ධීවර වෙසින් ඉන්දියා සහ ශ්‍රී ලංකා මුහුදු තීරයේ හෙරොයින් ජාවාරමේ යෙදුණු පිරිසක් 2011 නොවැම්බර 28 වැනිදා අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කොමදෝරු බී එල් සී ගුණවර්ධන කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා හමුවේ සාක්කි දෙමින් කියා සිටියේය.
ටෝලර් හා ඩිංගි බෝට්ටු මේ සඳහා යොදා ගන්නා බවත්, නාවික හමුදාවට ලැබුණු නවීනතම උපකරණ නිසා මුහුද මැද කුඩු ජාවාරම අල්ලා ගත හැකි වූ බවත්, ශ්‍රී ලාංකිකයන් තිදෙනකු හා ඉන්දියා ජාතිකයන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන කන්කසන්තුරේ පොලීසියට බාර දුන් බවත් ඔහු සඳහන් කළේය.
නාවික හමුදා යාත්‍රාව ඩිංගි බෝට්ටුව ළඟට කිට්ටු කරන විට ඔවුන් සුදු පාට කුඩු මුහුදට දැමූ බවත්, එහෙත් එම කුඩු ඔතා තිබූ කඩදාසිවලින් එහි හෙරොයින් තිබූ බව සොයා ගත් බවත් අත්අඩංගුවට ගත් අය ධීවරයන් නොවන බවත් ඔහු සඳහන් කළේය.
වැඩිදුර විභාගය අප්‍රේල් තුන් වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාවික හමුදාවට විඩියෝ පටිගත කිරීමේ උපකරණත් ලබා දෙන්න.(නදී)
නාවික හමුදාවට ජය ශ්‍රී! (නි)
ශ්‍රී ලංකා නාවික හමුදාවට ජයවේවා! (නි)