IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මුතුහෙට්ටිගමගේ ආරක්ෂකයෝ රිමාන්ඩ්

නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ ආරක්ෂාවට සිටි ඇමති ආරක්ෂක ඒකකයේ කොස්තාපල්වරු තිදෙනා ලබන 24 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා අද නියෝග කළේය. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඉදිකළ වදුරඹ වේදිකාවට අලාභහානි සිදුකළැයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනකු පොලිසියේ සිට පැහැරගෙන යාමට කටයුතු කරමින් පොලිස් රාජකාරියට බාධා කරන ලදැයි සැකපිට මේ තිදෙනා ඊයේ අත්අඩංගුවට ගනු ලැබ සිටියහ.



අදහස් (0)

මුතුහෙට්ටිගමගේ ආරක්ෂකයෝ රිමාන්ඩ්

අබ්දුල් රාසික් Sunday, 21 December 2014 05:35 PM

සාධාරණ මැතිවරණයකට නම් මේ වැනි දේවල් වලට නිසි විසඳුම් දෙන්න ඕනෑ. නැත්නම් අසාධාරණ ඡන්ද ප්‍රතිඵල තමා අපිට අසන්නට වෙන්නේ. (නි)

:       0       0

සත්‍යපාල Sunday, 21 December 2014 08:54 PM

මේවා තේරුම් ගන්නට නොහැකි කිසිවෙක් සිටී නම් ඔවුන් මිනිසුන් විය නොහැක. (නි)

:       0       0

තරිදු ගනේගොඩ Sunday, 21 December 2014 11:03 AM

අනේ වාසනාවන්.(හේ)

:       0       0

කිරින්ද Sunday, 21 December 2014 11:37 AM

සීතල දුරුත්තේදී ඔය ලෙඩේ හැදෙන බව ඔහුගේ ගමේ කට්ටිය දන්නවා. (නදී)

:       0       0

රාහුමාන් Sunday, 21 December 2014 12:07 PM

ඒක හොඳයි (නදී)

:       0       0

සහන Sunday, 21 December 2014 12:30 PM

මේ වගේ ජරා වැඩ ජීවිතේටම නොකරන්න , මුන් තුන්දෙනාගේ නම , නම්බර්ස් ,ෆොටෝ පත්තරවල ,වෙබ් සයිට්වල දාන්න ඕන (බ)

:       0       0

ඒ. නිමල් Sunday, 21 December 2014 12:46 PM

අනේ පව් අසරණ රාළහාමිලා තුන්දෙනා (හේ)

:       0       0

පුණ්‍යසෝම Sunday, 21 December 2014 02:33 PM

එතකොට මේකට සම්බන්ධ ඒ කට්ටිය විතරද? (නි)

:       0       0

චමත් Sunday, 21 December 2014 02:37 PM

මහින්ද මහත්තයාගේ ඡන්ද අඩුවෙන්නේ ඒ මහත්තයා වටේ ඉන්න සමහරු නිසා තමයි (නි)

:       0       0

ටී. ජී. ලියනගේ Monday, 22 December 2014 03:33 AM

එතකොට අරයව අත්අඩංගුවට ගත්තේ නැද්ද? (නි)

:       0       0

ගාමිණි Sunday, 21 December 2014 03:08 PM

මේ පොලිස් නිලධාරීන්ටත් මතක නැති වුනොත් ?........ප්‍රශ්නයක් වෙන එක්කක් නැහැ.(හේ)

:       0       0

කුමාර Monday, 22 December 2014 04:08 AM

පොර ටෝක් විතරයි. (බ)

:       0       0

ප්‍රසංග Sunday, 21 December 2014 03:56 PM

මේ කට්ටිය කරලා තියෙන්නේ මුතුහෙට්ටි කියපු දේ නේද? එතකොට එයා රිමාන්ඩ් නොකරන්නේ, (හේ)

:       0       0

පත්මසිරි මාපලගම Sunday, 21 December 2014 04:01 PM

අර කලින් කිව්වා වගේ සැකකරුවන් රිමාන්ඩ් කළොත් මෙයත් රිමාන්ඩ් එකට යන්න තිබ්බේ , බීමතින් හෝ මත් වී කියනා කතාවල් වචන වලට පමණය .(හේ)

:       0       0

අමිල පීරිස් Monday, 22 December 2014 04:22 AM

මේ රටේ නිතිය ක්‍රියාත්මක වන හැටි, පොලිස් අත්අඩංගුවේ සිටින අය පොලිසියට ඇවිත් බලෙන් රැගෙන යන්න තරම් බලවත් ඇමතිවරු සිටිනවා, ඇමතිවරයාගේ නියෝග නැතිව ඇමති ආරක්ෂක ඒකකයේ කොස්තාපල්වරුන්ට මෙපමණ වික්‍රමයක් කළ හැකිද ? ඇමති ආරක්ෂක යන් නීති විරෝදී වැඩටත් ගන්න පුළුවන් තව .......! දැන් අපේ රටේ ඉන්නේ රටට ආදරය කරන හා නොකරන යන වර්ග දෙක පමණි. ඉතින් ඇමතිලාට මෙච්චර ආරක්ෂාවක් මොකටද ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site