IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මැද පෙරදිග ගිය 140ක් හිස් අතින් එති

මැද පෙරදිග ගෘහ සේවයට ගොස් විවිධ වද හිංසා වලට  ලක් වු  බව කියන තවත් කාන්තාවෝ 147 දෙනෙක් අද (29) උදෑසන මෙරටට පැමිණියාහ.

කුවේට් සිට 134 දෙනකු ද සෞදි අරාබියේ සිට 12 දෙනකු ද ජෝර්දානයේ සිට කතකද ආහ.

ඔවුන් මාධ්‍යයට පැවසුවේ කුවේට් දේශයට ලාංකික කාන්තාවන් නොයවන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවයි.

ජෝර්දාන් සිට පැමිණි කාන්තාවට බෙහෙත් විද ඇති බවත් ඇය මේවන විට  සිහිමද තත්ත්වයේ සිටින බවත් කියති. ඇයට වෛද්‍ය ප්‍රතිකාර  ලබා දිමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සහන පියස  කියයි.

ඔවුනට  ගම රට බලා  යාමට බස් වියදම සපයන බව ඔවුහු කියති. 



අදහස් (0)

මැද පෙරදිග ගිය 140ක් හිස් අතින් එති

ශෂී Tuesday, 29 March 2016 09:35 AM

අපේ ගෙදරක ළමයෙක් බලාගන්න රු,15000 ක් දීල කෑම, නවාතැන් සියලු දේ දුන්නත් කෙනෙක් හොයා ගන්න අමාරුයි, නිවාඩුවට ගෙදර යන්න එන්නත් පුළුවනි. මේ අය වැඩිපුරම හිතන්නේ රට යන එක ලොකු දෙයක් විදියට.... මට ගොඩක් අත්දැකීම් තියෙනව ඔය වැඩට එන අය ගැන , පඩියට අමතරව කොච්චර දේවල් දුන්නත් , හොරකම් කරන අයත් හරියට ඉන්නවා...(බ)

:       0       0

සරත් Wednesday, 30 March 2016 06:23 AM

රජයට ඒ යන අය මුදල් ගෙවලා යන්නේ. ඒ අයගේ අතිවාසිකම් රකින්න රජය අපොහොසත් වෙන නිසයි මේ වගේ දේවල් වෙන්නේ (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 29 March 2016 11:07 AM

සුසන්ත,ශෂී .ඔබ දෙපලගේ අදහස 100% සත්‍යයි. (ර)

:       0       0

සෞදි - සරත් Tuesday, 29 March 2016 07:39 AM

මේ අපේම මිනිසුන් බලධාරින් නිදිද නැතිනම් මුදලට වහ වැටිලද ? (ම)

:       0       0

සුසන්ත Tuesday, 29 March 2016 07:48 AM

අසරණ කාන්තාවන් රවටා අරාබියේ ගෙවල්වල මෙහෙකාරකමට යවන නින්දිත ක්‍රියාව කවදද නතර කරන්නේ? වුර්තියමය රැකියාවකට නිසි පරිදි යනවනම් ඒක වෙනස්, එත් මෙහෙකාරකමට! මෙවැනි රැකියාවකින් ලැබෙන මුදලට සමාන මුදලක් අද ලංකාවේ රැකියවකිනුත් හොයාගන්න පුළුවන් නේද? මා දන්නා පරිදිනම් මෙවැනි රැකියාවක ලැබෙන්නෙත් රු.25,000-30,000 වැනි සුළු මුදලක් (වියදම් ආදිය කපා ගත්තයින් පසු - ඒකත් හරියට ලැබෙන්නේ නැහැනේ). ලංකාවේ සුළු ව්‍යාපාරයක් වැනි දෙයක් කලත් මේවැනි මුදලක් හොයාගන්න පුළුවන් නේද? (ර)

:       0       0

අචිර Tuesday, 29 March 2016 11:29 AM

මැදපෙරදිග රටවලට යවන එක නතර කළයුතුයි (නි)

:       0       0

අන්වර් Tuesday, 29 March 2016 12:46 PM

අනුන්ගේ ලනු ගිලලා වැඩිය මුදල් හොයන්න ඉන්න ස්ථානයෙන් පැනලා වෙන තැන් හොයාගෙන යනවා. අන්තිමට වැරදි වැඩේට යොමුවෙලා ලංකාවට එන්න ඕනෑ වුණාම එම්බසි එක හොයාගෙන යනවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 682 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site