මැද පෙරදිග සේවය කරමින් සිටියදී  මියගිය ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් 39 දෙනකු වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල අයට රුපියල් ලක්ෂ 720 ක වන්දි ප‍්‍රදානය කළ බව විදේශ අමාත්‍යාංශය කියයි.

සෞදි අරාබියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේට්,  ඕමානය, ලෙබනනය, ජෝර්දානය යන රටවල සේවය කරමින් සිටිය දී මියගිය අය වෙනුවෙන් මෙම  වන්දි මුදල් ප‍්‍රදානය කර ඇත. එලෙස විදේශයන්හි දී මියගිය සහ ආබාධිත තත්ත්වයට පත් ශ‍්‍රී ලාංකිකයන්ගේ පවුල්වල ඥාතීන් වෙත වන්දි මුදල් ප‍්‍රදානය කිරීම විදේශ ඇමැති මංගල සමරවීර මහතාගේ සහ විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරාළ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් විදේශ අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී සිදු කැරිණි.

මෙවැනි වන්දි ප‍්‍රදානයක් මේ වසරේ සිදුකළ පස්වැනි අවස්ථාව යැයිද එම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මේ වසරේ මේ දක්වා කාලය තුළ අවස්ථා පහක දී විදේශයන්හි සේවය කරමින් සිටින අතරතුර මියගිය 196 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 3,450ක මුදලක් පිරිනමා තිබේ. එසේම ගෙවුණු වසර පහක කාලය තුළ වන්දි වශයෙන් පිරිනමන ලද ඉහළම මුදල මෙවර ප‍්‍රදානය කර තිබෙන බවද අමාත්‍යාංශය කියා සිටී.

dig2051560dig2051558