පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වඳුරඹ වේදිකාවකට ගිනි තැබීයැයි සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනෙක් බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් ලබන 29 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
එලෙස රිමාන්ඩ් කැරුණේ වෘත්තීය පුහුණු අධිකාරියේ රියදුරකු වන එ්. එම් ජනක දුමින්ද (36), ධීවර සංස්ථාවේ සේවකයකු වන කේ ජී ජානක කුමාර (38) සහ එස් ඒ දිමුතු ප්‍රදීප් (30) යන සැකකරුවෝ ය.
සැකකරුවන් රිමාන්ඩ් කළහොත් තමා ද රිමාන්ඩ් වන බවට නියෝජ්‍ය ඇමාත්‍ය මුතුහෙට්ටිගම මහතා කළැයි කියන ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක් වනවාදැයි සොයා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත් නියෝග කළේය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතීඥවරු 25 දෙනකු පෙනී සිටියහ. මුතුහෙට්ටිගම මහතා මාධ්‍යයට කළැයි කියන ප්‍රකාශයකින් උසාවියට අපහාස වූ බව නීතීඥවරු අධිකරණයට දැන්වූහ.
වේදිකාව ගිනි තබන අයුරු වීඩියෝ පටයක සටහන් වී තිබුණ ද එය අපහැදිලි බව පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ තව ඡන්ද ටිකක් හංසයාට අවා. මට බොහොම දුකයි.(හේ)
මේ වගේ මිනිසුන්ට ඡන්දය දෙන මිනිසුන්ගේ මොළය පරික්ෂා කිරීම යුගයේ අවශ්‍ය කරුණක් බව මේ වැඩ වලින් පෙනෙනවා නේද? ඇහුවොත් කියන්නේ දකුණේ කියලා.පේනවනේ ඔලුගෙඩියේ මොනවද තියෙන්නේ කියලා. (නි)
මොනම නීතියකටවත් ගරු කරන්නේ නොමැතිද මේ පුද්ගලයා. මෙවැනි උදවියගේ විනයක් නැතිකමට පක්ෂ නායකත්වය වග කිව යුතුයි නේද?(හේ)
විනාශ වුන දේපල වලට ලක්ෂ 50ක් වන්දියත් සමග අය කරවා ගන්න.(හේ)
මෙහෙම කෙනෙක් මෙහෙම දේවල් කිවුවා කියලා උසාවියට අපහාස වෙන්නේ නැහැ කියලයි මම නම් කියන්නේ (නි)
මෙවන් පුද්ගලයින් ගැන තීරණයක් ඉක්මණින් ගැනීම අත්‍යවශ්‍යයි (නි)
මමත් දකුණෙන් ආවට, සමස්තයක් වශයෙන් ගත්තහම රටේ වැඩියෙන්ම නීතියට ගරු නොකරන්නෙ, නීති කඩන්නෙ දකුණෙ මිනිස්සු. තවමත් අප වැඩි දෙනෙක් ලඟ තියෙන්නෙ ගෝත්‍රික ගති. ඒකයි රටෙි නීතිය වල් වැදිල තියෙන්නෙ. මමත් ඒ ගැන ලැජ්ජ වෙනව අවංකවම. (නදී)
වාර්ථාව කුමක් කියා ලැබෙයිද?බලමුකෝ මේකේදි මොකද වෙන්නේ කියලා.(හේ)
අනේ ඇත්තට මෙහෙමත් ඇමතිවරු. මේ රටට පෙන්නන්නේ දකුණේ මිනිස්සුන්ගේ අභිමානේ වෙන්න ඇති. මෙයාට කොහොමත් නහරයක් වැඩියි. මට හංසයට ඡන්දෙ දෙන්න තරම් විශ්වාසයක් නැහැ. එ්ත් මෙහෙම පාලනයක් තවත් ඕනෙත් නැහැ. දේශපාලනයට ඇතුල් වීමට ඇති අවම සුදුසු කම අඩුම තරමේ උපාධියක්වත් කරන්න ඕනේ. (නදී)
මේ වගේ අය ගැන ඇයි තීරණයක් නොගන්නේ? (නි)
නීතිඥයෝ 25 ට බර ගානක් ගෙවන්ට වෙයි වගේ. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ.(හේ)
මුතුහෙට්ටිගමගේ ඔලුව නැවතත් පරික්ෂා කරලා බැලුවොත් නරකද?(හේ)
අනේ මන්දා..මිනිස්සුන්ගේ කොහේ තියන මොළෙන්ද මේ අයට ඡන්දේ දෙන්නෙ..(හේ)
මහ කකුළුවා යන පාරේ තමයි පොඩි වුනුත් යන්නේ.(හේ)
ප්‍රදීප් ඔය හංස පාක්ෂිකයෙක්. ආවා යයි කියන්නේ ඒකයි. (නදී)
දේශපාලනයෙන් තුරන් විය යුතු මේ වාගේ අයයි. මොවුන් නිසා පක්ෂයත් ජනාදිපති තුමාගේ නමත් කැත වෙනවා (නදී)
යහ පාලනය අවශ්‍ය මේ වගේ අය දේශපාලනයෙන් එලවන්න .(හේ)