‘ඇමතිතුමා මාත් එක්ක පැටලෙන්න එපා අනර්කලී වගේ නෙවෙයි. මාත් එක්ක පැටළුණොත් අවුරුදු විස්සකට හිරේ යවනවා යැ‘යි දකුණු පළාත් සභා මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ මහත්මිය සුළු අපනයන බෝග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට කීවාය.
ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගීතා කුමාරසිංහ මන්ත්‍රිනිය ඔහුට අනතුරු ඇගවුයේය.
ගීතා - දැන් මේ රුපියල් ලක්ෂ 150න් දෙසැම්බර් 31 වැනිදාට පෙර වැඩ කරන්න වෙනවා. කොහොමද මේවා කරන්නේ.?
මුතුහෙට්ටිගම - ‘‘ ඔබතුමිය නිශ්ශබ්ද වෙන්න. සල්ලි වලින් වැඩ කරන්න බැරිවුණොත් මම අවිච්ඡේද කරලා ලබන අවුරුද්දේ අරගෙන දෙන්නම්.“
ගීතා -‘‘ මම නෙවෙයි ඔබතුමා කටවහගන්න. මට අපහාස වෙන විදියට වැඩ කරන්න එපා. මගේ ආසනයට ලැබුණු මුදල් සංවර්ධන කටයුතුවලට නිවැරදිව යොදවන්න ඕනෑ “
මුතුහෙට්ටිගම - ‘‘ මා අනර්කලී එක්ක පැටලිලා එකපාරක් හිරේටත් ගිය මිනිහෙක්.“
ගීතා - ‘‘ඒකට මට කමක් නැහැ. ඇමතිතුමා මාත් එක්ක පැටලෙන්න එපා. මම ඔයා හිරේ යවන්නේ අවුරුදු 20ට“
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට දෙවියන්ගෙම පිහිටයි (නදී)
ඡන්දයක් ළඟ එද්දී නායකයාට උදව් කිරීම පසෙකට දමා පොරකනවා. කවුද මේ අය පාර්ලිමේන්තු යැව්වේ? (නි)
ගීතට කවද්ද අධිකරණ බලතල ලැබුනේ හිර දඬුවම් නියම කරන්නේ? (නදී)
තව තවත් මේ වගේ උදවිය අපි මහජන නියෝජිතයින් ලෙස පත්කරමු. (නි)
මේ දෙන්නට වෙන වැඩක් නැද්ද දන්නේ නෑ.(හේ)
මේ දෙන්නා හැමදාම වලි.(හේ)
මුතුහෙට්ටිගම මහත්තයෝ ඔයාටත් හරිමගට එක්වෙන්න කාලේ ඇවිල්ල. (හේ)
මේ දෙන්නම එකට හිරේ ගියානම් තමා හොද (අ)
මේ දෙන්නම එකම හිර ගෙදර එකම තැනකට දාන්නයි වටින්නේ. එතකොට අඬදබර කම්මුතු වේවි (නදී)
කාන්තාවන් සමඟ මෙහෙම රණ්ඩුවට යෑම මම නම් අනුමත කරන්නේ නැහැ (නි)
උගත්කමක් , යහපත් පවුල් පසුබිමක් කෙසේ වෙතත් අර තියනවා කියන හැඳි මිටේ නුවණවත් නැති කට්ටිය දේශපාලනය කරන බව පේනවා.කාන්තාවක් විදියට සභාවක් ඉදිරියේ හැසිරෙන්න වචන පාවිච්චි කරන්න දන්නේම නැහැ. (හේ)
කරලා පෙන්වන්න එතකොට අපි විශ්වාස කරන්නම්.(හේ)
මේ ගොල්ලන්ට හරි වැරදි පෙන්නලා දෙන්න පුළුවන් නායකයෙක් උන්න නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ. (නදී)
සදහටම හිරේට දාගන්න. ගීතා පත්තර කාරයා මොනවා කරයිද දන්නේ නැහැ. (නදී)
ගීත නෝනා අතේ පයිල්එකක් තියෙනවා වගේ පේනවා (අ)
සත්‍යා ,මේ පෙන්වන්නේ කාගේ බලයද කියලා අපි දන්නවා (නි)
ගීතා කිව්වා නම් ඉතින් හරි තමයි. (නි)
මුතුහෙට්ටිගම මහත්තයෝ,ගීතා නෝනා කිව්වා නම් පරිස්සමින් ඉන්න.අනවශ්‍ය කතා කීමෙන් වළකින්න. (නි)
අනේ මුතුහෙට්ටිව හිරේ දාන්න එපා. (නි)
ටානියා, එයා කරන දේවල් බලන්න ඔයා දකුණටම එන්න ඕනෑ (නි)
ඔය කවුරු කවුරුත් පෙන්වන්නේ කාගේ බලයද කියලා අපි දන්නවා. (නි)
මෙයා මෙහෙම පිරිමින්ට සත්තම දාගෙන ගිහිල්ලා අන්තිමට කවදාහරි පාඩමක් ඉගෙනගන්නේ නැතෑ... (නි)
දැන් මොනහිරේ ද?. මීට අවරුදු තිස්පහකට හතලිහකට පෙරදිනම් එහෙම තැන් තිබුනා ඒ ඒකාලේ. අද හිරගෙවල් අයින්කරනවා. (අ)
ලක්වැසි සැමට පින් සිද්ධවෙයි තේරුම් ගත්තොත්. මේ ඡන්දෙට පක්ෂ, පාට, පුද්ගලයෝ අදාළ නැහැ. විධායක ජනාධිපතිකමද? පාර්ලිමේන්තුවට වග කියන අගමැතිකමද? (නි)
අනේ දෙවියනේ මේ වගේ අයනේ රට පාලනය කරන්නේ අපිට කවදාවත් ගොඩ ඒමක් නම් පේන තෙක් මානයක නැහැ (බ)
මේ නිසා තමයි අපි මෛත්‍රී රජයක් ඉල්ලන්නේ (නදී)
මේ වගේ මහජන නියෝජිතයෝ පත්කරන මහජනයාට බූවල්ලෙන් තලන්න ඕනෑ (නි)
බලනකොට ගීතා දක්ෂයිනේ! (නි)
කලබල වෙන්න එපා. ඉවසලා බලන්නකෝ (නි)
මෙහෙම අයගෙන් ඊට වැඩි යමක් බලාපොරොත්තු වෙන්න එපා. (නි)
ගීතාත් දෙවැනි වෙන්න කැමතිම නැහැ (නි)
ලොකු අයියලාට ඕන විදියක්. අපිට මොකද නේද.(බ)
රඟපෑම් ඉවර වුනාම කරන්න දෙයකුත් තියෙන්න එපාය.(බ)
මෙහෙම සත්ත්වයෝ දේශපාලනයට ගෙනා අපට අබ සරණයි (බ)
බලාගෙන. හිරේ යන්න වෙයි හොඳේ (නි)
ජනතාවනි, මෙවන් අයට ඡන්දය දෙන්න එපා. (නි)
අරයා වගේ නෙමේ මුතුහෙට්ටිගම ගැන ගාල්ලේ හැමෝම දන්නවා ආදරය කරනවා (නදී)
මුතුහෙට්ටිගම මහතා හොඳ කඩවසම් කෙනෙක්! (නි)
අනේ වාසනාවන්! මේ වගේ අය තව තවත් රටේ නායකයෝ වෙන්න ඕනා. (නදී)
''පිස්සු පුසෝ'' (නදී)
මහින්ද වටේ ඉන්න අය හොරු කියල ඒ අයම දැන් කියනවා. (නදී)
එයා සංවර්ධනය කියලා කියන්නේ මොන වගේ දෙයක්ද දන්නෙ නැහැ (නි)
අනේ මන්දා, මෙයාලට පිස්සුද කියලා? (නි)
මේක දැන් පිස්සන්ගේ දේශයක් වගේ වෙලා! (නි)
මොවුන්ට ඡන්දේ දෙන අයටයි ගහන්න ඕනෑ (නි)
හිරේගිය පුද්ගලයාටත් රාජ්‍ය සේවයේ යෙදෙන්න පුළුවන් නම් ඒ රටේ පවතින නීතිය මොනවගේද කියා තේරුම් ගන්න අමාරුද?තීන්දුව ජනතාව අතේ..... (නි)
දැන් බලනකොට රට පාලනයට හොඳම සුදුසුකම හිරේයාමද කොහෙද? (නි)