‘සාමාන්‍ය පෙළ ගණිතය සමත් නොවී උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථාව දෙනබව අධ්‍යාපන ඇමැති කිව්වා. නමුත් ගණිතය දැනුම අත්‍යවශ්‍යයි. සංගීතය කරන්නත් ගණිත දැනුම අවැසි බව අමරදේවත් කිව්වා. අපට වියුක්ත චින්තනය අවශ්‍යයි. ගණිතයෙන් තමයි අපිට සංකල්ප දෙන්නේ. මම ගරු ඇමැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා, ගණිතය නැතුව දරුවෝ උඩට ගිහින් වැඩක් නෑ. හිතන්න බැරි නම් දරුවන්ට තේරුමක් නෑ. අවුරුදු 11ක් පාසල් ගිහින් ලකුණු 35ට වැඩිය ගන්න බැරිව ළමයින් අසමත්වීමට විසඳුම ඒක නෙමෙයි. මේ රටේ අධ්‍යාපනයේ මට්ටම රැකිලා තිබෙන්නේ ගණිතය නිසා. ඒ නිසා ඔය දේ කරන්න එපා. ඒක අධ්‍යාපනයට මරු පහරක්. ගණිතය නැතුව ක්‍රිකට් ගස්සවන්නවත් යවන්න එපා‘ යැයි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඊට පිළිතුරු දුන් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ ගණිතය විෂය අත්‍යවශ්‍ය උසස් පෙළ විෂයයන් සඳහා ගණිතය සමත් වීම අනිවාර්ය බවත් රොබෝ තාක්ෂණය වැනි වැඩ මූලික කරගත් විෂයයන් සඳහා ගණිතය සමත්වීම අනිවාර්ය නොකළ බවත්ය.
‘අවුරුදු 10කට පස්සේ ඔබතුමාට පෙනෙයි මම අධ්‍යාපනයට වළක් කපලා තිබෙන්නේ කියලා. කරුණාකර ගණිත මහාචාර්යවරු කැඳවා තීරණයක් ගන්න.‘ යැයි බිමල් රත්නායක මහතා සඳහන් කළ අතර ‘ලෝකයේ දියුණු අධ්‍යාපන ක්‍රම සොයා බලා තමා අපි තීන්දු තීරණ අරගන්නේ. ‘ යැයි අධ්‍යාපන ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොබෝතාක්ෂණයට ..ගණිතය අවශ්‍ය නැහැ කියල ඇමති තුමා සහ රිෂාන් කියනවා ..මම අහනවා ඔයාලගෙන් රෝබෝතක්ෂණයට කොම්පියුට සයන්ස් ඕනිද කියල...ඒ මොකද කොම්පියුට සයන්ස් වලට ගණිතය අවශ්‍යයි. මේ මිනිස්සු කියයි ඕනි නැහැ කියල. (ම)
බිමල් මහත්තයෝ පොඩ්ඩක් ඔය ඉන්න ලිඳ ඇතුලෙන් එලියට ඇවිල්ල ලෝකේ දිහා බලන්න. හිතල වැඩක් කරන්න ගණිතයම ඕනේ නැහැ.ගණිතය හෝ සාමාන්‍ය පෙළ අසමත් කොයි තරම් පිරිසක් අද අනිත් ක්ෂේස්ත්‍ර වලින් ඉදරියට ඇවිල්ල තියෙනවද බලන්න. පැහැදිලිව කියල තියෙන්නේ ගණිතය අනිවාර්ය විෂයයන්ට ඒ තැන දෙනවා කියල. මම නම් කියන්නේ අපේ විශ්වවිද්‍යාල වලින් දෙන උපාධි පවා යාවත්කාලින කරන්න වෙනවා අනිත් රටවල් එක්ක බලන කොට. (බ)
රොබෝ තාක්ෂණයට ගණිතය ඕනේ නෑ කිව්වා? (හේ)
කවර ක්ෂේත්‍රයකින් ඉගෙන ගත්තත් ගණිත දැනුම සහ සමාජය ගැන දැනුම අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා තමයි වෙනත් රටවල ගණිත විෂය සියලු විෂය ධාරාවල තියෙන්නෙ.(ම)
ගණිතය අනවශ්‍ය එකම රැකියාව මන්ත්‍රීකම. (නි)
හරියටම හරි. නියමයි (නි)
රොබෝ තාක්ෂණය වැනි වැඩ මූලික කරගත් විෂයයන් සඳහා ගණිතය සමත්වීම අනිවාර්ය නොකළ බවත්ය. පේනවාද ඇමැතිතුමගේ ටිකිරි මොලේ තරම!!!! රොබෝ තක්ෂනයට ගණිතය ඕනෙ නෑ!!! (ම)
ගණිතය නෙමෙයි ඔලුව නැත්තත් පාර්ලිමේන්තු යන්න පුළුවන් එකම රට ලංකාව (ම)
ගණිතය උගෙනීමෙන් මිනිස්සුන්ගේ තර්කන හැකියාව වර්ධනය වීම ඡන්දය ගන්න බාධාවක්..එම නිසා ගණිතය අවශ්‍ය නැහැ...(ම)
මෙයත් රොබෝ තාක්ෂනය කියන්නේ මොකක්ද කියල කාගෙන්හරි අහගත්තා නම් හොදයි (හේ)