නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම හා ඔහුගේ රියදුරා අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා වරෙන්තු නිකුත් කළේය.
පොලිස්පති මඟින් මෙම වරෙන්තුව ක්‍රියාත්මක කරන ලෙසද මහේස්ත්‍රාත් නියෝග කළේය.
වඳුරඹ දී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වේදිකාවක් කඩා බිඳ දැමීමෙන් පසුව ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඔහු අත් අඩංගුවට ගැනීමට නොහැකිවූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.
එම සිද්ධියේ සැකකරුවන් තිදෙනකු වඳුරඹ පොලිසිය උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියදී මුතුහෙට්ටිගම සහ ඔහුගේ ඇමැති ආරක්ෂකයන් තිදෙනකු වඳුරඹ පොලිසියට ගොස් ඔවුන් බලෙන් පැහැර ගත්තැයි පොලිසිය මීට කලින් අධිකරණයට වාර්තා කර තිබිණි. මේ සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි ඇමැති ආරක්ෂකයෝ තිදෙනෙක් අද ඇප ලැබූහ.
උසාවියේ තීන්දුව දෙන විටත් මුතුහෙට්ටිගම මහතා උසාවිය සමීපයේ මහ පාරේදී පොලිස් නිලධරයකු සමඟ කථා බහක
ඡායාරූපය - අමිල මධුෂංක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ බන්දුල නොදිටි මොක් පුර ! (නදී)
හුනා වාගේ සිටපු මුතුහෙට්ටිගම මෝරා වාගේ මහත් වෙලා. එහෙම උනේ කොහොමච මම දන්නේ නැහැ (නදී)
බන්දුල ඊට කලින් අර ඇතුලේ හුරතල් වෙන කරුණා පිල්ලෙයාන් ආදීන් ගැන යමක් කලොත් හොඳයි නේද ? (නදී)
මන්ත්‍රී තුමා සීට් බෙල්ට් දා ගෙන නැහැනේ. රාලහාමිව දක්කේ නැද්ද ? (නදී)
පොලිසිය 8 වැනිදාගෙන් පස්සේ අත් අඩංගුවට ගන්න හිතාගෙන ඉන්නවා වෙන්න ඇති. (නදී)
මේ දවස්වල අර" චක්‍රවර්ති" රට සංගීතයකට ගියනිසා මෙයාට සංගීත සංදර්ශන වැඩියි. හොයාගන්ඩ අමාරු ඇති. මෙහෙ ඉන්නවා "එළවලු චක්‍රවර්ති" කෙනෙක් එයාටත් අමතකවන ලෙඩේ. (නදී)
ගිහාන්, කරුණා පිල්ලෙයාන් ලා තම වර්ගයා පැත්තකට දමල යුද්ධය ජයගන්න උදව් කලේ නැතිනම්, තව කී දාහක් රටේ ම්නිස්සු මැරෙයිද ? යුද්ධය තව අවුරුදු කීයක් දික් ගැසේද ? ඔවුන් වෙනුවෙන් රටෙත් යුතුකමක් තිබෙනවා යුද්ධය දිනන්නට උදව් කලාට. (නදී)
මේ තමා රටත් කාලා, ජනාධිපතිවත් කන අය (නදී)
මුන්ට ගිනි බිඳින්න කදිරවත් ඉන්නවා නම්! (නදී)
හොඳම වැධේ තමයි අර කළුතර ඇමතිව ආදර්ශයට අරගෙන, දැන් සර්පයකුට කියල දෂ්ට කරගන්න. (අ)
අනේ පව් හොදම මොලයක් තියන මිනිහට වෙච්ච දෙයක්! (අ)
අන්න හොද වැඩක්.පහුවෙලා හරි තීරණය ගත්ත එක හොදයි.(හේ්)
ඡන්දය ඉවරවෙනකම්ම ඇතුළෙ ඉන්න ඇරිය නම් හොඳයි. නැත්නම් පොලිසියට මීටත් වඩා වැඩ වැඩි කරයි (බ)
තමන්ට පිස්සු නෑ කියල කොච්චරවත් කියනවා මෙයා. (නදී)
මෝඩයෙක් (නදී)
මේවා කරන්න පුළුවන් වැඩ නෙවේනේ පොලිසියට. ඔය හදන්නේ තවත් කීප දෙනෙකුගේ රස්සාවල් නැතිකරන්න. (නදී)
විදායක ජනාධිපතික්‍රමය නිසා රටේ නීතිය විනාශ වෙනවා (නදී)
අපේ රටට ගිය කල දේශපාලුවෝ විනාශ කලා අපේ රට (නදී)
ගැමා,සීට් බෙල්ට් එක උපරිමෙන් ඇදලා දාන්න බැලුවා. ඒත් බැහැ. බෙල්ට් එක කොටයි. (නදී)
පීඩනය වැඩි වෙන්න වැඩි වෙන්න තමයි නීතිය ක්‍රියාත්මක වෙනවා කියල වත් රගපෑමක් වත් කරන්නේ (නදී)
අපි ගාල්ල කියන්නත් ඇත්තටම ලැජ්ජයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ කියන්නත් ලැජ්ජයි මේ මගෝඩි දේශපාලනය නිසා.හැමදාම මැතිවරනයක් එනවිට මහා මෝඩ වැඩකරන්නෙ. (අ)
මෙයා හරියට අර වලන් කඩේට පැන්න වගේ කියල තමා අපිට කියන්න තියෙන්නේ. (අ)
වරෙන්තු නිකුත්කලාට අල්ලගන්න අමාරුවෙයි. අර ප්‍රසිද්ධ මරදන්කඩවල "යකඩයාට"ත් වඩා වරෙන්තු තියෙන කට්ටිය යකඩ රුපපෙට්ටි සටහන්වල බදු අරගෙන ඉන්නේ (නදී)
ජනාධිපති තුමනි..මොහු පිළිබඳව සැලකිලිමත් වෙන්න..කියපු කතා වලින් පෙන්නේ ඇතුලේ ඉගෙන ගේම දි දී කොන්ත්‍රාත් ඉටු කරන්නෙක් වගයි..ඡන්දෙ ඉවර වෙනකම් කුඩු කරවන්න. .එතකොට ගේම් ඉවරයි. (අ)
ඕක විධායක ජනාදිපති ක්‍රමය නෙවේ ඉස්සර ඉඳන්ම හැටි තමා. අපේ රටේ මහත්ම දේශපාලනය කියන එක හොයන්නවත් නැ (අ)
කුමාර් ඔයා වගේ සළු වඩන නිලමෙලා තමන්ට වාසි නම් කොටියාත් ඉඹින ප්‍රතිපත්තියේ පිහිටපු කට්ටිය. ඔබ හෙට අනිද්දට කියාවි කරුණා පිල්ලෙයාන් ජාතික වීරයන්ගේ ලැයිස්තුවට එකතු කරමු කියා. මේ වගේ කතාවක් මේ එසැන පුවත් තීරයේ එතෙක් මෙතෙක් කිසිම කෙනෙක් ලිව්වේ නැහැ. අඩු ගානේ බන්දුල පෙරේරාවත් මෙහෙම දේශද්‍රෝහී කතාවක් මෙතන ලිව්වේ නැහැ. දැන් මේ රටේ මිනිසුන්ගේ පරම යුතුකම කරුණාට පිල්ලෙයාන්ට කාලගුණ සලකන එකද ? යුද්දේ දිනන්න උදව් කලේ ඔවුන් කියන ඔබ මව්කිරි බීල මේ රටේ හැදුන වැඩුන කෙනෙක් නම් නෙවෙයි. (නදී)
කුමාර් කියන කෙනා අවි භාර දීල යටත් උන කෙනෙක්ද ? (නදී)
කුමාර් ගේ කතා නිසා ආණ්ඩුව කලගුණ සලකන්න ඊළඟ අගමැති කම කරුණාට හෝ පිල්ලෙයාන්ට දේවි යන සාධාරණ සැකය අපිට තිබෙනවා. (නදී)
කුමාර් කියන කෙනා අපේ ඉතිහාස කතාවට අලුත් අර්ථ කථන දෙනවා. දැන් එතකොට යුද්දේ ජයගන්න උදව් කලේ මේ ඩබලද කුමාර් මහත්තයෝ? ඕක ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් තියනවද දන්නේ නැහැ. හොයල බලන්න ඕනා. (නදී)
මේ කුමාර් කියන්නේ ආණ්ඩුවේ පක්ෂ සාමාජිකයෙක් නම් ඔන්න බන්දුල පෙරේරා , බලාගන්න. තමුන්නැහේ උදේ හවස මෙතැන අනිත් මිනිස්සුන්ට කලගුණ සලකන්න කියා කියා උඩ පනින්නේ මේ ගොල්ලන්ටද ? අන්තිමට අනුන්ට කොටි ලේබල් ගහ ගහ මේ කරන්න යන්නේ මොකද්ද කියල අපිට හිතා ගන්න පුළුවන්. (නදී)
මේවගේ ඒවාට ජනතාව උත්තර දෙන්නද ඕනි (නදී)
කාගේ හයියක් අරන්ද පොලිසියට ගිහින් පැහැර ගත්තේ? (අ)