ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා එම තනතුරින් ඉවත් කරමින් දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් සිල්වා මහතා 2013 ජනවාරි 23 වැනි දා නිකුත් කළ ගැසට් නිවේදනය ගාල්ල මහාධිකරණ විනිසුරු ඒ බී කේ හිරිඹුරේගම මහතා අද බල රහිත කළේය.
මෙත්සිරි සිල්වා ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු නියෝජ්‍ය නගරාධිපති කැළුම් සෙනවිරත්න නගරාධිපති ධුරයේ වැඩ බැලුවේය. මහා ඇමැතිගේ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලමින් මෙත්සිරි සිල්වා මහතා ගාල්ල මහාධිකරණයේ නඩු පැවැරීය.
මහා අමැති, හිටපු පළාත් පාළන කොමසාරිස් ඇතුළු පිරිසක් නඩුවේ වගඋත්තරකරුවෝ වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍ය ජය ගනී (දී)
කෙලින් වැඩ කරන අපේ නගරදිපති තුමා නගරවාසී අපට ජයවේවා (අ)
මාත් සර්ගේ ගෝලයෙක්, අපි දන්නවා සර් ගාල්ල ලස්සන නගරයක් කරන්න උර දුන්න බව. ඉහට වහල නිල් අහසයි පයට උරුම තණ පළසයි මහ මග අප සිරි විමනයි බොරළු පොළව මුතු පලසයි... මෙය වෙනස් කළ යුතු බව ආර්ථික විද්‍යාව උගන්නන අතරෙ සර් කිව්වා මට මටතකයි.... මගෙනුත් සුභ පැතුම් සර්! (ස)
මාගේ ආදරණිය ගුරු බවතාණෙනි ඔබට සැමදා ජය! (නදී)
ඔබ ට ජය අපිට සතුට -ගාල්ලට හොද කලක් -ඔහොම යන් (නදී)
ඔබට ජයෙන් ජයම වේවා! (නි)
ගාලු නාගරික ජනතාව හැමදාම ඔබ ඉහළින් තබන්නට අමතක නොකළහ. සැමදා මිනිසුන් ඔබ සමඟ විය. (නි)
ඔබට ජය! (නි)
ඔබ උගුලක සිරව ඇත. ධනවාදයෙන් ඔබට පිළිතුරක් ඇතොත් එයද සුමිහිරි නොවනු ඇත.හොරෙක් යන කිළිටි නාමයෙන් ගැළවීමට ලැබීම ගැන අපමණ සතුටට පත්වීමි. ගුරුතුමනි, ඔබට ජය! (නි)
මා ඔබතුමා ගැන කිසිවක් දන්නේ නෑ, නමුත් ලැබී තියෙන අදහස් අනුව ඔබතුමා බොහොම හොඳ කෙනෙක් පාටයි . ඔබ තුමාට සාධාරණයක් ඉටු වීම ගැන මගේ ද අවංක සන්තෝෂය හා ප්‍රණාමය. (ස)
ගරු නගරාධිපතිතුමනි, ඔබට සුභ පැතුම් ! (නි)
පුනරාගමනය කල මැනවි (දී)
සුබ පැතුම් සර්..., ආර්ථික විද්‍යාව විතරක් නෙවේ, ජීවිතයත් ඉගෙන ගත්තේ ඔබ තුමාගෙන්. ඔබ වැනි නායකයන් තවත් පහල වේවා.... ඔබට ජය....!! (දී)
ඔහොම තමයි සර් සර් කියපු විදියටම ඇත්ත කවදා හරි ජයගන්නවා සියලු විරුද්ධ වාදීන් හොල්මන් වෙන වැඩ ටිකක් කරල පෙන්වමු . පුලුවන්නම් ඔබතුමාගේ ආදි සිසුන් ගේ හමුවක් තියමු කාටත් පොදුමේ ආරධනා කරමු අපි ඔබ සමගයි. (දී)
ඔබට සුභ පැතුම්! (නි)
ඔබතුමාට චෝදනා කරමින් දුශිතයා කියමින් හංවඩු ගහපු අයට කට වහගන්නට අදිකරනේය විසින් ලබාදුන් නඩු තීන්දුවේ දුෂිතයන්ට මේ රජය තුල අවස්ථාවක් නැහැ යන්න පෙන්වමින් මෙත්සිරි සිරි මැතිතුමාට නිවැරදි නඩු තීන්දුවේ ලබාදුන්නා.නතර කරපු තැනින් දැන් වැඩේ පටන් ගනිමු.ජයවේව!
හොරකම් කරලා වංචා කරලා නැති, ගාල්ලට වැඩක් කරපු, මිනිස්කමින්පිරි ඔබතුමා ගාල්ලට උතුම් සම්පතක්. සැමදා අපි ඔබ සමගයි මෙත්සිරි සර්.. ඔබට ජය..!!
නිහතමානී, අවංක, හොඳ පුද්ගලයෙකුට කවදත් කවුරුත් හොඳ කියනවා. ඉහත පල වී තිබෙන මහජන අදහස් මෙයට හොඳම උදාහරණයයක්. මගේ සුබ පැතුම්. !!!! (දී)
මගේ සුභ පැතුම්! සිදුවුණු දේ තුළින් ඔබ වටා සිටි අය ගැන හොඳ පාඩමක් ඉගෙන ගන්න. (ස)
හද පිරි සුභ පැතුම්! (ස)
නියමයි .....හොඳ තීරණයක්..මෙතුමා අවංකව වැඩකරපු,, වැඩ කරන්න පුළුවන් උගත් චරිතයක්..අපේ සර්ට සුබපැතුම්,,,,, (දී)
සත්‍ය හැම විටම ජය ගනී (දී)
මෙත්සිරි ද සිල්වා මහතා ඉවත් කිරීම ට හොඳ පිළිතුරක් ගාල්ල ආසනයේ ජනතාව පසුගිය පළාත් සභා මැතිවරණයේ සන්ධානය පරද කරමින් ලබා දුන්න. ඇත්තට එතුමා ගාල්ලට වැඩ කරපු කෙනෙක් . මෙහි වඩාත් විහිළු සහගත කාරණාව නම් දකුණු පළාතේ වැරදි වැඩ නිසා චෝදනා කර ඉවත් කල යුතු ප්‍රාදේශීය සභා හා නගර සභා ප්‍රධානීන් රාශියක් සිටියදී මෙතුමා වැනි පුද්ගලයෙක් ධූරයෙන් පහ කිරීමයි. (ස)
ඔබතුමා හොඳ ගුරුවරයෙක් අවංකව වැඩ කරන කෙනෙක්. මමත් ඔබතුමාගේ ගෙන් ඉගන ගත්ත. හොඳ තීරණයක්. මගේ සුබපැතුම්. (ස)
හොද නායකත්වයක්....... මොකද අර පනින කෙනා ඉන්නකම් ගාල්ල දිනන්න ආණ්ඩුවට ලේසි නෑ. මොකද ගාල්ලේ ඉන්නේ බත් කන මිනිස්සු. (ස)
ජයවේවා! (දී)
සුභපැතුම් (දී)
සුභ පැතුම් ඔබතුමාට......... (දී)
අපි ඔබ සමඟයි. ජයවේවා! (නි)
එතුමා මගේ ආර්ථික විද්‍යා ගුරුතුමා ,ඒ දැනට අවුරුදු 24 කලින්. ඒ කාලෙත් එතුමා ළඟ හරිම නැවුම්, වටිනා සංකල්පනා තිබුනා. දැන් වගේම අවංකව ඉදිරියට ගියොත් වටිනා අනාගතයක් උදා කර ගන්න පුළුවන් . ඔබට ජය !!!!! (දී)
මමත් සර්ගෙන් ඉගෙන ගත්ත 1985 දී. ඔබට මගේ සුබ පැතුම් ! (නදී)
ඉතාමත් සන්තෝෂ පුවතක් (දී)
අපි ඉගෙන ගත්තේ සර්ගෙන් සුභපැතුම් (දී)
ඔබ තුමන්ට අවංකව සේවය කරමින් චිරාත් කාලයක් ජනතාවට සේවය කිරීමට ලැබේවා (දී)
මෙච්චර ගුණ වනන කෙනෙක් ගැන මම අහලා නෑ. මමත් ගාල්ලේ. රට දියුණු කරන්න සර්ට පුළුවන් වේවා!!(දී)
සුභ පැතුම් (දී)
සත්‍ය ජයගනී ......! අවංක නිහතමානී මහත්මයාට හෘදයාන්ග සුබපැතුම්. (දී)
ඔබ නැවත පත්වීම ගාල්ලේ ජනතාව ලැබූ ලොකු ජයග්‍රහණයක් .මෙත්සිරි මහත්මානෙනි ! සත්‍ය මේව ජයතේ ! සත්‍ය ජයගත් මොහොතක් .අපේ ගාල්ල දියුණු කිරීමට ඔබට ධෛර්ය, වාසනාව.හා ශක්තිය ලැබේවා !!! (දී)
ගාල්ලට යලි හිරු පායාවි (දී)
උගත් බුද්ධිමත් නායකයෙක් ,, සුබපැතුම් ..! (ස)
ඔබට ජය..!! (ස)
මෙත්සිරි නැතුව පාලු වෙලා තිබුණ ගාල්ල යළි නැගිටියි.දැනට ඉන්න ජන පීඩත තකතීරු පාලනය අතු ගෑවෙයි.මේක නියම ජනතා ජයග්‍රහනයක්.එය රැකගන්න රොක් වෙමු (දී)
වටිනවා (දී)
සත්‍යය කවදා හෝ ජය ගන්නවා.හොර මැර දූෂණ වංචා වලින් තොරව තව තවත් ගාලු ජනතාවට සේවය කිරීමට ඔබ තුමාට හැකි වේවා.(දී)
"ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී" ගුරුතුමාණනි, ඔබට සුභ පැතුම්! (අ)