වැලිගම, මිදිගම ගුරුබැවිල ප්‍රදේශයේදී තිදෙනකුට මරු කැඳවූ රිය අනතුරට සම්බන්ධ මෝටර් රථය පැදවූ ලුතිනන් කර්නල්වරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවීමට යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා අද පියවර ගත් බව යුද හමුදා මූලස්ථානය කියයි.
වැටුප් රහිතව මාතර ආපදා කළමනාකරණ ප්‍රධානී ලෙස කටයුතු කළ එල්.බී.අත්තනායක ලුතිනන් කර්නල්වරයාගේ සේවය අත් හිටුවා ඇති අතර රිය අනතුර සම්බන්ධයෙන් හේවා බළකායේ විනයාරක්ෂකාධිපති බ්‍රිගේඩියර් ගාමිණී සිරිසේන හා නීති අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂක කර්නල් එඩ්වඩ් ජයසිංහ යන මහත්වරු පරීක්ෂණ සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන පදවන විට නින්ද යන අයගේ රියදුරු බලපත් අවලංගු කළ යුතුයි (ම)
මාගේ රියැදුරු උපදෙශක තුමා මට කියාදුන් පලමු පාඩම තමා පදවන වාහනය මහපාරට දැමීමට පෙර හැම රියැදුරෙකු විසින් ම පරීක්ෂා කොට සහතික විය යුතු කරුණු පහකි. 1. රථය සුදුසු තත්වයෙන් තිබිය යුතුය 2. තමා වාහනය පැදවීමට සුදුසු තත්වයෙන් සිටිය යුතුය 3. තමාට වාහනය පැදවීමට බලපත්‍රයක් තිබිය යුතුය 4. අදාල රථය සඳහා නිසි බලපත්‍රයක් තිබිය යුතුය 5. රථය රක්ෂණය කොට තිබිය යුතුය ඉහත අංක 2 අනුව තමා සුදුසුතත්වයෙන් සිටීම යනු මනා සෞඛ්‍ය තත්වයකින් යුතුව ( හොඳ ඇස් පෙනීම, රථය ධාවනය කිරීමට අපහසු වන ආබාධ වලින් තොර වීම, මත්පැන් හෝ මත් ද්‍රව්‍ය පානය කොට නොසිටීම, නිදිමතින් නොසිටීම හෝ නිදිමත ඇතිවන ඖෂධ නොගෙන සිටීම සහ රථය පැදවීම සඳහා යහපත් කායික හා මානසික තත්වයෙන් යුක්ත වීම ) රථය ධාවනය කිරීමට අවශ්‍ය වන්නාවූ ආරක්ෂිත බඳපටි හෝ හිස් ආවරණ පැලැඳ සිටීම අදහස් වේ. ඒ අනුව නිදිමත නිසා යම් අනතුරක් සිදුවීම නිදහසට කරුණක් නොවේ (බ)
කොහොමත් ඒ අය වාහන එලවන්නේ එයාලට කිසිම නීතියක් අදාල නැති විදියට.(හේ)
වාහන පදවන විට නින්ද යන එක කාටවත් නවත්වන්න බැහැ, ඇත්තටම නිින්ද නොයාම නෙවෙයි, එක ඉරියව්වක නිසා කළු ඉංගිරියාව නොපෙනී යනවා, එය අරාබිකරයේ කාන්තාර හරහා යනවිට වෙන දෙයක් (ම)
මාස හතක දෙමල කොල්ලෙක් එක්ක හත් දෙනෙක් මැරුව කියල දිග දුර බලකායේ රණවිරුවෙක්ට මරණ දඬුවම, දැන් මේ තුන් දෙනෙක් මැරුව කියල මේ රණ විරුවාව සේවයෙන් ඉවත් කරලා. මෙහෙමද රණ විරුවන්ට සලකන්නේ. මගේ ඊළඟ ඡන්දෙ මහින්දට. මේ රණ විරුවෝ දෙන්නව බේරා ගන්න. (ස)
මේ ආණ්ඩුව රණවිරුවන්ට සළකන හැටි දැක්ක නේද? (ම)
පෙරේරා .. මමත් ඔයාට එකඟයි. හමුදා නිලධාරියෙක් හැමවිටම හමුදා නීතියට මෙන්ම සිවිල් නීතියටත් යටත්. හිරේ දාල නඩු අහල තුන් දෙනෙකුගේ ජීවිත අහිමි කලාට නිසි දඩුවම් දෙන්න. නීතිය කටත් පොදු වෙන්න එපාය.මෙයා හැමදාම සේවයට වාර්තා කරන්නේ පරක්කු වෙලා නම් සේවා අත් හිටවන්නත් පුළුවනි.පටි ගලවන්න එහෙමත් පුළුවනි. (ස)
පිවිතුරු යහපාල ල වගේ පාසල් නොගිය අය තවත් ලංකාවේ ඉන්නවා. එ්ක මහා කරුමයක් රටේ අනිත් ජනතාවගේ. (ස)
පෙරේරලාගේ මොලේ තරම අනිත් අයට තේරෙන්න දෙන්න එපා. රණවිරුවො තියා අම්මා උනත් වැරැද්දට දඬුවම් දෙන්න ඕනෑ. (ස)
ප්‍රදීප් රටේ රණවිරුවන්ට අපහාස කරන ඔබ කුහකයෙකි. (ස)