මධ්‍යම කඳුකරයට බදාදා සිට පවතින මහ වැසි සමඟ පවුල් 102ක 500කට වැඩි පිරිසක් අවතැන් වී සිටිතියි නුවරඑළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා කියයි.
හැටන් කලාපයේ සියලුම පාසල් අද වසා දමා ඇතැයි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.
ගිනිගත්හේන හැට්න්, වටවල, දික්ඔය ගංවතුර හා නායයාම් වාර්තා වේ.
ගිනිගත්හේන දියගල ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටී ඇත.
උඩරට දුම්රිය මාර්ගය වටවල හා ගලගොඩ අතර කඩා වැටුණු යුද හමුදාවේ සහායෙන් ඉවත් කැර ඇත.
කුඩාගම ප්‍රධාන මාර්ගයේ කොටසක් නාය ගොස් තිබේ.
කාසල්රී හා මාඋස්සාකැළේ ජලාශයන්හි වාන් දොරටු විවෘත කැර ඇත.
රක්වානේ ද කඳු නායගොස් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් මේ පළාතේ බලවතුන් අධික ශීතල සහ හෙම්බිරිස්සා සැදීමේ අවදානම නිසා බංගලාවල් ඇතුලට වෙලාම ඇති. පසුගියදා කළුතර ගංවතුර ගැලුවාම ඒකනේ වුනේ. (නදී)
පව් අප්පා ! කාලගුණෙත් හිරිහැර කරන්නේ එදිනෙදා වේල හම්බකරගෙන කන අහින්සකයින්ටමයි. (දී)
කෝ මේ අනෙකුත් වගකිව යුතු පළාතේ බලවතුන්. මේ කටයුත්ත දිසාපති තුමාගේ කරපිට පටවලා මාරු වෙලාද ? (අ)
බහානු, පළාතේ බලවතුන් නෙමෙයි මහජන නියෝජිතයෝ කියල කියන්න. ආපදා අවස්තාවක සහන සලසන වැඩ සහ විපතට පත්වූවන් බේරා ගැනීම ව්‍යවස්තාවෙන් බලය හිමිවන්නේ ඒ සිදුවූ ප්‍රදේශයේ ඉන්න දිසාපතිවරයට. දේශපාලකයෝ ගිහින් දුකසැප බලන්න වගේ ලකුණු දාගත්තට. එයාලට කරන්න ඇහැකි දෙයක් නැහැ. රේඛිය අමාත්‍යංශයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් වෙනවා නම් මොකටද ඔය කෝලම් බබාලා ඔතනට එන්නේ. දෙපැත්තේ වැරදි හොයලා දෙපැත්තට වෙලා කඹ අදින්නද? (නදී)