
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන නව මිල ගණන් ලබන මස 1 වෙනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා මාසික කෑම බිල 1500 සිට රුපියල් හාරදහසක් දක්වාද විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයකු සඳහා මාසික කෑම බිල 1000සිට රුපියල් 2500ක් දක්වා ද වැඩි කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව පසුගියදා තීරණය කළේය.
මේ අතර පාර්ලිමේන්තු මහජන භෝජනාගාරයෙන් ආහාර මිලදී ගනු ලබන මන්ත්‍රීවරුන්ගේ රියදුරන් පොලිස් නිලධාරීන් ජනාධිපති සහ අගමැති ආරක්ෂක අංශවල නිලධාරීන් සහ මාධ්‍යවේදීන්ගෙන් දැනට ආහාර සඳහා අය කරනු ලබන ගාස්තු තවදුරටත් නොවෙනස්ව පැවතිය යුතු බවටද
එම කාරක සභාව තීරණය කර ඇත.
2025 නොවැම්බර් මස 04
647
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැතිසබේ කෑම නව මිල ගණන් 1 වැනිදා සිට
Lalla Tuesday, 27 May 2025 01:31 PM
මැතිසබේ සේවක නිලධාරී දෙගොල්ලන්ම පිනට වලඳන අය නේද? මේ කියන මුදලට සාමාන්‍ය ආහාර වේල් දහයකට වඩා මිලට ගන්න බැහැ. ඇයි මේ සේවකයින්ට පිනට ආහාර දෙන්නේ...? මන්ත්‍රීලාට කෑම දෙන නිසාද? ජුගුප්සාජනක ක්‍රියාවක්...!
වලේසුදා Tuesday, 27 May 2025 01:56 PM
බැලුවම නිකම් කනවා වගේ. පාර්ලිමේන්තුව කියන්නේ කාටත් ක්ෂේම භූමියක්... සාමාන්‍ය ජනයාට හැර...
ගුණරත්න Tuesday, 27 May 2025 05:27 PM
අපට එක දවසකට 1000ක් විතර යනවා. ඒකත් යන්තම් කවර් කරන්නේ, මොවුන් දවසක වියදම රුපියල් 100ට අඩුයි...