තමා ලෝකයේ රටවල් රැසක සංචාරය කර තිබුණද ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ජනතාව සමග ඇතිවූ බැඳීම වෙනත් කිසිදු රටක් සමග සැසඳිය නොහැකි බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් පවසයි.
ශ්‍රී ලංකාවේදී ලද උණුසුම් පිළිගැනීම සහ ආගන්තුක සත්කාරය තමන්ට සුවිශේෂ අත්දැකීමක් වූ බව මෝදි කියයි.
සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය නිම කිරීමට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (14) රාත්‍රී පැවති රාත්‍රී භෝජන සංග්‍රහයට ජනපති මන්දිරයේදී එක්වෙමින් මෝදි මේ බව කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ලග ඕක තිබුනට ඉන්දියානුවන් ලග නැතිදේත් ඕකම තමයි. අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න. අපේ ප්‍රශ්ණ අපි විසදා ගන්නම් ඕගොල්ලෝ ඇගිලි නොගහ ඉන්න. එ්ක අපිට කරන ලොකුම දේ. අපේ රට සංවර්දනය වෙනවා දැකල ඉරිසිය නොකර ඉන්න. අපි ඔයාලට වැඩිය ඉහල යයි කියල ඔයාල බයයි. එදා ඉදන් අපිට කරපු කෙනෙහිලි කම් දැන් වත් නතර කරන්න. ඔබත ස්තුතියි ගරු අගමැතිතුමනි (නදී)
මට මතක් උනේ නරියගෙයි, කපුටගෙයි කේජු කෑල්ලෙයි කතාව ජනපතිතුමනි (නදී)
ලාල් මහින්දට විශේෂ ස්තුතිය හිමිවිය යුතුයි කියන්නේ මොනව කළාටද ? (බ)
ජගත් ලාල් වෙන මොනවට වත් නොවේ කෝටි ගණන් හරි වියදම් කරලා රටක් විදියට කෙනෙක්ට ඇවිත් යන්න, රටේ මිනිස්සුන්ට රට වටේ බය සැක නැතුව ඇවිදලා යන්න එන්න පුළුවන් විදියට රට ඉතුරු කරපු එකට. (නදී)
අපිට හැදිච්චකම ලැබුනේ ඉන්දියාවෙන් . (අ)
ඉන්දියානුවන් හා ශ්‍රී ලාංකිකයින් අතර වැඩි වෙන වැඩි වෙනසක් නැහැ තියෙන්නේ එකම ජාන සම්භවයක්. සමහරු කියල තියෙනවා දැක්කා ඉන්දියව අපි ඒ අයට වඩා ඉහල යයි කියල බයයිලු. අපිට ඉරිසියා කරනවලු. න්‍යාශ්ඨික ආයුධ තියෙන, අගහරු ලෝකෙට යානා යවාපු, ඇමරිකානු සමාගම් සියල්ලෙම ශාඛා තමුන්ගෙ රටේ තියාගෙන ඉන්න ඉන්දියාව මේ ඇබිත්තන් ලංකාවට "බයයි/ ඉරිසයයි" කීම විහිලුවක්. (නදී)
කොටින්ව පුහුණු කළේ, කොටි කඳවුරු තිබුනේ ඉන්දියාවේ. ඉන්දියාව බලාපොරොත්තුවුන කොටි ශ්‍රී ලංකා හමුදාවන් පරාජය කරයි කියල. ඉන්දියාවට අවශ්‍ය වුනොත් එයි. එම වෙලාවේ ශ්‍රී ලංකාවට උදව් කිරීමට ඉන්දියාව අගලක්වත් ඉල්ලුවේ නැත්තේ. අදත් ඉන්දියාව ශ්‍රී ලංකාවට උදව් කරනවද? (බ)
මෝදි ලක්කතට මෝහනය වෙයි...... මම ඕක වෙයි කියලා හිතුවා (නි)
රණතුංග ඒ හැදිච්චකම දැන් ඉන්දියාවේත් නැ. ලංකාවෙන් ගිය අය තමා පවත්වාගෙන යන්නේ (ම)
මෝහනය වුණාටනම් කමක්නැහැ. තමාගේ කොටසක් කියලා එහෙම නම් හිතන්න එපා (නි)
පිටබැද්දර ජයා දැන් ඉන්දියාවේ බුදුදහම කොච්චර සරුවට තියනවද. ධර්මපාල තුමා නැත්නම් බලන්න තිබුන (බ)
සිරිමල් හරියට හරි (බ)
1977 ආණ්ඩුව ගත් ඇමරිකන් හිතවාදී පාලනය නිසා එවකට ගාන්ධි පාලනය එල්ටීටී එකට උදව් කළා. පුහුණුව පවා ලබා දුන්නා. ඒත් අන්තිමට එල්ටිටීඊ ත්‍රස්තයින් රජීව් ගාන්ධි මරා දැම්මා. මෝදි අගමැතිත් මහින්දට එරෙහිව රනිල්ට හා මෛත්‍රීට උදව් කළා. මහින්ද චීන හිතවාදී වූ නිසා. චීනය අප සමග විරසක වුවහොත් නියත වශයෙන්ම ජාත්‍යන්තරයේදී අපි නිවටයින් බවට පත් වෙනවා. මන්ද අප මැදි ආදායම් ලබන රටක් බවට පත් උනේ චීන ණය සහ ආධාර මත. ඇමරිකාව, ඉන්දියාව හෝ යුරෝපා හවුල කවරදාවත් අපට නැගිටින්න අත දෙන්නේ නෑ. ඔවුන්ට අවශ්‍ය අප දුප්පත්කමේ ගිල්වා තබා සිඟමන් යදින විට කේවල් කර ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමයි. දැන් සිදුවේගෙන යන ක්‍රි්යාදාමය ඒ බව මොනවට පැහැදිලි කර දෙනවා.(නදී)
ලාල් මහින්ද මහත්මයාට ස්තුතිකළේ වේලාසන ඡන්දයක් තියපු එකට (නි)
අනේ මන්දා...... (නි)
ඔය හිතවත්කම් පසුගිය ආණ්ඩුවට තිබුනේ නැත්තේ මොකද මෝදි ? (නදී)
ගොඩක් අය ඉන්දියාව ගැන දන්නේ නෑ වගේ (නදී).
ලාල්, මොකටද මහින්දට ස්තුති කරන්න හදන්නේ? එයා එතන හිටියද? (නි)
මෙතන කොමෙන්ට් දාන කට්ටියගේ දැනුමේ දුර්වල කමක්ද , නැත්නම් නොදන්නා කමද? එහෙමත් නැත්නම් තියන උද්දච්චකමද දන්නේ නැහැ. අපි ළඟ තියෙන උසස් ගුණාංග අපිට ලැබුනේ ඉන්දියාවෙන් ඒ උතුම් බුදු දහම නිසා නේද ? (නදී)
ඔලුව අතගාල අතගාල ලොකු ටොක්කක් අනින්නද දන්නේ නැහැ සුදානම.(නදී)
අපේ ලංකාව කියන්නේ පින්කෙතක්! (නි)
ඉතිහාසය ටිකක්වත් මතක තියෙන සිරිමල්ට මල් මිටක් (බ)
ලෝක බලවතුන් ගේ වැඩි ආදරය අනතුරු සහිත විය හැක. (ස)
හැම රටකටදීම ඔහොම කියනවා ඇති නේද ?(දිල්)
ජේ ආර් ට කොබ්බැකඩු ට අණදෙන්න බැරි උනා වඩමාරච්චි වලට කොටු වෙච්ච් කොටි ටික ඉවර කරන්න. ජේ ආර් පස්සේ කිව්වේ " මට අවුරුදු 32 කොල්ලෙක් වන රජිව් ලග දන ගහන්න සිද්ද උනා අපේ යාළුවො විදිහට හිතාගෙන හිටපු රටවල් ඇමෙරිකාව, එංගලන්තය අපිට උදව් කල නැති නිසා". මෙන්න මේක තමා එදා උනේ. එ්ක එහෙම උනා නම් අපේ කොල්ලෝ 50,000 ( දෙමල සිංහල හැමෝම) ජිවිත බේර ගන්න තිබුනා. මහින්ද යුද්දේ අන්තිම කාලේ ඉන්දියාවට බැසිල් යවලා චීනේ, පාකිස්තානේ හොදින් තියාගෙන, රුසියාවේ බලෙන් ඇමෙරිකාවේ කටත් වහගෙන ජාත්‍යන්තරය කළමනාකරණය කර ගත්තා. අපේ රටේ ඉතිහාසයේ ඒ වගේ දක්ෂතාවයක් පෙනුන වෙන දවසක් නැහැ ආයේ එන එකකුත් නැහැ. අනුන්ට ඕන දේ කිරීම නෙමේ තමාට අවශ්‍ය දේ කර ගැනීමයි නායකයෝ කරන්න ඕනි. (නදී)
මහින්ද ජනපතිට විශේෂ ස්තුතිය හිමිවිය යුතුයි. (දිල්)
මෝදි ආපසු හොරෙන් ලංකාවට ඒවිද දන්නේ නෑ , ලංකාවට මෝහනය වුණ නිසා , ඉන්දියාවේ මිනිසුන්ට වඩා ලක් වැසියන් උතුම් සහ උගත් කියා තේරුම් ගියා නම් ඇති (දිල්)
ලංකාවේ මිනිසුන් වැසිකිලි යන හින්ද වෙනස පෙනෙනවා ඇති. (ස)
අපි කැමැතියි මෝදි ආවට (දිල්)
ඉන්දීය අගමැති සහය දිය යුත්තේ පවතින ප්‍රශ්ණ විසඳීමට මිස, දෙමල ජනතාවගේ අසාධාරණ ඉල්ලීම් ලබදීමට නොවේ . (නදී)
හැම රටකදීම ඔහොම තමයි කියන්නේ. (නදී)
එ් මෝහනය සදා විදින්න නම් ලක් කත අඩවන්න නම් එපා මෝදි. (නදී)
කන්න ආප්පවත් දුන්නද මෝහනය වෙන්න. (බ)
ඉන්දියාවට ශ්‍රී ලංකාව ඉතාමත්ම උවමනා කරන රටකි. එම නිසා ශ්‍රී ලංකාවට කේවෙල් කිරීමේ අසීමිත බලයක් ඇත. මේ තත්වය තවත් බලගතු වෙනවා චීනය සමීපව සිටින නිසා. එම නිසා ඉන්දියාව ලවා අපේ ප්‍රශ්ණ අපිට ඔනි විදියට විසදවා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇත.(නදී)
මහින්ද ජනපතිට විශේෂ ස්තුතිය මොකටද? (නදී)
මෝදි ඉන්දියාවේ ගුජරාට් කියන ප්‍රාන්තයෙන් එන්නේ. කතාවක් තියෙනවා සිංහල මිනිස්සු අාවේ ගුජරාට්වල තියෙන සිහොර් කියන පළාතෙන් කියලා. එ්කද දන්නේ නැහැ මේ ආදරය. (නදී)
ලංකාවේ ඉන්නෙත් ඉන්දියානුවන්. වෙනස ඉන්දියානුවන් බහුතරය රටට ආදරය කරන ආගමට බැඳුනු ජාතියක් අපේ උරුමයත් එතන තියෙනවා (නදී)
ලාල්, මොකද එහෙම විශේෂ ස්තුතියක් කරන්නේ (නදී)
අපි කැමැතියි මෝදි ගියාටත්. (නදී)
ඉන්දියාව සමග මිතුරු වීම අපට ශක්තියක්.. (නදී)
ලාල්...රට කපු එකටද මහින්දට ස්තුති කරේ(බ)
සිරිමල් ඔයා හරියටම හරි ... අපේ මෝඩ මිනිස්සු අතීතය මේ තරම් ඉක්මනින් අමතක කරන එක රටේ අවාසනාව...(බ)
සම්පත් සහ සිරිමල් ඔබගේ බුද්ධිමත් අදහස් වලට මගේ ආචාරය. මේ රට නැතිවෙන්නේ බහුතරයක් ඔබලා වගේ ගැඹුරින් නොසිතන නිසා....(බ)
මෝදි දන්නේ නැහැ තවම මෛත්‍රී , රනිල් මොළ කාරයෝ බවත් , රවට්ට ගන්න ලේසි වෙන්නේ නැති බවත් (බ)
ඉන්දියාව කියන්නේ කලාපේ බලවතා එ්ක අමතක කරන්න එපා, අමෙරිකාවත් ඉන්නේ ඉන්දියාවත් එක්ක එ්ක පැහැදිලිනේ, ලක්වාසී අපි එදා පටන් ආගන්තුක සත්කාරේට ප්‍රසිද්ධයි... එයයි අපේ ශ්‍රී ලාංකීය ගතිය. (බ)
ආවට ගියාට තේරුම් ගන්න බැහැ (නදී)