ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හෙට (13) පැමිණීමට නියමිතය.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල ආරාධනයක් අනුව මෙරටට පැමිණෙන මෝදිගේ මෙම සංචාරය ඉන්දීය අගමැතිවරයකු වසර 27 කට පසු නිල රාජ්‍ය සංචාරයකට මෙරටට එන ප්‍රථම අවස්ථාව වේ.
නවදිල්ලි නුවර සිට එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් හෙට අලුයම 5.30ට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළින් ඉන්දීය අගමැතිවරයා පැමිණීමට නියමිත අතර වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඔහු පිළිගැනීමට ගුවන්තොටුපළට යාමට නියමිතය.
ගුවනින් කොළඹ ටාජ් හෝටලයට පැමිණෙන මෝදි හෙට පෙරවරුවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක් හමුවේ. ඉන්දීය අගමැතිවරයා අනිද්දා යාපනයේ සංචාරයක නිරතවීමටද නියමිතය.
මෝදි ශ්‍රී ලංකා සංචාරයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද මුණගැසීමට සූදානම් බව ‘ද හින්දු‘ පුවත්පත අද වාර්තා කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපුල්, දේශපාලනය නම් දාම් ක්‍රීඩාව සරල නැත (නි)
ඩී.උපුල් අපි පිළිගන්නවා යුද්ධය ඉවර කරන්න හමුදාව මෙහෙයවූවේ ගරු සරත් ෆොන්සේකා මැතිතුමා කියල. හැබැයි මහින්ද මහත්තයත් සුළුවෙන් හෝ දායකත්වයක් දුන්න කියන දේ අමතක කරන්න එපා. ඔයා අකමැති වුනත් කැමති වුනත් අපි තාමත් මහින්දට. (බ)
දුකට- සැපට- හොඳට- නරකට ළඟින් ඉන්න, විසල් අසල්වැසියා ඔබට ආයුබෝවන්! (නි)
මහින්දව හමුවෙන්නේ ඇයි දන්නෙ නැහැ නේද? (නි)
රටේ දියුණුවට යමක් වෙනවා නම් අපි හැමෝම කැමතියි (නි)