හින්දු ආගම මර්දනය කරමින් ශ්‍රී ලංකා රජය බෞද්ධ ජාතිකවාද ප්‍රතිපත්තියක් ගෙන යන බවත් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ බෞද්ධ උත්සවයකට සහභාගී වීමට විරුද්ධ වන බවත් ඉන්දියාවේ හින්දු මක්කල් කච්චි නායක අර්ජුන් සම්පත් මහතා පවසයි.
මුළු ශ්‍රී ලංකා දිවයිනම බෞද්ධ දේශයක් ලෙස නම් කර ඇතැයිද ශ්‍රී ලංකාවේම ජාතියක් වන හින්දු ජාතිකයින් සංහාරයට පත් කර ඇතැයි ද අර්ජුන් සම්පත් මහතා පවසයි.
ඉන්දියානු අගමැතිවරයා මැයි 12 වැනිදා සිට 14 වැනි දා දක්වා ශ්‍රි ලංකාවේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයට සහභාගී වීම සඳහා පැමිණීමට නියමිතය.
(ඩේලිමිරර් ඇසුරෙනි-042)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා මේ එන්නේ අපේ ඇමති උත්තමයෝ රටවල් වල ගිහින් සවාරි ගහලා හිස් අතින් එනවා වගේ නිකම්ම වෙසක් බලලා, අපේ දුක සැප අහල යන්න නෙමයි, අර ඉස්සරම උතුරට ගියා වගේ මේ ගමන ඉස්සෙල්ලම යන්නේ "කඳුරටට" එහෙ ඉන්න දෙමල ඇත්තන්ගේ සුව දුක් බලලා, ඒ අතරම අපේ හිත පැහැදෙන්න වෙසකුත් බලලා, යන ගමන් අර ත්‍රිකුණාමලේ තියන අපින්යාය පත්‍රය කියවල බලන්න
විරුද්ධ වෙලා නැවතුනොත් ඇති. ගිනි නොතියාගෙන. මේගොල්ලෝ හැම වැඩේටම ගිනි තියාගන්න උදවිය.