(ටී.කේ..ජී.කපිල )

රුපියල් දෙකෝටි අට ලක්ෂ හැත්තෑ දහසක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක්  ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත ''  ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ , විදේශීය ගුවන් මගියකු අද අලුයම අත්අඩංගුවට ගත් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය කියයි.

24 හැවිරිදි වියේ පසුවන , මත්ස්‍ය වෙළද පොළක , මාලු කැපීමේ නිරත ඉන්දීය ජාතිකයකු වන අතර ඔහුගේ පළමු ගුවන් ගමන මෙය වීම ද විශේෂත්වයකි .

ඔහු මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන , මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පැමිණ , එතැන් සිට  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.