IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මැද රටට වැස්සෙන් බර හානි

මධ්‍යම කඳුකරයට බදාදා සිට පවතින මහ වැසි සමඟ පවුල් 102ක 500කට වැඩි පිරිසක් අවතැන් වී සිටිතියි නුවරඑළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා කියයි.

හැටන් කලාපයේ සියලුම පාසල් අද වසා දමා ඇතැයි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

ගිනිගත්හේන හැට්න්, වටවල, දික්ඔය ගංවතුර හා නායයාම් වාර්තා වේ.

ගිනිගත්හේන දියගල ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටී ඇත.

උඩරට දුම්රිය මාර්ගය වටවල හා ගලගොඩ අතර කඩා වැටුණු යුද හමුදාවේ සහායෙන් ඉවත් කැර ඇත.

කුඩාගම ප්‍රධාන මාර්ගයේ කොටසක් නාය ගොස් තිබේ.

කාසල්රී හා මාඋස්සාකැළේ ජලාශයන්හි වාන් දොරටු විවෘත කැර ඇත.

රක්වානේ ද කඳු නායගොස් තිබේ.



අදහස් (0)

මැද රටට වැස්සෙන් බර හානි

ජයනි Friday, 13 June 2014 01:27 PM

දැන් ඉතින් මේ පළාතේ බලවතුන් අධික ශීතල සහ හෙම්බිරිස්සා සැදීමේ අවදානම නිසා බංගලාවල් ඇතුලට වෙලාම ඇති. පසුගියදා කළුතර ගංවතුර ගැලුවාම ඒකනේ වුනේ. (නදී)

:       0       0

ගාමිණී - සිරි Friday, 13 June 2014 02:45 PM

පව් අප්පා ! කාලගුණෙත් හිරිහැර කරන්නේ එදිනෙදා වේල හම්බකරගෙන කන අහින්සකයින්ටමයි. (දී)

:       0       0

බහානු Friday, 13 June 2014 07:01 PM

කෝ මේ අනෙකුත් වගකිව යුතු පළාතේ බලවතුන්. මේ කටයුත්ත දිසාපති තුමාගේ කරපිට පටවලා මාරු වෙලාද ? (අ)

:       0       0

මංජුල අබු ඩාබි සිට Friday, 13 June 2014 08:32 PM

බහානු, පළාතේ බලවතුන් නෙමෙයි මහජන නියෝජිතයෝ කියල කියන්න. ආපදා අවස්තාවක සහන සලසන වැඩ සහ විපතට පත්වූවන් බේරා ගැනීම ව්‍යවස්තාවෙන් බලය හිමිවන්නේ ඒ සිදුවූ ප්‍රදේශයේ ඉන්න දිසාපතිවරයට. දේශපාලකයෝ ගිහින් දුකසැප බලන්න වගේ ලකුණු දාගත්තට. එයාලට කරන්න ඇහැකි දෙයක් නැහැ. රේඛිය අමාත්‍යංශයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් වෙනවා නම් මොකටද ඔය කෝලම් බබාලා ඔතනට එන්නේ. දෙපැත්තේ වැරදි හොයලා දෙපැත්තට වෙලා කඹ අදින්නද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site