(මනෝප‍්‍රිය ගුණසේකර)
වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කලේ යැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු 7 දෙනකුට එරෙහි නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නිසි පරිදි චෝදනා ගොනු කර නොමැති බව සඳහන් කරමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හැර වෙනත් විත්තිකරුවන් සිව්දෙනෙකු විසින් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (07) ප‍්‍රතික්‍ෂෙප කළේය.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා ගොනු කොට මාස 07කට පසු චෝදනා නිසි පරිදි ගොනු කොට නොමැති බව සදහන් කරමින් විත්ති පාර්ශවය විසින් ඉදිරිපත් කොට තිබු මෙම මුලික විරෝධතාවය ප‍්‍රතික්ක්‍ෂප කළ විනිසුරු මඩුල්ල මෙම නඩුව ලබන 20 වැනිදා යළි කැදවීමටද නියම කළේය.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් මෙම නඩුව කැඳවනු ලැබු මුල් අවස්ථාවේදීම සාමාන්‍ය නීතීය යටතේ පැවරිය යුතුව තිබු නඩුවක් පළමු විත්තිකාර හෝඨාභය රාජපක්‍ෂ මහතාගේ තත්වය අනුව ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට ඉදිරිපත් කොට ඇතැයි කියමින් මුල් අවස්ථාවේදී ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප‍්‍රතික්ෂේප කළ පසු දෙවැනි වතාවට විත්තිකරුවන්ට එරෙහිව නිසි පරිදි චෝදනා ගොනු කොට නොමැති බව ස`දහන් කරමින් මෙම මුලික විරෝධතාවය ඉදිරිපත් කොට තිබිණි.
ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලට මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් විජේරත්න (සභාපති විනිසුරු) සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.
2013 සැප්තැම්බර් මස 03 වැනිදාත් 2015 පෙබරවාරී මස 02 වැනිදාත් අතර කාලය තුළ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් ලක්‍ෂ 339 ක් වැයකොට වීරකැටිය මැදමුලන ඩි.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීම සදහා කුමන්ත‍්‍රණය කළ බවට සියලූ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා ඇති අතර එම රුපියල් ලක්‍ෂ 339 වැය කොට වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමෙන් එම මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින් වු 02 සිට 06 දක්වා වන විත්තිකරුවන්ට එරෙහිවද ඒ සදහා ආධාර අනුබල දුන් බවට 01 සහ 07 වැනි විත්තිකරුවන්ට එරෙහිවද නීතීපතිවරයා චෝදනා නඟා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොන්ඩුව එන්න..එන්නම තද වෙනවෝ ... මේකට තමයි කියන්නේ ... ඇමෙරිකාවට ගියත් තෝ නසී ... ලංකාවේ හිටියත් තෝ නසී .... කියල .
තොන්ඩුව එන්න..එන්නම තද වෙනවෝ ... මේකට තමයි කියන්නේ ... ඇමෙරිකාවට ගියත් තෝ නසී ... ලංකාවේ හිටියත් තෝ නසී .... කියල .
තව විරෝධතා ගොණුකරයි..... නඩුව අහන්න නොදී කල්ගන්න ඕනේ සියල්ල කරයි...... තමන් වැරදි නිසයි මේක අහන්න නොදී කල්ගන්නේ....
මීළඟ ජනාධිපති තනතුරට මෙතුමා තමා වඩාත් සුදුසුයි. සුළු ජාතීන්ට කියලා අමුතුවෙන් ආරක්ෂා කරන්න කිසිම අයිතිවාසිකමක් දැන් ඉතුරුවෙලා නැහැ......
මීළඟ ජනාධිපති වීමට සියලු නිර්ණායක සපුරා ඇත
වරදක් කරලා නැත්නම් නඩුවට ඉදිරිපත්වෙලා නිර්දොශි වීම තමයි කරන්න තියෙන්නේ
හොරකම් කරනකොට හොඳයි, දැන් හැංගෙන්න හදනවා.
මේ චෝදනා මොනවාද ඒවා සත්‍යද අසත්‍යද අපි නොදනිමු. ගෝඨාභය මහතා රටට අවශ්‍ය රටක් වටින මිනිසෙකු වග දනිමු.
මොහුටද රට භාරදෙන්න කියන්නේ ?
කොහොමත් හොරකම කියන්නේ මේ රටේ නායකත්වයට ඉහලම සුදුසු කමක්.