ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සෙනසුරාදා සන්ධ්‍යාවේ කොළඹ ඉන්දියා මහ කොමසාරිස් නිල නිවසේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හමුවී පැය බාගයක පමණ සාකච්ඡාවක් පැවැත්වීය.
ඔවුන්ගේ සාකච්ඡාවට කුමක් භාජනය වූයේදැයි හෙළිවී නැත. තමා පරාජය කිරීමට ඉන්දියාවේ රෝ ඔත්තු සංවිධානය සීඅයිඒ හා බ්‍රිතාන්‍යයේ එම්6 ඔත්තු සේවය සමග කුමන්ත්‍රණය කළැයි හිටපු ජනපති පැවසූයේ මෝදි ශ්‍රී ලංකාවේ සිටියදීමය.
සෙනසුරාදා මෝදි හමුවන බව හිටපු ජනපති කියා ඇත්තේ ඊට පෙර දිනයේය. සෙනසුරාදා අනුරාධපුර හා යාපන ගමන අවසානයේදී මෝදි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායකයන්ද හමුවිය.
සංවර්ධන සහයෝගිතා අවස්ථා ගැන එහිදී සාකච්ඡා කළ බව දැනගන්නට ඇත.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හමුවීමෙන් පසුව තර්ස්ටන් පාරේ ඉන්දියා හවුස් හිදී පැවැති භෝජන සංග්‍රහයෙන් පසුව සිය ඵෙතිහාසික ශ්‍රී ලංකා සංචාරය හමාර කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය පාර විවෘර්ත කරනකොට, යාපනේ පුස්තකාලේ ඉඳන් සාකච්ඡා කරනකොට, යාපනේ නගරය, දුම්රිය පොළ දකිනකොට, රටේ ඇවිදිනකොට එතුමාට සත්‍ය කතාව තේරෙන්න ඇති. දෙමල කතාකරන ජනතාවට සලකල තියෙන්නේ මටත් වඩා හොඳට කියල එතුමාට අනුකම්පා හිතෙන්න ඇති. මොකද මේවා දින 60න් කරන්න පුළුවන් ඒවා නෙමෙයිනේ . අරුණ ඔබේ මේ කතාව හරියටම හරි
මහින්ද නායකයා වෙන්නේ අඟහරු ලෝකේ (නදී)
ඉන්දියාව බටහිර අදිරාජියාවාදී රටක්ද? (නදී)
මේ සාකච්ඡාවේදී මෝදි මහින්දට කියලා හොඳට හිටියොත් ලබන ඡන්දෙන් බලයට එන්න දෙනවා කියලා , මහින්ද හරි සතුටෙන් ආපසු ගිහින් (බ)
මම පුංචි කාලේ කළුවරට හරි බයයි. කාමරේකින් කාමරයකටවත් යන්නේ නැහැ කවුරුත් නැතුව. ඒ වගේම අනිත් අයට හරිම ඉරිසියයි. හැබැයි ඉතින් කටේ සවුදම නම් කිසිම අඩුවක් නැහැ. දන්නා දේකුත් නැහැ හැම දේටම කට දානවා. පස්සේ නිකන්ම පල්වෙනවා. කට අරින කම් මෝඩය පණ්ඩිතයෙක් කියල දැන ගත්තේ සැහෙන කාලයක් ගියාම. මට හිතෙන්නේ ලංකාදීපේ අදහස් දක්වන වැඩි දෙනෙක් මම පුංචි කාලේ වගේ කියලා. සාමාන්‍ය දැනීම බින්දුවයි. (නදී)
මෙයාව මොකට හමුවෙන්න ගියාද (නදී)
අඟහරු ලෝකේ ගැන කියන්නත්, අද නිදහසේ ජිවත් වෙන්නෙත් මහින්ද රට බේරගත්ත නිසා නෙමෙයිද ? (නදී)
එතුමා ඔහු හමුවීම හොඳයි. (නි)
අපිට පස්සේ දැනගන්න ලැබෙයිනේ කතාකළ දේවල් (නි)
කළගුණදත් ඉන්දීය නායකයා! (නි)
අපි සිංහල ජාතිය.අපිට තාම මුල මතකයි.අපි කවදත් මහින්ද මහත්තයා එක්ක විතරමයි. (බ)
ඒක ඔවුන්ගේ නිදහස. අපි මොකටද ඒකට ඇඟිලි ගහන්නෙ? (නි)
සමහර දුෂ්ටයින් දාන ප්‍රතිචාර දැක්කහම එදා කොටින්ට උඩගෙඩි දුන් අය බව පේනවා.කොටින්ව විනාශ කරන විට ඒවාට විරුද්ධව වැඩ කළා.ඕක රට පාවා දෙන අයගේ හැටි.මහින්ද මහත්මා කළ සේවය අගය කරපල්ලා. (බ)
මහින්ද පරාජය කිරීමට ඉන්දියාව නියත වශයෙන් උදව්කළ බවයි මමත් කියන්නේ. කවුරු මොන දේ කිවුවත් අපි මැදි ආදායම් ලබන රටක් බවට පත්වුණේ චීන ණය හා ආධාර මත. (නි)
කෝ රටේ දියුණුව? අනේ සිංහල රට....! (නි)
තිලක් ඩුබායි,ඔබගේ පියා කවුද? ඔබගේ මොළය අවුල්වෙලාද? (නි)
බලමු නේද ? (නදී)
මෝඩි අගමැති මෝඩයෙක් නොවේ , සාමාන්‍ය චාරිත්‍රයක් අනුව හිටපු ජනාදිපති තුමා සහ ඔහුට කලින් සිටි චන්ද්‍රිකා මැතිනියත් මුණ ගැසුනා. ඕවා සමහරුන්ට වැටහෙන්නේ නැහැ (නදී)
මහින්ද මහත්තයා කොන්ද පණ තියෙන සැබෑම නායකයෙක්. ඇති තැන එකයි, නැති නැති තැන එකයි කථා දෙකක් නැහැ. මෝදි ලංකාවේ සිටියදීමයි රෝ ඔත්තු සංවිධානයට චෝදනා කලේ. (නදී)
මහින්ද මහත්තයාගේ මුහුණ බැලුවම කියන්න පුළුවන් කතාකළ දේවල්. (නි)
මේ -ඩුබායි ගිහින් ඉන්න අයට පිස්සුද කොහේදෝ. ඉන්න රට දිහා බලල වත් හැදෙන්න (නදී)
සිංහ, ඔයා තවම පිස්සු බලු බේත් බොනවද නැත්නම් බේත් ඉවරද ..? (නදී)
රටට ඇත්තටම වැඩක් කල නායකයා කවුද කියලා අපිට අමතක උනාට මෝඩි මහත්තයා දන්නවා සැබෑ ජනතා නායකයා කවුද කියලා. (නදී)
පරාජය වුණහම දුක මොනවගේද කියලා අහන්න ඇති සමහරවිට (නි)
ඔයා මාත් එක්ක ඉන්නේ නැතිව චීනෙත් එක්ක වැඩ කලාම මට තරහ ගියා ඉතින් එ්ක නිසා අපි ඔයාව පැරැද්දුවා. දැන් බැලුවම දිනපු අයට වඩා ජනප්‍රියයි (නදී)
දුම්රිය පාර විවෘර්ත කරනකොට, යාපනේ පුස්තකාලේ ඉඳන් සාකච්ඡා කරනකොට, යාපනේ නගරය, දුම්රිය පොළ දකිනකොට, රටේ ඇවිදිනකොට එතුමාට සත්‍ය කතාව තේරෙන්න ඇති. දෙමල කතාකරන ජනතාවට සලකල තියෙන්නේ මටත් වඩා හොඳට කියල එතුමාට අනුකම්පා හිතෙන්න ඇති. මොකද මේවා දින 60න් කරන්න පුළුවන් ඒවා නෙමෙයිනේ (නදී)
අරුණ ඔබ හරි. (ස)
මෝදි ඔබ කලේ බොහොම හොඳ වැඩක්.(නදී)
පැරදුනාට තාම ඉල්ලුමක් තියෙනවා වගේ (නදී)
සමහරු මේවා දිහා බලන්නේ ඉරිසියා සහගත කුහක හිතින්. මෝධි ලංකා ගමනේ මහින්ද හමුවීම විශේෂ පුවතක් වීම ඒ අයට දරා ගන්න බැහැ. අරුණ කියනවා වගේ මෝධි උනත් තේරුම් ගන්න ඇති ඇත්ත. (නදී)
අරුණ, ඔබ කියන කතාව ඇත්ත. ඒත් මොකද අසරණ ද්‍රවිඩ ජනතාව තවමත් අනාථ කඳවුරුවල ඉන්නේ? එම ජනතාවගේ ප්‍රශ්නය ගැන තවත් කතා කර කර ඉන්නවා විතරයි. පසුගිය රජයට වැරදුනේ එතැනදී කියලයි මට නම් හිතෙන්නේ.කෝටි ගණන් වැය කරලා කරන විශාල ව්‍යාපෘති නිම කලත් ජනතාවගේ නිවාස , ඉඩම් ප්‍රශ්නය විසඳුවේ නැහැ. ඒකයි ද්‍රවිඩ ජනතාව මහින්ද මහතාට ඡන්දයවත් දුන්නේ නැත්තේ. (ස)
දැන් ඉතින් හමු වෙලා ඇති වැඩේ මොකද්ද? (දිල්)
ආසියාවේ සිටින ලොකුම ප්‍රකෝටිපතියව දකින්න හිතෙන්න ඇති.(දිල්)
යාපනේ මන්නාරම ..යනකොට මෝදි පුදුම වෙන්න ඇති ...දෙමලු මොනවට වෙනම රටක් ඉල්ලනවද කියල. (ස)
මේ දෙන්නා මොනවා කතා කලාද දන්නේ නෑ (දිල්)
අපිට යුධ චෝදනා දාද්දි අපිට හිටියේ ඉන්දියාව නෙමේ (නදී)
ප්‍රවීන් ඔයා හරියටම හරි. හැමෝටම මුල අමතක වෙලා (නදී)
ලුම්බිණි චන්ද්‍රිකා මුණ ගැහුණනම් මහින්දව මුණගැහුණම ඇති වරද මොකක් ද?(දිල්)
පැරදුණේ ඉන්දියාවේ රෝ ඔත්තු සංවිධානය නිසාලු.මේක තමයි අලුත්ම වැඩේ (දිල්)
මේ අවුරුදු දෙකත් ඉදලම ඡන්දෙකට යන්න තිබුනා නේද කියලා කියන්න ඇති (දිල්)
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මෝදි හමුවීම ගැන හංසයන්ගේ සිත් රිදිලා නේද ඉන්නේ (දිල්)
යුධ ජයග්‍රහානය, ජිනීවා, විදුලි පුටුව, බටහිර කුමන්ත්‍රන. දැන් අලුත්ම එක රෝ ඔත්තු සංවිධානය. (නදී)
සාමාන්‍යයෙන් වෙනත් රටක නායකයෙක් රටකට ගියාම ඒ රටේ, නායකයාව මුණ ගැහෙනවා. ඊට පස්සේ රටේ, විපක්ෂේ නායකයාව මුණ ගැහෙනවා. එ්ක දකින්න ඇති ලන්ඩන් වලට අපේ ජනාධිපතිත් ගියාම. දැන් මෝඩිට හොඳට තේරෙනවා අපේ රටේ ඉන්න අනිත් බලවතා මහින්ද බව. සමහර විට අායෙත් නායකයෙක් වෙනවා කියල රෝ එක ඔත්තු දීලත් ඇති නේ. (නදී)
මහින්ද ජනපතිතුමනි අපි නුබ එක්ක. සන්ධානේ අපි නුඹත් එක්ක. (බ)