
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ටී කේ ජි කපිල)
පාතාල ක්‍රියාකරුවකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නදුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තාගේ මස්සිනා මිදිගම රුවන් නමැත්තා අද අලුයම මේ රටට රැගෙන එනු ලැබීය.
ඩුබායි රටේදී එරට පොලිසිය විසින් මීට මාස දෙකකට පෙරදී අත්අඩංගුවට ගැනුණු මිදිගම රුවන් නමැත්තා මේ රටට රැගෙන ඒම සඳහා කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු පොලිස් කණ්ඩායමක් එරටට ගොස් තිබිණි.
ඩුබායි රටේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුමකට සම්බන්ධය යැයි කියමින් මොහු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
කටුනායක ගුවන්තොටුපළට රැගෙන ආ මිදිගම රුවන් නමැත්තා වැඩිදුර විමර්ශන සඳහා විශේෂ රැකවල් යටතේ කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට රැගෙන ගොස් ඇත.
හරක් කටා නැමැත්තා මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවන අතර ඔහු රහස් පොලිසියේ රඳවා සිටියදී රහස් පොලිස් අත්අඩංගුවෙන් මුදවා ගැනීමට මිදිගම රුවන් නැමැත්තා එරට සිට සැලසුම් කර තිබිණි යැයිද රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඡායාරූප- ටී කේ ජි කපිල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෙද්දකින් වහලා පොරවාගෙන එන්නේ මොනවා හරි දුමාරයක් අල්ලන්නවත්ද ?
කළුකෝට් ඇඳගත්ත අය මෙයාව පිළිගන්න ගිහින් හිටියෙ නෑ නෙව. දැන් ඉතින් දත් මදිනව ඇති කුට්ටි කුට්ටි අරගෙන මෙයාව නිදසහ් කරගන්න
ඔක්කොම අපරාධකාරයෝ ගෙනාවා..., මොකද අර්ජුන් මහේන්ද්‍රන් විතරක් ගේන්නේ නැත්තේ...
හරියට එන්නේ ප්‍රභූවරයෙක් වගේ. ටයි, කෝට් දාලා. පාතාලයින්ට ගිය කලක්. ඔය ගේන අපරාධ කාරයින්ට මොනවාද කරන්නේ...? නඩු අහලා දඬුවම් දෙන්නේ නැද්ද? ඔවුන් හිරේ ඉඳන් ජාලය මෙහෙයවනවා...