‘ශ්රී ලංකාව ජයග්‍රහණ රැසක් හිමි සම්පත් දක්ෂතා රැසකින් පිරි රටක්. ශ්‍රී ලංකාවට අධ්‍යාපනය, කුසලතා හා ව්‍යවසාය රැසක් තිබෙනවා. රටේ පිහිටීම ඉතා වැදගත්. දැන් ශ්‍රී ලංකාවට සාමයත් තියෙනවා. ලෝකයේ හොඳම රටවල් සමඟ තරග කළ හැකි බව ශ්‍රී ලංකාව පෙන්වා තිබෙනවා. ‘ යැයි ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මෙරට ව්‍යාපාරික ප්‍රජාව හමුවෙමින් පැවසීය.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කර තිබූ ව්‍යාපාරික හමුවට දේශීය හෝ විදේශීය ව්‍යාපාරිකයෝ හා ආයෝජකයෝ රැසක් සහභාගී වූහ.
‘ශ්‍රී ලංකාවේ විශාලම ව්‍යාපාරික සගයා හා එහි ආයෝජනය කරන විශාලම සම්පත වීමට ඉන්දීයාව කැමැත්තෙන් සිටිනවා. ලංකාව ඉන්දියාට කළ අපනයන 16 ගුණයකින් වැඩි වී තිඛෙනවා. මෙය සෑම අතින්ම වැදගත්. ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආයෝජකයන් අපනයන වැඩි කරගැනීමටත් කටයුතු කළ යුතුයි. ඉන්දියාව ලෝකයට විවෘතයි. ඉන්දියා ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට දැඩි කැමැත්තක් දක්වනවා. අපට අතීතයේ සිට එන ශක්තිමත් බැඳීමක් තියෙනවා. අප එය ආර්ථීක අතින්ද ශක්තිමත් කළ ගත යුතුයි. ශ්‍රී ලංකාවට ඉන්දියාව හොඳම ව්‍යාපාර සගයා වෙන්න පුළුවන්. ඒ වගේම අපිට කලාපයක් විදියට විශාල වෙළෙඳපොළක් බවට පත්විය හැකියි. අපට ඒ සඳහා විශාල සම්පත් ප්‍රමාණයක් තියෙනවා. අප ජාතියක් වශයෙන් ගොඩනැගිය හැකියි. අප ශක්තීන් නිවැරැදිව භාවිත කළහොත් අපට විශාල හා ශක්තිමත් ආර්ථීක සබඳතාවක් ගොඩනගා ගත හැකියි .‘






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිචි බාලසුරිය ඔබ හරියටම හරි (නදී)
කපුටගෙන් කේජු කෑල්ල නෙමේ බලාපොරොත්තු වෙන්නේ. නරියත් කපුටව වර්ණනා කළා (නදී)
රටේ දියුණුවට හේතුවන ඕනෑම දෙයකට අපි පක්ෂයි (නි)
නොකිය කියන්නේ චීනෙට නොව අපට එකතු වෙන්න කියන එක (ස)
අපේ රටෙත් වාහන හදන එක වැඩි දියුණු කරන්න බලන්න අයි අපේ රටේ කර්මාන්ත පටන්ගන්නේ නැත්තෙ එයාලට විතරද පුළුවන් එයාලට අභියෝග කල රාවණා හිටියෙත් අපේ රටේ බව අමතකද ? (ස)
පරණ දුම්රිය මැදිරි වල චැසි භාවිතා කරලා හොදම තත්වයේ දුම්රිය මැදිරි හදන්න ලංකාවේ සමාගම් දෙකක් විතර ඉදිරිපත් වු නමුත් ජාතියේ අවාසනාවට හිටපු දේශපාලකයෝ (ල.දු.දේ) මරහඩ දී යුනියන් අය ඒ අයට පරණ චැසි නොදුන් නිසා වැඩේ දියාරු වෙලා ගියා.(ම)
ඉන්දියාවේ හොදහිත නැතුව ලකාවට අනාගතයක් නැ.අපි ඇගිල්ලේ තරමට ඉදිමෙන්ද ඕන . (ස)
රණතුංග මොකෝ නිකන් තමන් ගැන වත් ආත්ම ශක්තියක් නැති ගානට කතාකරන්නේ. ඉන්නකෝ වැඩ බැරි උනත් ගම ගාල්ලේ වගේ. (නදී)
ඉන්දීය නායකයෙක් ලංකාවට පැමිණීමෙන් කවදාවත් හොදක් නම් සිදුවුනේ නැහැ?අපි ඉන්දීය ප්‍රාන්තයක් වෙමින් තිබෙනවා?අකමැත්තෙන් උනත් එ්ක කාටත් පිළිගන්න වෙනවා?(නදී)
රණතුංග හරියට හරි (නදී)
අපි ශ්‍රී ලාංකික උනාට අපේ සම්බවය එන්නේ ඉන්දියාවෙන්. අපි අදහන ආගම, අපේ වන්දමාන ස්ථානවල සියල්ල ගෙනත් තිබෙන්නේ ඉන්දියාවෙන් , අපි කන්නේ බොන්නේ , ඇඳුම අදින්නේ ගායනය නර්තනය සහ තවමත් අනුකරණය කරන්නේ ඉන්දියාව. ඉතින් අපි සිටිය යුතු ඉන්දියාව සමග මිස චීනය සමග නොවේ. ඉන්දියාව අපේ මව් බිම වාගේ (නදී)
මම මෝදිගේ කුර්තා එකට ආසයි (නදී)
සුදු රටක් එක්ක මැච් ගැහුවොත් ඉන්දියාව කොඩි උස්සන්නේ ශ්‍රී ලංකාවට. ඉන්දියාවට හොඳට සලකන්න්ද ඕනේ. එ්ත් අමත්කරන්න එපා බුද්ධාගම නැති උනේ ඉන්දියාව මිත්‍ය දෘෂ්ඨික හින්දයි. ඒ කියන්නේ අපි දිහා අසෝක රජතුමාගේ දෘෂ්ඨියෙන් දකින එකක් නැහැ (නදී)