නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ ආරක්ෂාවට සිටි ඇමති ආරක්ෂක ඒකකයේ කොස්තාපල්වරු තිදෙනා ලබන 24 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා අද නියෝග කළේය. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඉදිකළ වදුරඹ වේදිකාවට අලාභහානි සිදුකළැයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනකු පොලිසියේ සිට පැහැරගෙන යාමට කටයුතු කරමින් පොලිස් රාජකාරියට බාධා කරන ලදැයි සැකපිට මේ තිදෙනා ඊයේ අත්අඩංගුවට ගනු ලැබ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණ මැතිවරණයකට නම් මේ වැනි දේවල් වලට නිසි විසඳුම් දෙන්න ඕනෑ. නැත්නම් අසාධාරණ ඡන්ද ප්‍රතිඵල තමා අපිට අසන්නට වෙන්නේ. (නි)
මේවා තේරුම් ගන්නට නොහැකි කිසිවෙක් සිටී නම් ඔවුන් මිනිසුන් විය නොහැක. (නි)
අනේ වාසනාවන්.(හේ)
සීතල දුරුත්තේදී ඔය ලෙඩේ හැදෙන බව ඔහුගේ ගමේ කට්ටිය දන්නවා. (නදී)
ඒක හොඳයි (නදී)
මේ වගේ ජරා වැඩ ජීවිතේටම නොකරන්න , මුන් තුන්දෙනාගේ නම , නම්බර්ස් ,ෆොටෝ පත්තරවල ,වෙබ් සයිට්වල දාන්න ඕන (බ)
අනේ පව් අසරණ රාළහාමිලා තුන්දෙනා (හේ)
එතකොට මේකට සම්බන්ධ ඒ කට්ටිය විතරද? (නි)
මහින්ද මහත්තයාගේ ඡන්ද අඩුවෙන්නේ ඒ මහත්තයා වටේ ඉන්න සමහරු නිසා තමයි (නි)
එතකොට අරයව අත්අඩංගුවට ගත්තේ නැද්ද? (නි)
මේ පොලිස් නිලධාරීන්ටත් මතක නැති වුනොත් ?........ප්‍රශ්නයක් වෙන එක්කක් නැහැ.(හේ)
පොර ටෝක් විතරයි. (බ)
මේ කට්ටිය කරලා තියෙන්නේ මුතුහෙට්ටි කියපු දේ නේද? එතකොට එයා රිමාන්ඩ් නොකරන්නේ, (හේ)
අර කලින් කිව්වා වගේ සැකකරුවන් රිමාන්ඩ් කළොත් මෙයත් රිමාන්ඩ් එකට යන්න තිබ්බේ , බීමතින් හෝ මත් වී කියනා කතාවල් වචන වලට පමණය .(හේ)
මේ රටේ නිතිය ක්‍රියාත්මක වන හැටි, පොලිස් අත්අඩංගුවේ සිටින අය පොලිසියට ඇවිත් බලෙන් රැගෙන යන්න තරම් බලවත් ඇමතිවරු සිටිනවා, ඇමතිවරයාගේ නියෝග නැතිව ඇමති ආරක්ෂක ඒකකයේ කොස්තාපල්වරුන්ට මෙපමණ වික්‍රමයක් කළ හැකිද ? ඇමති ආරක්ෂක යන් නීති විරෝදී වැඩටත් ගන්න පුළුවන් තව .......! දැන් අපේ රටේ ඉන්නේ රටට ආදරය කරන හා නොකරන යන වර්ග දෙක පමණි. ඉතින් ඇමතිලාට මෙච්චර ආරක්ෂාවක් මොකටද ? (බ)