ගලහිටියාව හා තෝලංගමුව මධ්‍ය විද්‍යාල අතර දෙවැනි වරට පවත්වන ‘මැදි මහ සටන‘ වාර්ෂික මහා ක්‍රිකට් තරඟය සඳුදා (25) කොළඹ ආර් ප්‍රේමදාස (ඛෙත්තාරාම) ක්‍රීඩාංගනයේදී පෙරවරු 9.30 ආරම්භ කිරීමට නියමිතය.
ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතාගේ උදාර සංකල්පයක් වූ නිදස් අධ්‍යාපන ක්‍රමය යටතේ බිහිවූ මේ මධ්‍ය විද්‍යාලයයන් දෙක වසර 68ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියයි.
ගලහිටියාව මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායමට නිපුන සම්පත් නායකත්වය දෙන අතර තෝලංගමුව මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායමට ගයාන් හර්ෂ කුමාර නායකත්වය දෙයි.
අසේල සම්පත් මහතා ගලහිටියාව මධ්‍ය විද්‍යාලයයේ කණ්ඩායමේ පුහුණුකරු වන අතර කේ ඒ තිළිණ ගයාන් මහතා තෝලංගමුව මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායමේ පුහුණුකරුය.
ගලහිටියාව මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම -
නිපුණ සම්පත් (නායක), ගිහාන් ජනක සිල්වා (උපනායක), එරන්ද බුද්ධික, තුෂාර සංජීව, මලින්ද පුෂ්පකුමාර, ගිහාන් දිලංක, කුසල් අතපත්තු, පුෂ්පකුමාර මඩුගල්ල, දේවින්ද අයේෂ්, අවිශ්ක මධුමාල්, අශේන් දේවින්ද, රිෂාන් චතුරංග, හර්ෂණ රාජිත, රුමල් වින්දුල, රුක්ෂාන් හිරුක, චරිත් මිහිරංග, යොමාල් මධුෂ්ක, ඔෂාන් රංගන, අසිත්ත මල්ෂාන් සහ කුෂාන් චාමිකර.
තෝලංගමුව මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම -
ගයාන් හර්ෂ කුමාර (නායක), බුද්ධික නානායක්කාර (උප නායක), ඩිලාන් ලක්සිරි, චතුරංග කුමාරසිංහ, පැතුම් සිරිවර්ධන, ලක්ෂාන් ගුණසිංහ, ලක්ෂාන් චන්ද්‍රසිරි, තිලිණ කුමාර , ඒ ආර් එම් රත්නායක, ගිහාන් තරංග ලියනගේ, සහන් මධුසංක ලියනගේ, ආර් ඒ ඒ ඩී ප්‍රසාද්, පුලස්ථි ගල්දෙනිය, කේ පී කසුන් ශ්‍රීමාල්, පී එච් ඩී කරුණාරත්න, පී එම් එම් ලක්ජිත් ජයවීර.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගලහිටියාව මැදි විදුහලට ජය වේවා (ස)
මගේ විද්‍යාලයට ජය වේවා ..ආදි සිසු ගලහිටියාව -1982 (ස)
සුබ පැතුම් මගේ පාසලට, ගලහිටියාව ආදි සිසු -1987 (ස)
මගේ හද පතුලෙන් මම සුභ පතනවා තරගය දිනන්න. (නදී)
කන්නනගර සංකල්පයට සදා ජය! (නි)
ගහගන්නේ නැතිව ඔප්පු කරන්න කන්නන්ගරගේ උතුම් සංකල්පයේ වැදගත්කම. (නි)
තෝලංගමුව මධ්‍ය මහා විදුහලට මගේ සුභ පැතුම්.(නදී)
තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයට මගේ සුභ පැතුම් සහ ජය ප්‍රාර්ථනා කරනවා. (නදී)
පාසැල් දෙකේම නම්බුව ගැන හිතන්න. වැරදි ක්‍රියා පිටු දකින්න. සතුටින් ක්‍රීඩා කර සාමයෙන් විසිර යන්න.(නදී)
අපිට ඔය සිහිනය සැබෑ තරගන්න බැරුව ගියා. ඒත් දැන් සතුටුයි දැන් ඉන්න පුතාලා බිග් මැච් සෙල්ලම් කරනකොට. අවාසනාවකට මම දැන් පිටරට ඉන්න නිසා මට තරගය බලන්න වෙන්නේ නැහැ. කොහොම වුනත් කණ්ඩායම් දෙකටම සුභපැතුම්.(නදී)
මගේ උණුසුම් සුබ පැතුම් , ආදි සිසු ගලහිටියාව 1977 (ස)