මැතිවරණ සීමා නිර්ණය කොමිෂන් වාර්තාව පිළියෙල කර අවසන් බව එම කොමිසම රනිල් වික්‍රමසිංහ අගමැතිට දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

එම වාර්තාව අගමැතිට පිළිගැන්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස එම කොමිසම මගින් ඉල්ලීමක් ද කර ඇති අතර ඒ වෙනුවෙන් ඉදිරි පාර්ලිමේන්තු සතියේදී දිනයක් ලබා දෙන බව අගමැතිවරයා දන්වා තිබේ.

කොමිෂන් වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්‍ෂ නායකයින්ටද කොමිසම සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බැවින් ඔවුන්ද සහභාගී කරගැනීමට හැකි දිනයක් වාර්තාව පිළිගැන්වීම සඳහා ලබාදීමට අගමැතිවරයා තීරණය කර ඇත.