
(*** සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුව රැස්වන දිනවලදී මන්ත්‍රීවරුන්ට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කිරීමට එහි ප්‍රධානීන් තීරණය කර ඇත.
ජංගම පරීක්ෂණ රථයක් පාර්ලිමේන්තු පරිශ්‍රයට කැඳවා මෙසේ පරීක්ෂණ කිරීමට අදහස් කර ඇතැයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.
මන්ත්‍රීවරුන් කැමැති නම් පමණක් ඒ පරීක්ෂණවලට සහභාගි විය හැකි බවද ඔහු කීය.
පාර්ලිමේන්තු ප්‍රධානීන් මේ තීරණය ගෙන ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සැලකිල්ලට ගෙනය.
මේ අතර පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කොරෝනා පරීක්ෂණවලට අහඹු ලෙස යොමු කිරීමට තීරණය කර ඇතැයි ද වේත්‍රධාරිවරයා පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා පාර්ලිමේන්තු සේවකයෝ 1400 දෙනෙක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගිය දිනවලදී පීසීආර් පරීක්ෂණවලට යොමු කරනු ලැබූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හය දෙනෙක් කොවිඩ් වයිරසයට පසුගිය දිනවලදී ගොදුරු වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි එතනට විතරක් විශේෂයක්? එහෙම නම් රටේ අනිත් තැන්, කාර්යාල, පාසල් ගාවත් එසේ කළ යුතුයි. ඒවට එන්නේ බහුතරයක් පොදු ප්‍රවාහන සේවයන් පාවිච්චි කරන අය. ඒ අයයි දැඩි අවදානමක ඉන්නේ... මේ අයට කිසිම විශේෂයක් අවශ්‍ය නැහැ. මහජන මුදලින් නඩත්තු වන අයට තවත් වියදම් කළ යුතු නැත.
මම නම් අහලා තියෙන්නේ හරක්ට මේ ලෙඩේ හැදෙන්නේ නැහැ කියලා...
පාර්ලිමේන්තුවට ගෙනැල්ලා දුන්නු පැණියයි, වයිට්ගේ මුට්ටියයි, සුමනෙගේ පැණියයි ගෙනැල්ලා 225ට දෙන්නේ මොකටද රන්ජන්...?