වසරකට දින 83 ක් බැගින් ඉදිරි වසර 03ක් සඳහා ශ්‍රී ලංකා මුහුදේ ධීවර කටයුතු කරගෙන යාම සඳහා තමිල්නාඩු ධිවර නියෝජිතයන් විසින් කරන ලද ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කර ඇති බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
පසුගිය කාලයේදී තමිල්නාඩු ධිවරයින් වසරකට දින 120ක් පමණ ශ්‍රී ලංකා මහුදු සීමාවට ඇතුළු වී අනවසරයෙන් ධීවර කටයුතුවල යෙදී රුපියල් බිලියන120කට අධික වටිනාකමක් ඇති මත්ස්‍ය සම්පතක් උදුරාගෙන ගොස් තිබෙන බවද අද (07) එම අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව රවටන ප්‍රකාශයක් නෙමෙයි නේද? තාවකාලිකව මෙසේ කර ඉන්පසු නැවත මේවා ඉන්දියාවට දෙනවාද? (නි)
ඒ දින 83 කාලය තුල ඉන්දීය ධීවරයන්ගේ බිරින්දැ වරුන් යාපනේ ධීවරයන්ට පාවිච්චි කරන්න ඉඩ දෙනව නම් කමක් නෑ. (ස)
සමන් හා 100%ම එකඟයි. එක දවසක් හරි ඉඩදුන්නොත්, එය පදනම් කරගෙන මතුවට සදාකාලික අයිතිය ඔවුන්ට පවරා ගැනීමට ඉඩ ඇත. දවසක් තියා තත්පරයක්වත් ඉඩනොදිය යුතුයි. මේ අවසරය ප්‍රයෝජනයට ගෙන අපේ මුහුදු සීමාවේ, ඔත්තු මෙහෙයුම් පවා සිදුකිරීමට ඉඩ ඇත. තඹ සතයකට විශ්වාස කළ නොහැකි මොවුන් අපේ රටේ ස්වෛරීභාවයටත් මතු තර්ජනයක් වේවි. (නි)
ඉන්දියන්කාරයෝ ඔහොමම තමයා. ළංකර ගත්තොත් විනාශය තමයී.චීනෙත් එක්ක මුළු ලෝකෙම සම්බන්ධ වෙන්නේ ඔය නිසයි. (නි)
මනම්පේරි ගේ අදහස බොහොම හොඳයි එක පැත්තකින් , අනෙක් පැත්තෙන් , ලංකාවේ ජාත්‍යන්තර කටයුතු කරන්න උතුරු පළාත් සබාවට ඉඩ දුන්නොත් , එය පුර්වදාර්ශයක් කරගෙන දිගටම එයාල කෙලින්ම ජාත්‍යන්තරය එක්ක ගනු කරන්න පටන් ගනීවි . මේක එයාලගෙ එක ඉල්ලීමක්. (ස)
අපේ රටේ දෙමළ මිනිස්සු ගැන කිඹුල් කඳුළු හලන තමිල්නාඩුවේ දේශපාලකයෝ මේ මාළු හොරකමට ඉඩදීලා ඒකට තව අවසරත් ඉල්ලනවා. වැස්සක් වැස්සත් ඉන්දියාවට දුවන මේ රටේ ඉන්න දෙමළ දේශපාලයෝ ඇයි මේකට ඉන්දියාවට ගිහින් කතා කරන්නේ නැත්තේ. ඇයි විරුද්ධ වෙන්නේ නැත්තේ. ඉන්දියාව තමන්ගේ මවුබිම කියලා හිතන මේ සමහරුන්ව ඉන්දියාවටම යවන්න ඕනෑ. සිංහල මිනිසුන්ගේ මාළු ටික නෙමෙයි මේ අල්ලාගෙන යන්නේ. දෙමළ දුප්පත් ධීවරයන්ට අල්ලාගන්න තියෙන මාළුටික මේ අල්ලාගෙන යන්නේ.ඉතින් ඇයි දෙමළ දේශපාලකයො මේවට කිසි වචනයක් නොකියා ඉන්නේ. (නි)
ඔය වගේ කතා කියන්නේ ඇයි කියලා අපි දන්නවා (නි)
සුනිල් එක්ක මාත් එකඟයි. මෙයාලා ඔක්කොම එකයි.බොරදියේ මාළු බාන්න තමයි එදා ඉඳලම මේ කවුරුත් අරඅදින්නේ. (නි)
සුනිල් හරියටම හරි. (ස)
මම හිතන්නේ වැරදි දෙයක් වෙනවා කියලා (දී)
කිසි ලෙසකින් වත් ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකා මුහුදේ මසුන් සොරකම් කිරීමට රජය ඉඩ නොදිය යුතුය. මෝඩි හදන්නේ අපේ ජනාධිපතිතුමාගේ කනෙන් රිංගලා, තමිල්නාඩු හෙන්චයියලා සතුටු කිරීමට බව පේනවා. ශ්‍රී ලංකා මුහුද අයිති අපේ දුප්පත් අසරණ ධීවරයන්ට බව ඉන්දියානුවන් හිතේ තබා ගත්තොත් එය දෙරටේ හොඳ හිත තබා ගැනීමට පුළුවන් වේවි...(ස)
ඉන්දීය ධීවරයින්ට එක දිනක් හෝ ලංකා මුහුදේ මසුන් මරන්නට නීතියෙන් ඉඩ නොදිය යුතුයි. එසේ දුනහොත්, එය පූර්වාදර්ශයක් වී, සදාකාලිකව අවසර දීමට සිදුවේවි. දින ගණන එන්න එන්න වැඩි වේවි. දහස් ගණන් යාත්‍රා එම දිනවලදී පැමිණ, සියලු මාළුන් අල්ලා ගනීවි. අපේ මත්ස්‍ය සම්පත අයිති අපේ රටටයි. එය අපේ ධීවර ජනතාව සඳහා විය යුතුයි. මේ පිලිබඳ තීරණ ගැනීම, දෙරටේ ධීවර සංගම් වලට භාර නොදීය යුතුයි. උගත් විද්වත් මඩුල්ලක් විසින් රටේ අනාගතය, සමුද්‍ර නීති, ජාත්‍යන්තර නීති සලකා බලා තීරණ ගැනීම් කලයුතුයි. (ර)
මේක හොඳම වෙලාව ඌරගෙ මාළු කපන්න. ලංකාවෙ උතුරු මුහුදු සීමාවෙ මාළු අල්ලන බහුතරය දෙමළ ජාතීන්ය. එනිසා මෙම මාළු ගැටළුව බේරා ගැනීමේ බලතල උතුරු පළාත් සභාවට බාර දිය යුතුයි. එතකොට විග්නේෂ්වරන්ට පුළුවන් යාපනේ දෙමළද, තමිල්නාඩුවෙ දෙමළද ඕන කියල. කාට ගියත් අපිට කමක් නෑ. මේ දෙගොල්ලොම ලංකාවෙ හතුරො. හතුරො හතුරො මරා ගද්දි අපි මොකටද මැදට පනින්නෙ. මාළු හිගයක් ආවොත් අපි මස් කමු. (ස)
මේගොල්ලන්ට බැරිද චීන මුහුද, අරාබි මුහුද දින 83 ක් හෝ ඊට වැඩි ගානකට ඉල්ලන්න? ලංකාවේ මුහුදම ඕන වෙන්නේ මොකද කියන එක තම ප්‍රශ්නේ. (ස)