IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මෝදිගේ පක්ෂයට බිහාරයේ බලය අහිමි වෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ‘භාරතීය ජනතා පක්ෂය’ට බිහාර් ප්‍රාන්තයේ බලය අහිමි විය.

බිහාරය යනු ඉන්දියාවේ ජනගහනය අතින් තෙවැනි ස්ථානයේ ඇති ප්‍රාන්තයයි. බිහාරයේ ප්‍රබලතම දේශපාලන පක්ෂය වන්නේ ‘ජනතා දාල්’ ය.

2020 වසරේ ප්‍රාන්ත මැතිවරණයෙන්, ’භාරතීය ජනතා පක්ෂය’, ‘ජනතා දාල්’ පක්ෂය සමඟ සන්ධානගත වී රජයක් පිහිටුවා තිබුණි. බිහාර් මහ ඇමැති ධුරය හිමිවී තිබුණේ ‘රාෂ්ත්‍රීය ජනතා දාල්’ පක්ෂ නායක නිතිෂ් කුමාර්ටය.

2020 වසරේ පැවැති බිහාර් ප්‍රාන්ත මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ ආසන 40 න් 39 ක් දිනා ගැනීමට ‘භාරතීය ජානතා පක්ෂය’ ට හැකිවූයේ ඔවුන් නිතිෂ් කුමාර්ගේ ‘ජනතා දාල්’ පක්ෂය සමඟ සන්ධානගත වී සිටි බැවිනි.

‘භාරතීය ජනතා පක්ෂය’ සමඟ පැවැති මත ගැටුම් උත්සන්න වීමත් සමඟ ‘භාරතීය ජනතා පක්ෂ’ පිහිටුවා ගෙන තිබූ සන්ධානයෙන් ඉවත් වීමට නිතිෂ් කුමාර් තීරණය කළේය.

නිතිෂ් කුමාර් සහ ඔහුගේ පක්ෂය, ප්‍රාන්තයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වූ ‘රාෂ්ත්‍රීය ජනතා දාල්’ පක්ෂය සමඟ සන්ධානගත වීමට තීරණය කළේය.

මේ වනවිට, ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ බහුතරය ‘ජනතා දාල්’ සහ ‘රාෂ්ත්‍රීය ජනතා දාල්’ පක්ෂයට හිමි වී ඇති අතර, ‘භාරතීය ජනතා පක්ෂය’ට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි විය.

ඉන්දියාවේ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2024 වසරේදීය. ඉන්දියාවේ සෑම ප්‍රාන්තකම බලය තහවුරු කර ගැනීමට අග්‍රාමාත්‍ය මෝදිගේ ‘භාරතීය ජනතා පක්ෂය’ උත්සාහය වී ඇත. එවැනි අවස්ථාවක, බිහාරයේ බලය ඔවුන්ට අහිමි වීම විශාල පසුබෑමක් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

දේශපාලන විශ්ලේෂකයන් පැහැදිලි කරන ආකාරයට, 2024 මහ මැතිවරණයෙන් ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ‘භාරතීය ජනතා පක්ෂය’ට අතිවිශිෂ්ට ජයක් හිමිවනු ඇත.

එසේ නොවීමට නම්, විපක්ෂ දේශපාලන කණ්ඩායම් සියල්ල එකට එක් වී, ‘භාරතීය ජනතා පක්ෂය’ට අභියෝගයක් විය යුතුය. එසේ අභියෝගයක් වීමට ශක්තිමත් විපක්ෂ සන්ධානයක් ඉන්දියාව තුළ නැත.

(එන්.ඩී.ටීවී)



අදහස් (1)

මෝදිගේ පක්ෂයට බිහාරයේ බලය අහිමි වෙයි

fairoos Wednesday, 10 August 2022 01:52 PM

ශක්තිමත් විපක්ෂයක් ඕනෑ නැහැ. ලංකාවට වෙච්චි දේ දන්නවනේ...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site