එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධාන ආධාරකරුවකු බව කියන තුෂාර දේවාලේගම මහතා රත්නපුර දෑල, නොරගල්වත්තේදී සඳුදා රාත්‍රියේ කිසියම් පිරිසකගේ පහරකෑමට ලක්ව මියගොස් ඇතැයි පොලිසිය කියයි.
37 හැවිරිදි දෙදරු පියකුවන දේවාලේගම මහතා තලතා අතුකෝරළ මහත්මියගේ මැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා යතුරුපැදියකින් යමින් සිටියදී මෙම පහරදීම සිදුව ඇතැයි කියති.
මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සිදුවූ පළමු මනුෂ්‍ය ඝාතනය මෙය බවත් මීට පෙර අනුරාධපුරයේ හා කුරුණෑගල කටවුට්වලට හානි කිරීම වැනි සිද්ධීන් වාර්තාවූ බවත් මැතිවරණ කටයුතු නිරීක්ෂණයේ යෙදෙන ‘කැෆේ‘ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
ඡායාරූප - ලසන්ත නිරෝෂණ පෙරේරා
2025 දෙසැම්බර් මස 18
89
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
141
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
942
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිවරණයට වැඩ අල්ලයි
සී.කේ.ලංකාපුත්‍ර Tuesday, 30 June 2015 06:45 AM
එතුමා ඡන්ද වැඩ පටන් අරගෙන වාගෙයි (ම)
සේන Tuesday, 30 June 2015 07:09 AM
පරණ පුරුද්ද අත හැරලා නැහැ වාගේ. (ම)
සුනිල් Tuesday, 30 June 2015 07:27 AM
එදා කහවත්ත අද දෑල. (බ)
ලාල් Tuesday, 30 June 2015 07:29 AM
හිටපු ජනාධිපතිතුමාගේ කට්ටිය මැර වැඩ නැතිව දේශපාලනය කරන්න බැරිබව මෙවරත් ඔප්පු කරලා තියෙන හැඩයි. තව ජීවිත කීයක් මේ ඡන්දය නිසා නැති වෙයිද කියල බලමු (බ)
පිවිතුරු යහපාල Tuesday, 30 June 2015 07:33 AM
දැන් ඉතින් ගෙදර ස්වාමියා බිරිඳ ගහ ගත්තත් කිර්ති ගොයියා ඒවත් එකතු කරන්නේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ලැයිස්තුවට..ගොඩ වැඩිවුණු තරමට තමයි (ම)
රවී Tuesday, 30 June 2015 08:05 AM
හිටපු ජනාධිපතිතුමා කළේ රට පුරා මැර වැඩ කරපු අය මර්ධනය කළ එකයි (නදී).
විජයබාහු Tuesday, 30 June 2015 08:05 AM
ඇත්ත නැත්ත එලියට එයිනේ (නදී)
සජී Tuesday, 30 June 2015 08:07 AM
තලතා මැතිනියගේ ආදර කරුවෙක් වූ සැනින් මෙය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස දක්වන එක වැරදියි.. සමහරවිට මෙය පුද්ගලික හේතුවක් වෙන්නත් පුළුවන්. (නදී)
ශාම්න්ත වෙල්ගම Tuesday, 30 June 2015 09:19 AM
පසුගිය අවුරුදු 10 පුරාවට වපුරපු විසබීජ වල ප්‍රතිපල තමා අප මේ අත්විදින්නේ. (හේ)
දුමින්ද Tuesday, 30 June 2015 09:30 AM
එතකොට විරුද්ධ පැත්තේ වෙන ඕනෑම දෙයකට වග උත්තර කියාවිද? (ම)
ගාමිණි Tuesday, 30 June 2015 10:35 AM
හිටපු ලොක්කව පත් කර ගතහොත් රට කිරියෙන් පැණියෙන් උතුරාවී. (ම)