‘රාජ්‍ය අධ්‍යාපනයට වෙන් කරන මුදල් කපා දමා පෞද්ගලික අධ්‍යාපන කොම්පැනි සඳහා මුදල් වෙන්කර තිබෙනවා. අපි අධ්‍යාපනය පෞද්ගලීකරණයට විරුද්ධ වෙන්නේ අපිට තිබෙන ඉරිසියාවට නෙමෙයි. අපේ හැම දිස්ත්‍රික් නායකයෙක්ම විශ්ව විද්‍යාලයට ගිය අය. අපිට වැඩ බැරි නෑ. ඔබතුමාලා ලක්ෂ අටක ණයක් දෙන්න හදනවා උපාධි කරන්න. මුදල් නැති සිසුවකුට ස්ලිට් එකට යන්න බෑ. සයිටම් කියන එක දූෂිත ගනුදෙනුවක් ඒක රාජපක්ෂලාගේ තක්කඩි ආයතනයක්. (මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ ප්‍රබල පුද්ගලයකුගේ නමක් කියයි...) රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනය කරලා ඒ ඇට කටු ගෙනච්චෙත් සයිටම් එකට. කිරිඇල්ල ඇමැතිතුමා දැන් ඒකට කරගහලා. ඒ කුණු කඩේ ස්ලිට් වගේ ආයතන එක්ක එකට තියන්න බෑ‘ යැයි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
‘සල්ලි තියෙන ළමයා ආණ්ඩුවේ විශ්වවිද්‍යාලයට ගත්තේ නැති වුණාම දුකක් නෑ. සල්ලි නැති ළමයාට දැනුම අහිමි කරනවා. නොමිලේ අධ්‍යාපනය කියන්නේ මුදල් නැතත් දැනුම හිමි කියන එක. මුදල් නැති නිසා විශ්වවිද්‍යාලයට යන්න බැරිවෙනවානම් ඒක ලොකු දුකක් ඒ ළමයාට. මම අධ්‍යාපන ඇමැතිතුමාට කියනවා අපේ විශ්වවිද්‍යාල අධ්‍යාපන මට්ටම ආසියාවට සාපේක්ෂව හොඳ තත්ත්වයක තිබෙනවා. දක්ෂයන්ට උපාධි ආයතන හදන්නැතුව යන්තම් ඉසෙඩ් එක දාගන්න අයට උපාධි දෙන්න හැදීම හරියට ටොයෝටා වගේ හොඳ බ්‍රෑන්ඩ් හදන ජපානේ මරුටි වගේ වාහන හදන තත්ත්වයට පත්වෙනවා වගේ. තව කියනවානම් සිලෝන් ටී වෙනුවට කසල තේ හදනවා වගේ. මේ අධ්‍යාපන පෞද්ගලීකරණයෙන් අපේ රටට කිසිම සෙතක් නෑ. අඩුම ගණනේ දකුණු ආසියාවේවත් පෞද්ගලික අධ්‍යාපනය සාර්ථක වී නෑ. සයිටම් එක ගැන වාර්තාවක් ගන්න හදපු කමිටුවේ ඉන්නවා චතුර සේනාරත්න මන්ත්‍රීතුමා. සමන්ගී මනතුංග කියන්නේ සයිටම් ශිෂ්‍යාවක්. අපිට තිබෙන තොරතුරු අනුව ඒ චතුර මන්ත්‍රීතුමාගේ බිරිඳ. එතුමා කොහොමද වාර්තාවක් දෙන්නේ. මේ රටේ වෛද්‍ය සභාව පිළිනොගන්නා සයිටම් ආයතන ගැන තීරණයක් ගන්න‘ යැයි ද මන්ත්‍රීවරයා කීවේය.
‘වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න තිබෙනවා. නමුත් රජයේ වෛද්‍යවරු ගැනත් ප්‍රශ්න තිබෙනවා. වම් කකුල වෙනුවට දකුණ කකුල කපපු අය ඉන්නවා. වකුගඩු ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරු ඉන්නවා. මේ අය හැදුවේ රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් නෙමෙයිද? පුහුණුව වැදගත් කොතැනින්ද පුහුණුව ලැබුවේ කියන එක නෙමෙයි. සෑම දරුවකුටම අධ්‍යාපනය ලබාදීම රජයේ අපේක්ෂාවයි. ඒක සපයන්නේ කවුද කියන එක වැදගත් නෑ. මම සභා ගැබට එනකොට සේවක විදුලි සෝපානයට නැග්ගා. මන්ත්‍රීවරුන්ට වෙන එකක් තිබෙනවා. සේවක පිරිස ඇහුවා ඔබතුමා මේකට නැග්ගේ ඇයි කියලා. නමුත් මම කිව්වා සෝපානය නෙමෙයි වැදගත් ඒකෙන් කෙරෙන කාර්යය එකයි කියලා.‘ යැයි නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මැතිසබේ එසැණින්