එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධාන ආධාරකරුවකු බව කියන තුෂාර දේවාලේගම මහතා රත්නපුර දෑල, නොරගල්වත්තේදී සඳුදා රාත්‍රියේ කිසියම් පිරිසකගේ පහරකෑමට ලක්ව මියගොස් ඇතැයි පොලිසිය කියයි.
37 හැවිරිදි දෙදරු පියකුවන දේවාලේගම මහතා තලතා අතුකෝරළ මහත්මියගේ මැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා යතුරුපැදියකින් යමින් සිටියදී මෙම පහරදීම සිදුව ඇතැයි කියති.
මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සිදුවූ පළමු මනුෂ්‍ය ඝාතනය මෙය බවත් මීට පෙර අනුරාධපුරයේ හා කුරුණෑගල කටවුට්වලට හානි කිරීම වැනි සිද්ධීන් වාර්තාවූ බවත් මැතිවරණ කටයුතු නිරීක්ෂණයේ යෙදෙන ‘කැෆේ‘ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
ඡායාරූප - ලසන්ත නිරෝෂණ පෙරේරා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා ඡන්ද වැඩ පටන් අරගෙන වාගෙයි (ම)
පරණ පුරුද්ද අත හැරලා නැහැ වාගේ. (ම)
එදා කහවත්ත අද දෑල. (බ)
හිටපු ජනාධිපතිතුමාගේ කට්ටිය මැර වැඩ නැතිව දේශපාලනය කරන්න බැරිබව මෙවරත් ඔප්පු කරලා තියෙන හැඩයි. තව ජීවිත කීයක් මේ ඡන්දය නිසා නැති වෙයිද කියල බලමු (බ)
දැන් ඉතින් ගෙදර ස්වාමියා බිරිඳ ගහ ගත්තත් කිර්ති ගොයියා ඒවත් එකතු කරන්නේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ලැයිස්තුවට..ගොඩ වැඩිවුණු තරමට තමයි (ම)
හිටපු ජනාධිපතිතුමා කළේ රට පුරා මැර වැඩ කරපු අය මර්ධනය කළ එකයි (නදී).
ඇත්ත නැත්ත එලියට එයිනේ (නදී)
තලතා මැතිනියගේ ආදර කරුවෙක් වූ සැනින් මෙය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස දක්වන එක වැරදියි.. සමහරවිට මෙය පුද්ගලික හේතුවක් වෙන්නත් පුළුවන්. (නදී)
පසුගිය අවුරුදු 10 පුරාවට වපුරපු විසබීජ වල ප්‍රතිපල තමා අප මේ අත්විදින්නේ. (හේ)
එතකොට විරුද්ධ පැත්තේ වෙන ඕනෑම දෙයකට වග උත්තර කියාවිද? (ම)
හිටපු ලොක්කව පත් කර ගතහොත් රට කිරියෙන් පැණියෙන් උතුරාවී. (ම)