මැද පෙරදිග ගෘහ සේවයට ගොස් විවිධ වද හිංසා වලට ලක් වු බව කියන තවත් කාන්තාවෝ 147 දෙනෙක් අද (29) උදෑසන මෙරටට පැමිණියාහ.
කුවේට් සිට 134 දෙනකු ද සෞදි අරාබියේ සිට 12 දෙනකු ද ජෝර්දානයේ සිට කතකද ආහ.
ඔවුන් මාධ්‍යයට පැවසුවේ කුවේට් දේශයට ලාංකික කාන්තාවන් නොයවන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවයි.
ජෝර්දාන් සිට පැමිණි කාන්තාවට බෙහෙත් විද ඇති බවත් ඇය මේවන විට සිහිමද තත්ත්වයේ සිටින බවත් කියති. ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබා දිමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සහන පියස කියයි.
ඔවුනට ගම රට බලා යාමට බස් වියදම සපයන බව ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගෙදරක ළමයෙක් බලාගන්න රු,15000 ක් දීල කෑම, නවාතැන් සියලු දේ දුන්නත් කෙනෙක් හොයා ගන්න අමාරුයි, නිවාඩුවට ගෙදර යන්න එන්නත් පුළුවනි. මේ අය වැඩිපුරම හිතන්නේ රට යන එක ලොකු දෙයක් විදියට.... මට ගොඩක් අත්දැකීම් තියෙනව ඔය වැඩට එන අය ගැන , පඩියට අමතරව කොච්චර දේවල් දුන්නත් , හොරකම් කරන අයත් හරියට ඉන්නවා...(බ)
රජයට ඒ යන අය මුදල් ගෙවලා යන්නේ. ඒ අයගේ අතිවාසිකම් රකින්න රජය අපොහොසත් වෙන නිසයි මේ වගේ දේවල් වෙන්නේ (නි)
සුසන්ත,ශෂී .ඔබ දෙපලගේ අදහස 100% සත්‍යයි. (ර)
මේ අපේම මිනිසුන් බලධාරින් නිදිද නැතිනම් මුදලට වහ වැටිලද ? (ම)
අසරණ කාන්තාවන් රවටා අරාබියේ ගෙවල්වල මෙහෙකාරකමට යවන නින්දිත ක්‍රියාව කවදද නතර කරන්නේ? වුර්තියමය රැකියාවකට නිසි පරිදි යනවනම් ඒක වෙනස්, එත් මෙහෙකාරකමට! මෙවැනි රැකියාවකින් ලැබෙන මුදලට සමාන මුදලක් අද ලංකාවේ රැකියවකිනුත් හොයාගන්න පුළුවන් නේද? මා දන්නා පරිදිනම් මෙවැනි රැකියාවක ලැබෙන්නෙත් රු.25,000-30,000 වැනි සුළු මුදලක් (වියදම් ආදිය කපා ගත්තයින් පසු - ඒකත් හරියට ලැබෙන්නේ නැහැනේ). ලංකාවේ සුළු ව්‍යාපාරයක් වැනි දෙයක් කලත් මේවැනි මුදලක් හොයාගන්න පුළුවන් නේද? (ර)
මැදපෙරදිග රටවලට යවන එක නතර කළයුතුයි (නි)
අනුන්ගේ ලනු ගිලලා වැඩිය මුදල් හොයන්න ඉන්න ස්ථානයෙන් පැනලා වෙන තැන් හොයාගෙන යනවා. අන්තිමට වැරදි වැඩේට යොමුවෙලා ලංකාවට එන්න ඕනෑ වුණාම එම්බසි එක හොයාගෙන යනවා (බ)