පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වඳුරඹ වේදිකාවකට ගිනි තැබීයැයි සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම මහතාගේ ජිප් රියෙන් රැගෙන ගිය බව වඳුරඹ පොලිසිය කියයි.
ඔවුහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.
පොලිසියේ වාහනයකින් සැකකරුවන් අධිකරණයට ගෙන යෑමට හදද්දී මුතුහෙට්ටිගම මහතා පැමිණ තමාගේ ජිප් රියෙන් ගෙන යෑමට අවශ්‍ය බව කියා ජිප් රියට නංවා ගත් බව ද පොලිස් ආරංචි කියයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ නියෝජ්‍ය ඇමැතිවරයා පැමිණ තම ජිප් රියෙන් සැකකරුවන් ගෙන ගොස් ඇති බවයි. ඔහුගේ ක්‍රියාව වැරදි බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුතුහෙට්ටිගම සැකකරුවන් උසාවි ගෙන යයි
ධනංජය Friday, 19 December 2014 07:08 AM
අපි එහෙම අපේ නෑ කෙනෙක්, අපේ වාහනයකින් උසාවි ගෙනියන්න ඇහුවොත්, පොලිසිය මොනවා කියයිද? (නි)
ලංකා තිලක් Friday, 19 December 2014 07:11 AM
එතකොට මේ නීතිවිරෝධී ක්‍රීයාවට පොලිසිය ක්‍රියාමාර්ගයක් ගන්නවද? නැත්නම් ඒ නීති පොඩි මිනිහට විතරද ? (නි)
තරිඳු ගනේගොඩ Friday, 19 December 2014 07:30 AM
බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ (නදී)
විල්බට් Friday, 19 December 2014 07:35 AM
අජිත් රෝහණ මහත්තයා කියන්නේ තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නවා කියලද ? (නදී)
කටුගස්තොට Friday, 19 December 2014 07:37 AM
පොලිසියට ඇමතිතුමා දැක්කහම බයහිතෙන්න ඇති සමහරවිට (නි)
අජිත් කරුණාරත්න Friday, 19 December 2014 04:30 PM
අනේ මොකුත් කියන්න එපා එයාට. ඔය කඳ බඩ මහතාට තිබුනාට පොඩි එකා වගේ. කිසිමදෙයක් තේරෙන්නේ නැහැ. (නි)
පරාක්‍රම Friday, 19 December 2014 06:03 PM
අපේ අයියලා ටික ඔලුව නමලා, සැලියුට් ගහලා, ගාඩ් එකකුත් දීගෙන ගියාද දන්නේ නැහැ. (නි)
එමිල් Friday, 19 December 2014 08:48 PM
ඒ කියන්නේ එයා නීතියටත් වැඩිය උඩින් වැඩ කරන්නේ? (නි)
ස්ටැන්ලි Friday, 19 December 2014 08:52 AM
නැතුව ලම්බෝර්ගිනි එවන්නද එයාලව ගෙනියන්න? (බ)
ජීවක Friday, 19 December 2014 08:58 AM
ක්‍රියාව වැරදියි නේද ,(හේ)
තිලක් ඩුබායි Friday, 19 December 2014 09:25 AM
පුදුම රටකනේ අපිට අපේ දරුවන් සමඟ ජීවත්වෙන්න සිද්ධවෙලා තියෙන්නේ. ලැජ්ජයි කියන්නත්. (නි)
ටිකිරි බණ්ඩාර Friday, 19 December 2014 09:25 AM
මොන නීතියක්ද මේ? (නි)
ඇන්ඩෲ Friday, 19 December 2014 09:43 AM
ඔන්න රටේ නීතිය. (නි)
ජයත් Friday, 19 December 2014 10:43 AM
රටට ගිය කළක්.(හේ)
නදීක Friday, 19 December 2014 10:57 AM
නීතිය නොදත් මේ බලවතුන් පෙන්වන්නේ ඔවුන්ගේ බුද්ධියේ ප්‍රමාණය නේද...ලග එන මැතිවරණයේදී අබ සරණයි.(හේ)
ප්‍රදීප් අරජුන Saturday, 20 December 2014 04:58 AM
මොලයක් නැති අයට ඇමතිකම් ලැබුනම වදුරන්ට කන්නාඩි ලැබුනා වගේ තමයි.(හේ)
පිටබැද්දර ජයා Friday, 19 December 2014 11:50 AM
ඔන්න ඕකට තමයි යහ පාලනයක් උවමනා වෙන්නේ. පේනවා නේද කාටවත් ඔලුව නවපු නැති පොලිස් කාරයෝ හිටපු රටක මේ ඊයේ පෙරේද ආව හොටු කොල්ලෝ ළඟ මෝල් ගස් ගිලපු ගානට ඉන්න සිද්ද වෙලා තියෙන්නේ මේ අසික්කිත විදායකයේ තියෙන බලපුලුවන්කම නිසා නේද ? (නදී)