑ. මොවුන්ට ඔක්කොම ජරා වැඩ කරන්න පුළුවන් අහුවුණාම මුහුණ තමයි හංගන්නේ...
රංබොඩ Friday, 31 May 2024 09:57 AM
කළුකෝට් ඇඳගත්ත අය මෙයාව පිළිගන්න ගිහින් හිටියෙ නෑ නෙව. දැන් ඉතින් දත් මදිනව ඇති කුට්ටි කුට්ටි අරගෙන මෙයාව නිදසහ් කරගන්න
Kazi Shajahan Friday, 31 May 2024 12:38 PM
ඔක්කොම අපරාධකාරයෝ ගෙනාවා..., මොකද අර්ජුන් මහේන්ද්‍රන් විතරක් ගේන්නේ නැත්තේ...
රටවැසියෙක් Friday, 31 May 2024 01:37 PM
හරියට එන්නේ ප්‍රභූවරයෙක් වගේ. ටයි, කෝට් දාලා. පාතාලයින්ට ගිය කලක්. ඔය ගේන අපරාධ කාරයින්ට මොනවාද කරන්නේ...? නඩු අහලා දඬුවම් දෙන්නේ නැද්ද? ඔවුන් හිරේ ඉඳන් ජාලය මෙහෙයවනවා...