ජනවාරි 8 වැනිදා ජනපතිවරණයේ පොදු අපේක්ෂක වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැලියක් වෙනුවෙන් වඳුරඹ නගරයේ ඉදිකළ වේදිකාවක ශබ්ද විකාශන යන්ත්‍ර ඇතුළු භාණ්ඩ ගිනි තබා විනාශ කළැයි කියන සැකකරු වඳුරඹ පොලිස් අත් අඩංගුවෙන් බලහත්කාරයෙන් රැගෙන ගියැයි එවකට නියෝජ්‍ය ඇමැතිවරයකුවූ නිශාන්ත මුතුහෙට්ටිගම ඇතුළු පස් දෙනකුට එරෙහි නඩුව ඔක්තෝබර් 26 වැනිදාට කල් තැබූ බව බද්දෙගම මහේස්ත්‍රාත් සී.එදිරිමාන්න මහතා අද (28) ප්‍රකාශ කළේය.
බද්දේගම පොලිස් ස්ථාන අටකට ඇතුළුවීම තහනම් කරමින් එදා දුන් නියෝගය බලාත්මක බවද මහේස්ත්‍රාත් පැවසීය.
එවකට පොලිස්ථානාධිපතිවූ පොලිස් පරීක්ෂක පී.එල්.කීර්තිසිංහ මහතා ඒ සිද්ධියත් සමග ඉල්ලා අස්වූ නමුත් ජනාධිපතිවරණයෙන් පසුව යළිත් ඔහු සේවයට කැඳවිණි. ඔහුද අධිකරණයට පැමිණ සිටියේය.
එදා ගිනිතැබූ වේදිකාව



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd