වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට ඇන්ජලෝ මැතිව්ස් තීරණය කර තිබේ.
සිම්බාබ්වේ පිල හමුවේ ලැබූ දරුණු පරාජය පසුබිම් කර ගනිමින් ඔහු මෙම තීරණයට එළඹ ඇත.
ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඇන්ජලෝ මැතිව්ස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද පස්වරුවේ සාකච්ඡා කර ඇති අතර මැතිව්ස්ගේ තීරණයට තේරීම් කමිටුව එකඟ වී තිබේ.
ඒ අනුව සිම්බාබ්වේ පිලට එරෙහිව ලබන සිකුරාදා (14) ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟයේදී වෙනත් ක්‍රීඩකයකු විසින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබනු ඇත. දැනට වාර්තා වන පරිදි එම අවස්ථාව රංගන හේරත්ට පැවැරෙනු ඇතැයි කියැවේ. එහෙත් උපුල් තරංග සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනාගේ නම් ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වී තිබේ.
මැතිව්ස් අද (12) පෙරවරුවේදී කණ්ඩායමේ ක්‍රීඩකයන් හමුවීමෙන් පසුව සිය තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට සූදානමින් සිටින බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන් නුසුදුසු කියාලා දැනෙනකොට හරි නායකයෙක් ඉල්ලා අස්වෙනවා. ඒ අතින් අපි මැතිව්ස්ට අපේ ප්‍රණාමය පුදකරනවා. හැමෝම මැතිව්ස් වගේ වෙනවානම් කොච්චර අගේද?
හොඳ අදහසක්
ගොඩක් ස්තුති, දැන්වත් තේරුම් අරගෙන ගීය එක ලොකු දෙයක්, දැන් ඉතින් ඩිල්ෂාන්ට කරා වගේ නැතුව, අලුත් නායකයාට උදව් කරන ඉන්න.
1996 පසුව අද තමයී ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සතුටුම දවස
හොද තීරණයක්. නායකයෙක් විධියට සාර්ථක අවස්ථා කීපයක් තිබුනා මහේල සංගා ටීම් එකේ ඉද්දි. ඊළඟට නායකත්වයට සුදුසු කෙනෙක් හිතන්න අමාරුයි. තේරීම් කමිටුව කෙටිකාලින තීරණ ගැනීම තමයි මේ හැමටම මුල.
ඔය ක්‍රීඩාව රටෙම්ම තුරන් වෙනවානම් පීඩිත ජනයාට සහනයක්....
උපුල් දිනේෂ් ගෙදර යන්න
දක්ෂ ක්‍රීඩකයකු වුවද රටට අවශ්‍ය ප්‍රමාණයේ නායකයකු වූ බවක් පෙනෙන්නට නොතිබිණි.
තරගාවලියක් පරාජය වුන නිසා නායකයා ඉල්ලා අස්විය යුතුම නැහැ. ඒ වගේම මැතිව්ස්ගේ නායකත්වයේ ලොකු දුර්වලතාවයක් ප්‍රේක්ෂකයන් වශයෙන් අපට පෙනෙන්නේ නැහැ.
ලොකු දෙයක් දැන්වත් තේරුම් ගත්ත එක.
හමුදා පුහුණුව දෙන්න වෙයි ඔහොම යනකොට. කට්ටියගේ ඔලුව ඉදිමිලා
යාන්තම් ඇති එයා අස්වුණා. දැන් ඉතින් හොඳ නායකයෙක් හොයාගන්න වෙනවා බින්දුමාල් හැර.
දයාසිරිත් ඉල්ලා අස්වෙලාද? දන්නා කෙනෙක් කියනවද?
මැතිව්ස් විතරක් නෙවෙයි මුළු ක්‍රිකට් බෝර්ඩ් එකම ඉල්ලා අස්වෙන්න ඕනේ මේ කරපු දේවල් වලට
මට හිතෙන්නේ දයාසිරි ඇමැතිතුමාත් ඉල්ලා අස්වෙසි.
දෙපැත්තටම හොඳ තීරණයක්...මෙතෙත් බිහි වූ අසාර්ථකම නායකයා.......
මැතිව්ස්ගේ හොද තීරණයක්. දැන්වත් කණ්ඩායමේ ඉන්න පරිණතම පුද්ගලයා වන උපුල් තරංගට නායකත්වය දෙන්න.
ඔබේ මෙම තිරණය ඔබටත් රටටත් ක්‍රිකට් ක්‍රීඩාවටත් ඉතාමත් යහපත් තිරණයකි.
ක්‍රිකට් මාෆියාවේ හුඟ දෙනෙකුට අවශ්‍ය වෙලා තිබුදෙයක්. හුඟක් කණගාටුයි මැතිව්ස් ඔබේ සේවය ලංකාවට ඕනේ
රට වෙනුවෙන් මේක අපේ රටේ ඉන්න අනිත් නායකයොත් ආදර්ශයට ගත්තනම් තමා හොද.
දැන් අපේ ආණ්ඩුවයි ,ක්‍රිකට් කණ්ඩායමයි දෙකම එක වගෙයි
කාලෙකින් අහන්න ලැබුන හොඳ ක්‍රිකට් ප්‍රවෘතියක්. නායකත්වය දුර්වල වුනහම අනෙක් හැමදේම පරහට හිටිනවා. නායකත්ව ගුණාංග තියෙන දක්ෂතාත් තියෙන කෙනෙක් දැනටනම් කණ්ඩායමේ නැහැ වගේ. එහෙම කෙනෙක් සොයාගන්න හැකිවේවා !!!
කතාවක් තියෙනවා මෙයා ඉවත් වුනේ චාර්ලි ඔස්ටින්ගේ උවමනාවට චන්දිමාල් නායකයා කරලා චන්දිමාල් ඇතුලට ගන්න කියල
ඉතා හොද තීරණයක් තමාට නායකත්වය දැරීමට අපහසුනම් ඉවත්වීම . අලුත් නායකයෙක් ( නායකත්වයට සුදුසු කෙනෙක් ) යටතේ පරාදය අමතකකර නැවතත් කණ්ඩායම් හැගීමෙන් ඉදිරියට යාමට කටයුතු කරන අතර අපගේ ලංකාමාතාවට නැවතත් කිර්තිය ගෙන ඒමට ඔබ සැමට ඉඩකඩ ලැබේවා. තව එක කරුණක් කීමට සිතමි. ඔබ සියලුදෙනාම ( රටේ ඉන්න දේශපාලුවන් ඇතුළුව ) හැමදෙනෙක්ම අඩුතරමින් කෑමබීම පවා ලබන්නේ අපගේ ජීවිතවල හොදම කාලය සහ අපගේ ලේ දහදිය කදුළු හලා අමාරුවෙන් උපයාගෙන අපගේ ආදරණිය ලංකා මාතාවට එවන මුදලින්බව අමතක නොකරන්න. ඔබ සැමට ජයෙන් ජයම වේවා .
ඕවා බොරු කතා චන්දිමාල් කණ්ඩායමේත් නැතුව කොහොමද නායකයා වෙන්නේ?
මැතිව්ස්ගෙ පන්දු යවන්නන් යෙදවීමේ සහ පිටිය සකස් කිරීමේ අඩු පාඩු ඇති. ඒත් ඔහු බුද්ධිමත් නායකයෙක්. මාධ්‍ය හමුවලදී ඔහු පිළිතුරු දෙන්නේ ඉතාමත් බුද්ධිමත්ව. ඔහුගේ තැන ගන්නට සුදුසු කෙනෙක් දැනට කණ්ඩායමේ නෑ. තරඟ පැරදුණාට නායකයා අස්විය යුතු නෑ. ඕස්ට්‍රේලියා - බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලියක කොදෙව් කණ්ඩායම 5 - 0 ලෙස ඕස්ට්‍රේලියාවට පැරදුණා. ඒත් එවකට නායකත්වය දැරූ ක්ලයිව් ලොයිඩ් නායකත්වයෙන් අස් වුනේ නෑ. කවුරුවත් අස් වෙන්න කීවෙත් නෑ. මොකද ක්ලයිව් ලොයිඩ්ගේ තරම කවුරුත් දන්නා නිසා. ක්‍රීඩකයෝ කැච් අත හරිනවාට හොඳට බැට් නොකරනවට නායකයාට කරන්න දෙයක් නෑ.
ඔක්කොම පන්දමට තමා තීරණය වෙන්නේ....
මැතිව්ස් ක්‍රීඩකයෙක් හැටියට දක්ෂ උනාට නායකයෙක් හැටියට ගොඩක් දුර්වලයි. නායකයකුගේ තියෙන දුර දක්නා නුවන, අවස්ථාවට ඔබින විදියට ක්‍රීඩකයන් හැසිරවීම ඔහුට අමාරුයි. මාධ්‍ය ඉස්සරහ හොඳට කතා කරන්න පුළුවන් වීම පමණක් නායකත්වයට සුදුසුකමක් නොවෙයි.