(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ බස්රථ බොහොමයක ප්‍රදර්ශනය කර තිබු "පාර්ලිමේන්තුව" යනුවෙන් සඳහන් සෙංකෝලය සහිත යෝධ "ස්ටිකර්ස්"ද පසුගිය දිනවල ඒවායින් ඉවත් කර ඇතැයි වාර්තා වේ.
පවතින වාතාවරණය යටතේ එම බස් රථවල සහ ඒවායේ ගමන් ගන්නා පාලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන ඉහත පියවර ගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි.
බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහනවල සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ගමන් ගන්නා ලංගම බස් රථවල ඉදිරිපස වීදුරුවල ප්‍රදර්ශනය කර තිබු පාර්ලිමේන්තුව ලෙස සඳහන් කුඩා ස්ටිකර්ද ආරක්ෂක පියවරක් ලෙස පසුගිය දිනවල ඉවත් කෙරිණ.
පාර්ලිමේන්තුව යනුවෙන් සඳහන් වාහනවලට විවිධ පාර්ශවවලින් තර්ජනයක් පවතින බවට ආරක්ෂක බුද්ධි අංශ විසින් හෙළිදරව් කරන ලද තොරතුරු පදනම් කරගෙන පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් ඉහත ක්‍රියාමාර්ගය ගනු ලැබ ඇත.
මේ අතර පසුගියදා නුවරඑළියට ගිය පාර්ලිමේන්තුවේ බස් රථයක් නැවත පැමිණීමේදී යම් තර්ජනයක් ඇතිවේයැයි ඇතිවූ සැකය මත එම බසයේ රියදුරු විසින් පොලීසියෙන් ඒ ගැන විමසීමක් කරනු ලැබ ඇතැයි දැනගන්නට ඇත.
රජයට එරෙහිව උද්ඝෝෂණයන්හි නිරත උද්ඝෝෂණකරුවෝ පිරිස් පසුගිය දිනවල පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශයන්හිද විරෝධතාවල නියැලුණහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd