පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වඳුරඹ වේදිකාවකට ගිනි තැබීයැයි සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම මහතාගේ ජිප් රියෙන් රැගෙන ගිය බව වඳුරඹ පොලිසිය කියයි.
ඔවුහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.
පොලිසියේ වාහනයකින් සැකකරුවන් අධිකරණයට ගෙන යෑමට හදද්දී මුතුහෙට්ටිගම මහතා පැමිණ තමාගේ ජිප් රියෙන් ගෙන යෑමට අවශ්‍ය බව කියා ජිප් රියට නංවා ගත් බව ද පොලිස් ආරංචි කියයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ නියෝජ්‍ය ඇමැතිවරයා පැමිණ තම ජිප් රියෙන් සැකකරුවන් ගෙන ගොස් ඇති බවයි. ඔහුගේ ක්‍රියාව වැරදි බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි එහෙම අපේ නෑ කෙනෙක්, අපේ වාහනයකින් උසාවි ගෙනියන්න ඇහුවොත්, පොලිසිය මොනවා කියයිද? (නි)
එතකොට මේ නීතිවිරෝධී ක්‍රීයාවට පොලිසිය ක්‍රියාමාර්ගයක් ගන්නවද? නැත්නම් ඒ නීති පොඩි මිනිහට විතරද ? (නි)
බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ (නදී)
අජිත් රෝහණ මහත්තයා කියන්නේ තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නවා කියලද ? (නදී)
පොලිසියට ඇමතිතුමා දැක්කහම බයහිතෙන්න ඇති සමහරවිට (නි)
අනේ මොකුත් කියන්න එපා එයාට. ඔය කඳ බඩ මහතාට තිබුනාට පොඩි එකා වගේ. කිසිමදෙයක් තේරෙන්නේ නැහැ. (නි)
අපේ අයියලා ටික ඔලුව නමලා, සැලියුට් ගහලා, ගාඩ් එකකුත් දීගෙන ගියාද දන්නේ නැහැ. (නි)
ඒ කියන්නේ එයා නීතියටත් වැඩිය උඩින් වැඩ කරන්නේ? (නි)
නැතුව ලම්බෝර්ගිනි එවන්නද එයාලව ගෙනියන්න? (බ)
ක්‍රියාව වැරදියි නේද ,(හේ)
පුදුම රටකනේ අපිට අපේ දරුවන් සමඟ ජීවත්වෙන්න සිද්ධවෙලා තියෙන්නේ. ලැජ්ජයි කියන්නත්. (නි)
මොන නීතියක්ද මේ? (නි)
ඔන්න රටේ නීතිය. (නි)
රටට ගිය කළක්.(හේ)
නීතිය නොදත් මේ බලවතුන් පෙන්වන්නේ ඔවුන්ගේ බුද්ධියේ ප්‍රමාණය නේද...ලග එන මැතිවරණයේදී අබ සරණයි.(හේ)
මොලයක් නැති අයට ඇමතිකම් ලැබුනම වදුරන්ට කන්නාඩි ලැබුනා වගේ තමයි.(හේ)
ඔන්න ඕකට තමයි යහ පාලනයක් උවමනා වෙන්නේ. පේනවා නේද කාටවත් ඔලුව නවපු නැති පොලිස් කාරයෝ හිටපු රටක මේ ඊයේ පෙරේද ආව හොටු කොල්ලෝ ළඟ මෝල් ගස් ගිලපු ගානට ඉන්න සිද්ද වෙලා තියෙන්නේ මේ අසික්කිත විදායකයේ තියෙන බලපුලුවන්කම නිසා නේද ? (නදී)